Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!

    වාහනේක ක්ලච් එක කියන්නෙ නිතර ඝර්ශණයට ලක්වෙන කොටසක්. ඉතිං ක්ලච් එක ගෙවීයාම ගැන අමුතුවෙන්
    පුදුමවෙන්න දෙයක් නෑ. විවිධ හේතු ( ඔයාගෙ driving style එකත් ඇතුලුව ) නිසා ඔයගෙ ක්ලච් ගෙවීයාම එහෙම
    නැත්නම් ආයුකාලය අඩු හෝ වැඩි වෙන්න පුලුවන්. සමහර විට සැතපුම් 50,000න් ඉවර වෙන්න පුලුවන් හැබැයි හරියට care
    කරොත් ඒ වගේ 5 ගුණයක් වුනත් දුවන්න පුලුවන්.
    වාහනය පදින විදිහ තමයි ක්ලච් එකේ ආයුකාලය තීරණය කරන ප්‍රධානම සාධකය. අනෙක් අතට අපේ මැනුවල් පදින
    කොල්ලො ක්ලච් එකෙන් ගන්න fun එක ගැන අපි නොදන්නවාම නෙවෙයි. හැබැයි අපි කතා කරන්නෙ sports cars
    ගැන නෙවෙයි. Family use cars ගැන. මොකද sports cars වල ඒ condition වලට ගැළපෙන විදිහෙ ක්ලච්
    system එකක් තියනවා. අනෙක් අතට ක්ලච් replacement කියන්නෙ ටිකක් වියදම් යන වැඩක්.

    Riding the clutch
    ඒ කියන්නෙ වාහනේ පැදවීමේදී ගියර් මාරුකිරීමෙන් පසු ක්ලච් පැඩල් එක මදක් පාගගෙන යෑම හෝ කකුල rest කිරීමට
    dead පැඩල් එක වෙනුවට ක්ලච් පැඩල් එක යොදාගැනීම. සෑම ගියර් මාරුකිරීමකටම පසුව ක්ලච් එක smoothly
    මුදාහරින්න. ක්ලච් එක මදක් පාගාගෙන යෑමෙන් ක්ලච් ඩිස්ක් එක flywheel එකත් එක්ක slip වෙනවා. ඉතිං ක්ලච්
    ඩිස්ක් එක ගෙවෙන එක අහන්නත් දෙයක්ද. අපි මේ කිව්වෙ නගරබද හෝ ට්‍රැෆික් එකේ පදිනකොට නෙවෙයි. වේගයෙන්
    තදබදය අඩු පාරක යනකොට.

    නිවුට්‍රල් එකට තැන දෙන්න
    ලොකු ට්‍රැෆික් එකක හරි කලර් ලයිට් එකේ හරි නවත්තගෙන ඉන්නකොට වාහනේ නිවුට්‍රල් කරලා ක්ලච් එකට පොඩි
    නිදහසක් දෙන්න. එතකොට බර එන්නෙ හෑන්ඩ් බ්‍රේක් එකට විතරයි, හැබැයි ගියර් එකේ ඉන්නකොට ක්ලච් එකට එන
    වෙහෙස ඊටවඩා වැඩියි.

    ඉක්මණින් ගියර් මාරුකරන්න
    හිතන්න ඔබ යන්නෙ 2nd එකේ කියලා ඔන්න 3rd එකට මාරුවෙනවා. 3rd එකට මාරු වුන ගමන් සුමටව ඉක්මණට
    ක්ලච් එක මුදාහරින්න. ගොඩක් වෙලාවට අලුත් ඩ්‍රයිවර්ලාට තමයි මේක හුරු නැත්තේ. එහෙම නොවුනොත් අපි මුලින්ම
    කිව්ව riding the clutch වගේ දෙයක් තමයි මේකෙනුත් වෙන්නෙ.

    වාහනේ ගියර් එකේ නවත්තලා යන්න එපා
    ඔව් ඔව් ගොඩක් වෙලාවට අපි පල්ලමක් දෙසට නම් රිවස් එකේ හෝ කන්දක් දෙසට නම් 1st එකෙ නවත්තලා යනවා තමයි.
    හැබැ‍යි එන්ජිම දිව්වෙ නැතත් එකෙන් ක්ලච් එකට අමතර පීඩාවක් ගෙන එනවා. හිතන්න හැන්ඩ් බ්‍රේක් කේබල් එකද ක්ලච්
    එකද replace කරන්න වැඩිපුර වියදම්.

    කන්දෙ ක්ලච් බැලන්ස්
    ගොඩක් වෙලාවට කන්දක ට්‍රැෆික් එකෙ වගේ යනකොට මැද නවත්තලා ගන්න වුනොත් අපි පුරුද්දට ක්ලච් බැලන්ස් කරලා
    ගත්තාට ඒක ක්ලච් එකට පීඩනයක්. ඔව් ඔව් වාහන පදින මුල් කාලෙ වගේ හෑන්ඩ් බ්‍රේක් එකෙන් ගන්න පුලුවන් තරම්.

    ක්ලච් එක බ්‍රේක් එක කරගන්න එපා
    අපි ගොඩක් වේගෙන් යන වෙලාවට ළඟ නවත්තගන්න වංගුවක් ගන්න downshift කරනවා. ඒකත් ක්ලච් එකට ලොකු
    පීඩනයක්. ක්ලච් එකයි බ්‍රේක් එකයි දෙකම සහයෝගෙන් පාවිච්චි කරන්න.

    වීල් ස්පින් සහ ක්ලච්
    ඔව් ඔව් වීල් ස්පින් කරන එක fun තමයි හැබැ‍යි අපේ වාහන වීල් ස්පින් කරන්න සුදුසුද? නිතර නිතර වීල් ස්පින් කිරීම
    එහෙමත් නැත්නම් ක්ලච් එකත් සමඟ වාහනය රේස් කිරීමත් ක්ලච් එකට හොඳනෑ. ක්ලච් ප්ලේට් ගෙවීමක මුල තමයි ඒක.

    ගියර් සමඟ සෙල්ලම් කිරීම
    මැනුවල් වාහනයක් පදින එකේ fun එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ තමයි. හැබැයි ඉතිං ළඟ ළඟ නිතර නිතර
    අනවශ්‍ය ලෙස ගියර් මාරුකිරීම, ඒ කියන්නෙ පිකප් කිරීම වගේ දේවල් ක්ලච් එකට අනවශ්‍ය පීඩනයක්. අපි කියන්නෙ නෑ එක
    දවසින් ක්ලච් එක ගෙවෙනවා කියලා හැබැයි ආයු කාලය අඩුවෙන්නෙ අපිට නොදැනීම.

    මේක ගත්තේ මෙතනින්. ගොඩක් වටිනා blog එකක්. ගිහිල්ලම බලන්නකෝ... :)

    http://turboholics.lk/

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියමයි මචෝ...
    වැදගත් කරුනූ ටිකක්..
    මටත් ඕක බෑ බන් හරියට.....
    +


    මටත් එහෙමයි බන්. මම නම් හිත හදන් ඉන්නේ ඕක ගෙවුනට කමක් නෑ කීයක් හරි වියදම් කරලා replace කරගන්න එක ලේසියි ඔය ඔක්කොම දේවල් කරනවට වඩා කියලා. :rofl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ado mama karannema mekane ban..

    වාහනේ ගියර් එකේ නවත්තලා යන්න එපා
    ඔව් ඔව් ගොඩක් වෙලාවට අපි පල්ලමක් දෙසට නම් රිවස් එකේ හෝ කන්දක් දෙසට නම් 1st එකෙ නවත්තලා යනවා තමයි.
    හැබැ‍යි එන්ජිම දිව්වෙ නැතත් එකෙන් ක්ලච් එකට අමතර පීඩාවක් ගෙන එනවා. හිතන්න හැන්ඩ් බ්‍රේක් කේබල් එකද ක්ලච්
    එකද replace කරන්න වැඩිපුර වියදම්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචං අපේ ගෙවල් පාරේ ඉඳන් ගාලුපාරට දාන්න ගියාම තියෙන්නේ පොඩි කන්දක් සමහර දවසට විනාඩියක් විතර ක්ලච් බැලන්ස් එකේ ඉන්නවා පාරේ වාහන අඩු වෙනකන්, හෑන්ඩ් බ්රේක් අදින්නෙම නැ, එකක් කම්මැලිකම, අනික තමයි හන්දියේ ඉන්න උන් හිතන්නේ මූට තාම ක්ලච් බැලන්ස් නැ කියලා, නොන්ඩිනේ :lol: මුල් දවස්වල හෑන්ඩ් බ්‍රේක් එකෙන් ගත්තා, ඊට පස්සේ බ්‍රේක් එක පාගන් ඉඳලා ගත්තා, දැන්නම් ක්ලච් එකෙන්මයි :(

    + REP​
     

    blue_in_rio

    Well-known member
  • මම හිතුවා තෝ එනකොටම tag දෙකත් ඇති කියලා... :angry:

    මම මේ ටැග් දෙක දාන එකේ අරමුණ අතිශ්‍යයෙන්ම පිරිසිඳුයි බ්‍රෝ.කෙනෙකුට මේ ටැග් ක්ලික් කරලා, ඔයාගේ අනිකුත් වටිනා ත්‍රෙඩ් ටිකට, ලෙහෙසියෙන්ම යන්න පුලුවන් වෙන්නයි මම මෙහෙම කරන්නේ.ඔයාගේ පරන ත්‍රෙඩ් එකකට ලඟකදි බම්ප් එකක් වැටුනා නම්, රෙප් එකක් ලැබුනා නම්, ඒ මේ ටැග් දෙක නිසා කියන එක අමතක කරන්න එපා. :(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මේ ටැග් දෙක දාන එකේ අරමුණ අතිශ්‍යයෙන්ම පිරිසිඳුයි බ්‍රෝ.කෙනෙකුට මේ ටැග් ක්ලික් කරලා, ඔයාගේ අනිකුත් වටිනා ත්‍රෙඩ් ටිකට, ලෙහෙසියෙන්ම යන්න පුලුවන් වෙන්නයි මම මෙහෙම කරන්නේ.ඔයාගේ පරන ත්‍රෙඩ් එකකට ලඟකදි බම්ප් එකක් වැටුනා නම්, රෙප් එකක් ලැබුනා නම්, ඒ මේ ටැග් දෙක නිසා කියන එක අමතක කරන්න එපා. :(:(


    4.gif
    There is a silver lining in every dark cloud
    4.gif