CIDයේ 704 කට විදේශගතවීම තහනම්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    CIDයේ 704 කට විදේශගතවීම තහනම්

    CIDයේ 704 කට විදේශගතවීම තහනම්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ.

    මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක සුජීව රත්නායක මහතා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය පවුල ද සමග ඊයේ(24) දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.

    source