CID මාරුවෙන් නිදහස් උන පාතාලයේ ලොකු පැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ‘ලොකු පැටී’ පාතාලයා නිදහස්.. සතුටට ලොකු පාටියක්.. පාතාලයේ සැණකෙලි..

    collage.jpg


    ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී නමැත්තා බෙලරුස්හිදී අත්අඩංගුවෙන් පසුගිය දා නිදහස්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

    මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු මාසයේදී බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූයේ, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා විය.

    එරට ආගමන විගමන බලධාරීන් විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද සමගින් බව වාර්තා වේ.


    ඔහු මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද ඔහු රැගෙන ඒමට මත්තෙන් පසුගිය සතියේදී බෙලරුස් අත්අඩංගුවෙන් මෙසේ නිදහස්ව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඔහුගේ නිදහස් වීම සමරා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔහුගේ ගෝල බාලයන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර ඇති අතර ඩුබායි හිදී ඔහුගේ හිතවත් පාතාල කල්ලි සාමාජිකයන් විසින් සුපිරි සාදයක් ද පවත්වා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මේ අතර, කංජිපානි ඉම්රාන් ද මේ වනවිට බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස්ව ඇති බව අනාවරණය වේ.

    මෙම පුද්ගලයා බෙලරුස් අත්අඩංගුවේ සිටින අතරේ ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පියවර ගත් අතර ඔහුද පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කෙරිණි.

    – කීර්ති මෙන්ඩිස්
    Mawbima
     
    • Haha
    • Like
    Reactions: netudara and $onny

    gama22

    Well-known member
  • ඔය නිදහස් වෙලා තියෙන්නේ පාතාල නායකයෙක් යකෝ NPP කාරයෙක් නෙවෙයි🤣🤣🤣🤣
    ඒක දන්නවා උට්ටෝ...
    උබල රෙන රෙවිල්ලට හිත සැනසෙන්න දැම්මේ....
    ඇඩියාව නවත්ත ගන්න...
     

    Similar threads