Coca-Cola සමාගමෙන් රජයට බලපෑම් !

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Coca-Cola සමාගමෙන් රජයට බලපෑම් !

    බහුජාතික සමාගමක් වන 'කොකා කොලා' (Coca-Cola) සමාගමෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

    f24850aae2fa8f33c5f7c792ea7de064_L.jpg


    කඩුවෙල පිහිටි 'කොකා කොලා' සමාගමේ කම්හලේ භූගත ඉන්දන නලයකින් පසුගිය සඳුදා කැළණි ගඟට තෙල්කාන්දු වීම හේතුවෙන් සිදුවූ මහ පරිමාණ පරිසර දුෂණය සැලකිල්ලට ගත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් Coca-Cola සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අහෝසි කොට තිබේ.

    එසේම, එම වරද සම්බන්ධයෙන් රුපියල් බිලියනයකට ආසන්න දඩයක් ද නියම කර ඇත.

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් එසේ අනුගමනය කල ක්‍රියාමාර්ගය අත්හිටුවා යම් සහනයක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයේ බලධාරීන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින අතර, මේ ප්‍රශ්නයට මැදිහත්ව සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු රජයේ බලධාරියකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් දඩ මුදල අඩු කිරීම කටයුතු කරන්නැයි බලපෑම් කර ඇත.

    මධ්‍යම පරිසර අධීකාරිය ප්‍රකාශ කරන්නේ මෙමගින් පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳව පැහැදිලි ‍සාක්ෂි පවතින බවයි. ඒ අනුව සිදුව ඇති හානිය පිළිබඳවත ක්සේරු කරන තෙක් Coca-Cola සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අහෝසි කර ඇත.

    Coca-Cola සමාගම ප්‍රකාශ කරන්නේ තමන් ඉන්දන නලයේ වූ කාන්දුවීම සඳුදා උදෑසන ඉතා ඉක්මණින්ම යථා තත්ත්වයට පත් කිරීම සිදු කළ බවත් මධ්‍යම පරිසර අධීකාරිය හා ජාතික ජලසම්පාදන හා ජලාපාවහන මණ්ඩලය වෙත දැනුම් දී සිදුවීම පිළිබඳව ක්ෂීණිකව උපදෙස් පැතූ බවත්ය.

    Source : http://www.sinhala.srilankamirror.com/biz/item/7413-coca-cola-pressurizes-govt
     
    • Like
    Reactions: nj542

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    eka bilioneta billion 10k gathtath kamak ne ban.
    owunge product aragena miissu leda wena hetiyata.

    dan thma therenne gedara lidak thiyena eke watinakama.
    pare thiyena tap walin wathura aran inna minissunta epa wennethi wathura ekka diesel kalwam wela enakota.

     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමරිකානු රජයේ බලධාරීන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින අතර, මේ ප්‍රශ්නයට මැදිහත්ව සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු.......

    මුන් ඉතින් බලපෑම් කරන්නම උපන් ජාතියක්නෙ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බිලියනයක් ගෙවපන් නැතිනං පල
    කොකා කොල විතරක් යෑ තියෙන්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕකත් අර Fonterra එකට කලා වගේම ලොකු කට්ටිය හිමිට කුට්ටියක් අරගෙන අයෙ බලපත්තරය දෙයි බන් :baffled::frown:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇමරිකානු රජයේ බලධාරීන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින අතර, මේ ප්‍රශ්නයට මැදිහත්ව සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු.......

    මුන් ඉතින් බලපෑම් කරන්නම උපන් ජාතියක්නෙ....

    බලය + පෑම -> පෙන්වීම = බලපෑම...උන් ඉතින් ලෝක බලවතානේ :sorry:
     
    ඇමරිකානු රජයේ බලධාරීන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින අතර, මේ ප්‍රශ්නයට මැදිහත්ව සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු.......

    මුන් ඉතින් බලපෑම් කරන්නම උපන් ජාතියක්නෙ....

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Dan coke na ban kaden ganna.
    Coca cola thiyenawa UN eke member countries walatath Wada wadi ratawal ganaka.

    And that's the whole point machan.

    Coca cola kiyanne podi operation ekak newei. MNC - Multi National Company ekak. Tamange products advertise karanna un Billions ganan wiyadam karanawa. Tawa CSR kiyalath sahena ganak wiyadam karanawa. habai tamange factory premises atule oil leakage ekak wela minissu bona waturata mix wenakam eka gana nisi awadanyak tibila nah.

    Accountability matters.