Cold Pressed virgin Coconut Oil හදන්නේ_මෙහෙමයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Cold Pressed virgin Coconut Oil හදන්නේ_මෙහෙමයි

    පොල්තෙල් කියන්නේ අපි කවුරුත් පාවිච්චි කරන දෙයක්නේ..දැන් ගොඩක් අය කොලෙස්ටරෝල් තියෙනවා කියලා එළවලු තෙල් use කරාට පොල් තෙල් වල තියෙන ගුණේ ඒ දේවල් වල නැහැ..ඕවා කියලා මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරන්නේ එළවලු තෙල් හදන කොම්පැණි කාරයෝ.පිටරවල ඉන්න සුද්දොත් දැන් පොල් තෙල් වල ගුණ දන්න නිසා ඒගොල්ලොත් දැන් ගණන් වැඩි උනත් පොල් තෙල් use කරන්න පටන් අරන් තියෙන්නේ..ඇත්තම කියනවා නම් පොල් තෙල් වලින් කොලෙස්ටරෝල් අඩු කරනවා..පොල් තෙල් කියන්නේ ඔලිව් ඔයිල් වලටත් වඩා ගුණ තෙල් වර්ගයක්.ඉතින් මේ ගුණේ 100% ගන්න ඕන නම් ඔය කඩ වලින් ගන්න බාල පොල් තෙල් use කරලා බැහැ..දන්නවනේ ලංකාවේ අයගේ ජිල්මාර්ට්.කරන්නෙම හොර වැඩ..:lol:..ඒක නිසා අපිට පුළුවන් 100% පිරිසිදු,100% ගුණදායක පොල්තෙල් ගෙදරම හදා ගන්න.ඒක කරන්නේ මෙහෙමයි..මේකට කියන්නේ Cold Press කියලා.මේක කඩෙන් ගන්න ගියොත් විකිණෙයි.750 ml බෝතලයක් RS 1000ක් විතර වෙනවා...සාමාන්‍ය පොල් තෙල් හදාගන්නේ පොල් කිරි රත්කරලානේ..එතකොට පොල් වල තියෙන ගුණ දේවල් ගොඩක් නැති වෙනවලු..මේ විදිහට කරාම ඒ ගුණ දේවල් කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ.මේක කරන්න හරිම ලේසියි.

    මුලින්ම ගන්න පොල් ගෙඩි තුනක්..තමන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්.

    20130311-144127.jpg

    ඊට පස්සේ පොල් ටික ගාගන්න.නැත්නම් මේ වගේ කෑලි කපා ගන්න.

    20130311-145436.jpg

    ගාගත්ත හරි කෑලි පොල් ටික හරි blender එකකට දාලා වතුරත් ඇති ප්‍රමාණයට දාලා හොදට mix කරගන්න..

    20130311-144842.jpg

    ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතින් පොල් කිරි ටික පෙරා ගන්න එක..පොල් කුඩු ටිකෙන් ඕනනම් පොල් සම්බෝලයක් හදාගන්න.:rofl:

    20130311-150253.jpg

    ඊට පස්සේ පොල් කිරි ටික මේ වගේ ලොකු වීදුරු bowl එකකට දාලා උඩින් වහන්න ඕන.

    20130311-150612.jpg

    ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක පැය 24ක් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තියන්න.ඊට පස්සේ තව පැය 24ක් fridge එකේ තියන්න..21 c අඩු සීතල පැත්තක ඉන්නවානම් නම් පැය 48ක් සාමාන්‍ය උෂ්ණත්වයේ තියල පැය තුනක් fridge එකේ තියල ගන්න.

    20130311-150623.jpg

    එහෙම තියල ගත්තහම මේ වගේ කෑලි කෑලි උඩට මිදිලා තියෙයි..අන්න ඒවා තමා නියම virgin coconut oil.:).ඒවා ටික පරිස්සමෙන් වෙන භාජනයකට වෙන් කරගන්න..මෙන්න තියෙනවා බඩු.

    20130311-150709.jpg

    DDD.jpg

    මේක අනිවා fridge එකේ තියන්න ඕන..ඕන වෙලාවට අරන් පාවිච්චි කරන්න පුළුවන්..උයන්න ඇගේ ගාන්න නැත්නම් ඔලුවේ උනත් ගාන්න ගන්න පුළුවන්..:):):)

    20130311-153457.jpg

    gen4qs.jpg

    HEAT කරලා පොල් තෙල් හදන්නේ මෙහෙමයි..:)

    මෙන්න පොල් තෙල් පාවිච්චි කරාම ලබා ගන්න පුළුවන් දේවල්...

    20130512-120418.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Good post bro :) වෙලාවක කරලා බලන්න ඕනා..... :D

    ඕකට අමතරව, පොල් ටික කෑලි කෑලි වලට කපලා, අව්වේ වේලලා, පොල් තෙල් හිදින තැනකට ගිහින් දීලා පොල් තෙල් ගන්න පුලුවන් නේ...... :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Good post bro :) වෙලාවක කරලා බලන්න ඕනා..... :D

    ඕකට අමතරව, පොල් ටික කෑලි කෑලි වලට කපලා, අව්වේ වේලලා, පොල් තෙල් හිදින තැනකට ගිහින් දීලා පොල් තෙල් ගන්න පුලුවන් නේ...... :)
    එහෙමත් පුළුවන්ද?:eek:
    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Good post bro :) වෙලාවක කරලා බලන්න ඕනා..... :D

    ඕකට අමතරව, පොල් ටික කෑලි කෑලි වලට කපලා, අව්වේ වේලලා, පොල් තෙල් හිදින තැනකට ගිහින් දීලා පොල් තෙල් ගන්න පුලුවන් නේ...... :)

    ඒත් 100% ගුණය ගන්න බැහැ මචන් එහෙම කරොත්.HEAT එකට පොල් වල තියෙන ගුණය ගොඩක් නැති වෙනවා..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Good post bro :) වෙලාවක කරලා බලන්න ඕනා..... :D

    ඕකට අමතරව, පොල් ටික කෑලි කෑලි වලට කපලා, අව්වේ වේලලා, පොල් තෙල් හිදින තැනකට ගිහින් දීලා පොල් තෙල් ගන්න පුලුවන් නේ...... :)

    e seen ekai mekai weneas neda ban ... :confused::confused::confused:

    habi meka pataa .. pol gass gedarama tihyewnanm :lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    eth macho 24 hours eliye rasnen thibbama coconut milk tika narak wenne nadda?

    නැහැ බං එහෙම වෙන්නේ නැහැ..මේක හදා ගත්තට පස්සේ නම් අනිවා fridge එකේ තියන්න ඕන.:)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නියම පොස්ට් එක මචන් .. +9
    පුලුවන්නම් සම්බෝල හදන හැටිත් දාපන්
     
    • Like
    Reactions: deanXX

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Good post bro :) වෙලාවක කරලා බලන්න ඕනා..... :D

    ඕකට අමතරව, පොල් ටික කෑලි කෑලි වලට කපලා, අව්වේ වේලලා, පොල් තෙල් හිදින තැනකට ගිහින් දීලා පොල් තෙල් ගන්න පුලුවන් නේ...... :)
    api karanne mehemai :D sudu pata clean pol thel labenawa :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒත් 100% ගුණය ගන්න බැහැ මචන් එහෙම කරොත්.HEAT එකට පොල් වල තියෙන ගුණය ගොඩක් නැති වෙනවා..
    heat magulak karanne na ban eke awwata pol tika tikak welenawa arenna :D
    hidina thanata dunnama un machine eke dala ambaranawa ethakota thel enawa :D rath karanne mukuth na winadi ganai yanne.