Cohabitation නොහොත් Living Together

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ රටවල අවු.16 ළමයෙක්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. එහෙම වෙන එක නරක දෙයක්ද? ඒ රටවල රස්සාවල් කරන ගමන් ළමයි හම්බ කර කර ඉගන ගන්නෙ. ලංකාවට වඩා අමාරුයි තමා. ඒත් ඒ ක්‍රමේට වඩා ලංකාවෙ ක්‍රමේ හොදයි කියල කියන්නෙ කොහොමද? එහෙ උන්ට ඕන දෙයක් කරගන්න පුලුවන් අව් 16 දි.

    උඹ කියන විදිහට ලංකාවෙ දියුණු වෙලා තියෙන්න ඕන එහෙනන් ඔය කියන රටවලට වඩා. බැදීම් අඩු උනා කියල වැඩ කරන ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ. ලංකාවෙ තමා බැදීම් වැඩි වෙලා මිනිහ කන්න ගෙනත් දෙනකන් ගෑනි ගෙදර ඉන්න සංස්කෘතියක් තියෙන්නෙ. අනිත් රටවල දෙගොල්ලොම එක වගේ වැඩ කරනව. ඒ රටවල් දියුණු ඒකයි.

    උබේ අර ලංකාවේ ගෑනු ගැන විචාර කොහොම උනත් මේ ටික නම් ටිකක් දුරකට ඇත්ත
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    අපේ රටට නම් එවැනි ආවාසනාවක් උදා නොවේවා. අපිත් කවද හරි බැදලා කරලා
    ළමයෙක් දෙන්නෙක් හදලා. ඒ කාලේ වෙනකොට අපේ ළමයි living together
    වෙන්න ගත්තම. මොනා කියන්නද ඉතින්. මන් නම් තරයේ ප්‍රතික්ෂේප කරනවා
    ඕක.. මහා විකාරයක්. මානසික රෝගයක්. අපේ රටවත් බේරිලා තිබුනොත්
    හොදයි.. :eek::eek:
    nokakin withrak aluth widhata dakin bari ai bn
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අපේ ගෙදරත් ඔහොම කපල් එකක් Rent හිටියා මචන්
    පස්සේ අම්මට සැක හිතිලා උන්ගේ විවාහ සහතිකේ ඉල්ලුවා
    පස්සේ උන් දෙන්න ගියා බන් අපෙ අම්මලටත් වැඳලා
    පව් උන් දෙන්නා නම්
    :(
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලංකාවෙත් ඕන තරම් උන් ඔහොම ඉන්නවා මචන් ;)

    Lankawe ohoma godak inne family background eka charter kattiya. Gewal walin hoyanne nethi/relations la nethi wage aya.

    Monawa unath ithin manussa jeewithane paw thamai. :(
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    View attachment 63454

    ලිවින්ග් ටූ ගෙදර් යනු ස්ත්‍රියක් හා පුරුශයෙක් විවාහා වීමකින් තොරව ආදරය හා ලිංගිකත්වය හුවමාරූ කරගනිමින් එක් වහලක් යට ජීවත් වීමයි. පටු ආගමික හා සමාජීය කාරණා සීග්‍රවශයෙන් ප්‍රථිශේප කරන වටපිටාවක් නිර්මානයවෙමින් පවතින පසුබිමක් තුල මෙම ලිවින්ග් ටු ගෙදර් පසුගිය දශක කීපය තුල සීග්‍රයෙන් ප්‍රචලිත විනි. බටහිර රටවල අද මෙය ඉතාම සාමන්‍ය දෙයක් බවට පත්වී හමාරය. මෙම ට්‍රෙන්ඩ් එක පලමුවෙන්ම වැලදගත්තේ යුරෝපීය හා ස්කැන්ඩිනේවියානුරටවල ජනතාවයි. ගතානුගතික දැඩි ආගමික මතධාරීන්වන මධ්‍යධරනීයුරෝපීය රටවල ජාතිකයින් 90දශකයේ මැදක් පමනවෙනකන් ලිවින්ග් ටූ ගෙදර් සංකල්පයට විරෝධය දැක්වූවත් එය වැලැක්විය හැකි කාරනයක් නොවින, අකමැත්තෙන් හෝ ඔවුන්ට එයට ඉඩ දීමට සිදුවින.

    පසුගිය දශක කීපය තුල කානතාවන් පිරිමින් මත්තේම යැපීම ප්‍රථික්ශේප කරවැඩි වශයෙන් වැඩකරනජනයා ලෙස රැකියා සදහා යොමුවීමට පටන් ගැනීමේ රැල්ලක් ඇතිවනි. තම ආර්තික තත්වය ස්ථාවර කරගැනීමට සදහා එක දිගට රැකියාවල නියුතු වීමට සිදුවීම නිසා මොවුන් විවාහයට විකල්ප ආදේශකයක් ලෙස බහුල වශයෙන් උපත්පාලන ක්‍රම බාවිතා කරමින් ලමයින් නොහදා ලිවින්ග් ටූ ගෙදර් සංකල්පය සදහා යොමුවින.

    80හා 90 දශකයේ මුල් කාලයේදී මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ මෙම ලිවින්ග් ටු ගෙදර් සංකල්පය සීග්‍රයෙන් පැතිරිනි, තත්වය තවත් සංකිර්න වුනේ මේ ලිවින්ග් ටූ ගෙදර් ජෝඩු ලමයින් සෑදීමට පටන්ගැනීමත් සමගය මේ තත්වයන් දේශපාලන තීන්දු තීරන ගැනීමටත් ඒ ඒ රජයන්ට සිදුවින. විවාහ වීම් ප්‍රතිශතයින් සැලකිය යුතු මට්ටමකට අඩු වූ අතර විවාහා වීම පසු කාලසීමාවකදි සිදු කරගැනීමට අවශ්‍ය නීතී සම්පාදනය කෙරින.

    ගෘහස්ථ ප්‍රචන්ඩත්වය, තම නිවස තුලම කාන්තාව වහලකු වීම,කාන්තා හින්සනය, කාන්තාව ලිංගික වහලකු ලෙස යොදාගැනීම හා කාන්තා ලිංගික අවශ්‍යා නොසපුරාලීම, වැනි බොහෝ කාරනා සමාජීය හා ආගමික පසුබිම් මත නිර්මානය වූ "විවාහය" යන සංකල්පය මගින් සිදුවීම හා අනුමත කිරීම නිසා විවාහයන් දෙදරාගොස් දික්කසාද දක්වා දුර දිගයාම් සීග්‍රයෙන් වැඩි වෙන වකවානුවක "විවාහය" යනු යල්පැන ගිය ක්‍රමයක් යැයි බොහෝ රටවල ජනයා අතර මතුවෙමින් යන ප්‍රශ්නයකි. European Values Study (EVS) මගින් 2008 දී කල සමීක්ශනයක් අනුව ලක්ශන්බර්ග් වල 37.5% , ප්‍රංශයේ 35.4%, බෙල්ජියමේ 34.3%, ස්පාඥ්ඥයේ 31.2% , ඔස්ට්‍රියාවේ 30.5%, ජර්මනියේ 29.2%, ස්විට්සර්ලන්තයේ 27.7% , බල්ගේරියාවේ 27.2%, නෙදර්ලන්තයේ 27.0%, ස්ලෝවෙනියාවේ 25.0% ආදි වශයෙන් ජනයා විවාහය යනු යල් පැනගිය ක්‍රමයක් යැයි ප්‍රතික්ශේපක කරයි. අද වෙනවිට මේතත්වය මීට වඩා විශාලවශයෙන් කිහිපගුනයකින් වැඩි වී ඇත.

    සංස්කෘතිකමය,සමාජීය හා ආගමික වටපිටාවක් විසින් නිර්මානය කර බලෙන් ලබාදෙන දැඩි මානසික පීඩාකාරී වගකීම් තොගයක් සහිත "all in one package" එකක්වන විවාහය නූතන සමාජය තුල දැඩිව ප්‍රතිශේප කිරීමක් මතුවෙමින් පවතින අතර එය ස්ත්‍රියකගේ හා පුරුශයකුගේ පෞද්ගලික ලිංගික හා බැඳිම් ජීවිතය තම තමන්ටම තෝරා බේරා ගලපා ගැනීමේ විවෘත අවස්ථාවක් ලෙස බොහෝ දෙනා අනුමත කරයි.

    වැඩි විස්තර -https://en.wikipedia.org/wiki/Cohabitation

    ලිවින්ග් ටූ ගෙදර් ක්‍රමයේ ප්‍රධාන වාසි 5ක් සරල කෙටි සාරාංශ වාක්‍යක් ලෙස පහත දක්වමි.

    1).ලිවින්ග් ටූ ගෙදර් යනු මූලික පරීක්ශනයකි.

    2).ලිවින්ග් ටූ ගෙදර් මගින් එකිනෙකා ගේ රුචි-අරුචිකම් අඳුනාගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගනගත හැකි දෙයකි.

    3).ගැටුමක් ඇතිවු අවස්ථාවක එය දුර දිග නොයවා, සැර බාල වීමට අවස්ථාවක්, නිදසක් ලබාගෙන එය සාර්ථකව විසදාගත හැකි වීම.

    4).එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් මනාව වටහාගත හැකිවීම.

    5).ගෘහ භාණ්ඩ වල සිට අනෙකුත් නිවසෙ ඇති දෑ තෝරා ගැනීම ආදිය දෙදෙනාටම නිදස්ව කැමැති පරිදි සිදුකරගත හැකි වීම හා අනෝන්‍ය ගෞරවය වර්ධනය වීම

    Ado umba ehema neda inne??
    Hitapan thoge ammata kiyanna!!:lol::lol::P