Cloud Space වලින් වැඩ ගමු.

Aug 31, 2012
36
27
0
Cloud Space වලින් වැඩ ගමු.

Cloud Space වලින් වැඩ ගමු.



Cloud Space එකක් කියන්නෙ ඉන්ටනෙට් එකේ හෝස්ට් කරල තියන පොඩි සර්වර් එකකින් දෙන පොඩි ගිගා බයිට් ගානක්. මෙ පොඩි ගිගා බයිට් ගාන උනත් ඉතින් වටින වෙලාවල් තියනාවා.

Cloud free Space දෙන ආයතන ගොඩක් තියනවා. ඒඅය දෙන්නේ 2GB 5GB පොඩි Space එකෙක් උනාට ඒකෙන් ගන්න පුලුවන් වැඩ ගොඩක් තියනවා.
වැදගත්ම දේ තමයි බැකප් තියා ගන්න එක. මොන දේ උනත් තමන්ගේ වැදගත් Files, FOlders හාඩ් එකේ තියාගෙන ඉන්නකොට හාඩ් එක ගියොත් ඉතින් පිස්සු හැදෙයි.
ඒ වගේ වෙලාවට තමයි මේ Cloud Space ඕන වෙන්නේ. Cloud Space සපයන ආයතන ලබාදෙන සොෆ්ට්වෙයාර් එකෙන් අපි බැකප් කරන්න ඕනේ ෆයිල්ස් ඒ වෙලාවෙම ඉන්ටනෙට් හරහා ඔවුන්ගේ සර්වර් වල තියන අපේ එකවුන්ට් එකට අප්ලෝඩ් කරනවා.

හාඩ් එක ගියත් කිසි ප්‍රශ්නයක් නෑ :) බැකක් එක ඕන වෙලාවක රෙඩී.

බැකප් තියා ගන්න එක තමයි මගේ නම් ප්‍රධානම දේ.:oo: මගුල හාඩ් එක ගියොත් අඩුගානේ බැකප් එක තියනවා. නැත්නම් බෙල්ලේ වැල දගන්න වෙන්නේ මට
ඒත් ඊට වඩා දේ කරන්න පුලුවන්.


1. කම්පියුටර්/ස්මාට් ෆෝන් අතරේ ඩේටා ට්‍රාස්න්ෆර් කරන්න පුලුවන්.
2.Image hosting සර්වර් එකක් ව්ඉදිහට යූස් කරන්න පුලුවන්
3. Torrent ඩිරෙක්ට් බන්න පුලුවන්:yes:


ඔය වගේ වැඩ ගොඩක් තියනවා. ත්‍ර්ඩ් එක කියෝගෙන යන්නකෝ.....


මෙහෙම Cloud Space දෙන ආයතන ගොඩක් තියනවා:rofl:

**SugarSync
**DropBox
**GDrive
**SkyDrive
**iCloud
**Box
**Maxxo


ඔය හැම සර්විස් එකකින්ම රෙජිස්ටර් උනායින් පස්සෙ ඒ ගොල්ලො දෙන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ලා ඉන්ස්ටෝල් කරලා ඒකෙනුත් ලොග් වෙන්න ඕනේ.



මේවා වලින් ගොඩක් ප්‍රසිද්ධ එක DropBox උනාට, දෙන පහසුකම් අති ඉස්සරහින් ඉන්නේ SugarSync.

SdV6C.png




SugarSync

Backup වලට, personal Files තියා ගන්න ෆට්ට සර්විස් එක ;)

SugarSync ආයතනය ආරම්භ කරන්නේ 2006 අවුරුද්දේ. ඒ කාලේ ඉදන්ම ඩේඩා කරලා තියන නිසා හොද අත්දැකීම් තියන කට්ටියක් තමයි මේ.
මේ ගොල්ලන්ගේ ෆී ප්ලෑන් එක වෙන්නේ 5GB space එකක් දෙන එක. ඒ උනාට මේ 5GB වලට වඩා ගන්න පුලුවන් ඒ ගොල්ලො දෙන task complete කරල.
SugarSync කියන්නේ බැකප් කරන්නම හදපු දෙයක් කියල කිව්වොත් නිවැරදී. ඒවගේම බැකප් කරන ඩේටා වල ආරක්ෂාවත් ඒ ගොල්ලො සහතික කරන්නේ ඉතා උසස් විදිහට
ඒ ගොල්ලො කියන විදිහට
We use industry best practices to ensure that your data is safe and secure.
Your files are transferred securely using TLS (Transport Layer Security) and are stored in the cloud in an encrypted format using 128-bit AES—the same level of protection used for online financial transactions.


ඒක හින්දා අප්ලෝඩ් කරල තියන ඩේටා ගැන බය වෙන්න දෙයකුත් නෑ. අනික අවුරුදු 6ක පලපුරුද්දත් තියනව නේ ;)


SugarSync වලින් ගන්න පුලුවන් වැඩ/ වාසී:love::love:

.1හොදම දේ තමයි කම්පුයුටර් ඒකේ / ස්මාට්ෆෝන් එකේ තියන ඕනේම ෆයිල් එකක් ෆෝල්ඩෙර් එකක් ක්ෂනිකයෙන් අපේ cloud space එකට අප්ලෝඩ් කරන්න පුලුවන්.
2. අපි අතින් වැරදිලා ඩිලීඩ් උන ඩේට උනත් ආයිත් restore කර ගන්න පුලුවන් පහසුකම.
3. 128-bit AES වගේ ආරක්ෂිත ක්‍රම වේද නිසා , ආරක්ෂාව ශුවර්.
4. ඔෆිස් එකේ ඉදන් ඔවුන්ගේ වෙබ් සයිට් එකේ තියන අපේ එකවුන්ට් එකට ලොග් වෙලා අප්ලෝඩ් කරන දෙයක්... කෙලින්ම ගෙදර ඉදන් එඩිට් කරන්න පුලුවන් වීම. පෙන් ඕනේ නෑ/
5. වෙබ් ස්අයිට් එකේ ඉදන්ම අලෝඩ් කරල තියන ඕන දෙයක් ඩවුන්ලෝඩ් නොකර එඩිට් කරන්න පුලුවන්



මුලින්ම
SugarSync වල රෙගිස්ටර් වෙන්න ඕනේ.
ඒකට මෙතන ක්ලික් කරල
SugarSyncසයිට් එකට යන්න.
ඊට පස්සෙ ඊමේල් ඇඩ්‍රස් එක පාස් වර්ඩ් එහෙම දීලා රෙජිස්ටර් වෙන්න.
දැන් ඒ ගොල්ලො දෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන, ඒකෙනුත් ලොග් වෙන්න.

සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ගමන් C:\Users\ [USER NAME] \Documents\Magic Briefcase කියල ෆෝල්ඩර් එකක් හැදෙනවා.
ඒක බලගන්න පුලුවන් මයි කම්පියුටර් ව්අල තියන ලෙෆ්ට් සයිට් එකෙන් ( වින්ඩෝස් 7 වල )
ඔය ෆෝල්ඩර් එකට දාන ඕනේම ෆයිල් එකක්, ෆෝල්ඩර් එකෙක්. කෙලින්ම ඔවුන්ගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා. :yes:
ඒවගේම කම්පුටර් එකේ තියන ඕනේම ෆෝල් එකක්, ඒ තියන තැන ඉදන්ම අප්ලෝඩ් කරන්න පුලුවන්.





දැන් එහෙම කලායින් පස්සේ, ඒ PC ෆෝල්ඩර් එකේ තියන ෆයිල්ස් වලට අපි මොකක් හරි කලොත් ඒ ක්ෂනිකයෙන්ම , SugarSync ස්පේස් එකේ තියන ෆයිල් එකත් ඒ ව්දිහටම අප්ලෝඬ් වෙනව.
අපි එහෙම ලින්ක් කරල තියන වයිල් එකක් වැරදිලා ඩිලීඩ් උනත් ප්‍රශ්නයක් නෑ. මොකද අපේ SugarSync වලින් ඒක කෙලින්ම ඩිලීඩ් කරන්නේ නෑ. ඒක හින්දා ආයිත් restore කර ගන්න පුලුවන්.:nerd:

මුලින්ම SugarSync වල රෙගිස්ටර් වෙන්න, මෙතන ක්ලික් කරල SugarSync සයිට් එකට යන්න.




DropBox

Image Hosting, File Sharing වලට පට්ට


මේක තමයි දැනට ප්‍රසිද්ධම Cloud Space දෙන සර්විස් එක. පහසුකම් අතින් SugarSync ඉදිරියෙන් හිටියට, DropBox තමයි ප්‍රසිද්ධිය අතින් ඉස්සරහින් ඉන්නේ.

මේකේ තියන අපහසු කම තමයි, කම්පුටර් එකේ ඕනේම තැනක තියන ෆයිල් එකක්, එතන තියගෙනම අප්ලෝඩ් කරන්න බැරිවීම. ඔවුන්ගේ DropBox ෆෝල්ඩර් එකටම ගෙනල්ල දාන්න වෙනවා/

තියන වාසි තමයි.
Image Hosting/ File Sharing එකක් වදිහට යූස් කරන්න පුලුවන්. DropBox ෆෝල්ඩර් එකේ තියන Public සබ්ෆෝල්ඩර් එකට දාන ඕනේම ෆයිල් එකක ලින්ක් එක එවේලේම අරගෙන අපිට ඕන කෙනාට දෙන්න පුලුවන්.

vYEKz.png


ඔය රතුපාටින් රවුම් කරල තියන එක ක්ලික් කලහම, එන ලින්ක් එක දෙන්න පුලුවන් ඕන කෙනෙක්ට, කිසි ගින්නක් නැතුව බාන්න කියල. 100ක් නෙමෙයි 1000ක් උනත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්න පුලුවන්

7JCZR.png



මේඛට උනත් මුලින් සයිට් එකෙන් රෙගිස්ටර් වෙන්න. මෙතන ක්ලික් කරන්න. ඊට පස්සෙ එයාල දෙන සොෆ්ට් වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා.. එකෙනුත් ලොග් වෙන්න



GDrive


මේක තමයි අලුතින්ම ගූගල් සමාගම හදුන්වල දීපු සර්විස් එක. මේකෙ තියන ප්‍රධානම වාසිය තමයි word , Exel වගේ ඩොකියුමන්ට් වෙබ් ස්අයිට් එකේ තියගෙනම එඩිට් කරන්න පුලුවන් ගූගල් doc හරහා.
මේකට රෙගිස්ටර් වෙන්න නම් Gmail එකවුන්ට් එකක් තියෙන්න ඔනේ.


SkyDrive


මේක මය්ක්‍රොසොෆ්ට් සමාගමේ Cloud service එක.


Maxxo


වැඩිය ප්‍රසිද්ද නැති, ඒත් direct ටොරෙන්ට් බාන්න පහසුකම් දෙන එකම සර්විස් එක.
සයිට් එක්ට ගිහින් රෙජිස්ටර් උනාම දෙන 5ගිගා ස්පේස් එක තමයි ඉතින් ටොරෙන්ට් බාන්න දෙන්නේ ඒ ගොල්ලො.
රෙජිස්ටර් වෙලා ඒ ගොල්ලො දෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කර ගන්න.
ඊලගට ටොරෙන්ට් ෆයිල් එක අරගෙන ඒ ගොල්ලොගේ maxxo ෆෝල්ඩර් එකේ තියන Documents සබ්ෆෝල්ඩර් එකට දාහන්න. දැන් එක ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙනව.
ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එකේ තියන Documents ෆෝල්ඩර් එකේ බලන්නනා අර දැම්ම ටොරෙන්ට් ෆයිල් එක අති.

KWnGJ.png


ඊලගට එක ඩයලොග් බො‍ක්ස් එකේදි ටොරෙන්ට් එක් සිලෙක්ට් කරලා, ඇක්සෙප්ට් කරන්න. ඊට පස්සෙ ඩවුන්ලෝඩ් ව්එන්න පටන් ගනී උන්ගේ සර්වර් එකට ;:P

ඩවුන්ලෝඩ් උනායින් පස්සේ ඔයාගේ ටොරෙන්ට් එක අති ඔන්න ඔතන. එතනින් ඩිරෙට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් :)


odOOD.png



අදට කතා අවසානයි :) අසා සිටි ඔබ සැමට බොහොම ස්තූතී. ඕලෙවල් කරල ආතල් එකක් ගන්න මත් ආව:)

ඔය හැම සර්විස් එකකින්ම රෙජිස්ටර් උනායින් පස්සෙ ඒ ගොල්ලො දෙන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ලා ඉන්ස්ටෝල් කරලා ඒකෙනුත් ලොග් වෙන්න ඕනේ.


 
Last edited:

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,754
    1,273
    113
    Mars
    Good post machan!

    Box & Sugarsync nam cha!

    Dropbox & Google drive maxxa

    Skydrive dan tikak hodai, habai image upload karana kota resize karanava 2048x2048

    cubby kiyala service ekak thiyenana, thama beta eka sugarsync wage, habai hodai

    mage favorite nam dropbox, space 2GB thama aula. :(
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machan,mage files thiyenne google drive eke...eth ban man software ekak dwnld karala log wenne nene..
    rep ++
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    dannawada user account email, anik ayata balaganda beri wena widiyata hadganna widiyak