මම නම් කලේ නෑ. හැබැයි මගේ යාලුවෙක් (එහෙමම නෙවෙයි.) මේකේ ඩිප්ලෝමා එක කලා.
එයා කියන්නේ MSc එකත් කරන්න වෙන සීන් එකක් මනෝ චිකිත්සක වරයෙක් (Councillor or Psychotherapist)වෙන්න නම්. සාමාන්‍යයෙන් ලංකාවේ මේ ෆීල්ඩ් එක තාම අලුත්. Bsc ඩිග්‍රි එක කලොත් ඉතින් lecturing වගේ තමයි ලු සෙට් වෙන්නේ.
මනෝ වෛද්‍යවරු හා මනො චිකිත්සකවරු කියලා දෙකොටසක් ඉන්නවා. මනෝ වෛද්‍යවරු කලින් සාමාන්‍ය MBBS වෛද්‍ය උපාධිය කරලා ඊට පස්සේ මනෝ වෛද්‍ය දැනුම ලබපු අය. එයාලා තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. මනෝ විකිත්සක වරයෙක් වෙන්න තමයි ඔය Psychology උපාධි වලින් පුලුවන්. ඒ වුනාට උපාධිය ලබපු පලියට මම හිතන්නේ නෑ චිකිත්සක වරයෙක් වෙන්න පුලුවන් වෙයි කියලා.
ලංකාවේ මනෝ වෛද්‍යවරු ජනප්‍රිය උනාට චිකිත්සකවරු නම් ජනප්‍රිය නෑ. තාම අලුත් ෆීල්ඩ් එකක් නිසා.
මේ ආයතනය නම් හොඳයි ලු. පොඩ්ඩක් ඒකට කතා කරලා දැනගන්න.