Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

    කාමර 150 ක අතිසුඛෝපභෝගී Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

    EaNHVav.jpg


    Covid – 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

    ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

    මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

    සංචාරක අංශය මුහුණ දී ඇති ව්‍යසනකාරී බලපෑමට අමතරව, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ධෛර්ය සම්පන්න උත්සාහය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී.

    මෙහිදී Citrus අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, බලධාරීන් විසින් මෙම නිකේතනය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් බවට යොදා ගැනීමෙන් අනතුරුව, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වෙමින් මෙම පරිශ්‍රය මුළුමනින්ම පවිත්‍ර කරනු ලබන බවයි.

    කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Waskaduwa Beach Resort PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය 2020 මාර්තු 23 සඳුදා දිනයේ දී කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට නියමිතය.

    මෙම තීරණය දැනුම් දෙමින් Waskaduwa Beach Resort PLC හි විධායක අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා විසින් Covid – 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී, යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ


    2cwOUVd.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මතකද එකෙක් කිව්වා හිල්ටන් හොටෙල් එක හරි නිරෝධායනයට අරගන්න ඕනි කියලා...
    උඩ දාගෙන ඌට ගැහුවා මතකද​
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    මතකද එකෙක් කිව්වා හිල්ටන් හොටෙල් එක හරි නිරෝධායනයට අරගන්න ඕනි කියලා...
    උඩ දාගෙන ඌට ගැහුවා මතකද​

    Tahike :lol:
    Hilton eke dunnoth bayyo kapothi :P