Colombo car Race

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Colombo car Race



    car transporting for race





    Ready to Race





    engine of racing car​

    අමෙරිකාවේ මහ රාත්‍රී පාරවල් වසාගෙන පවත්වන රේස් තහනම් වේ.ඒවා පසුපසින් පොලිසිය එලවාගෙන ගොස් ඒ කාර්කරුවන් සහ සංවිධාකයින් අල්වා දඬුවම් කරනු මා චිත්‍රපටවල සහ වීඩියො ගේම් වල දැක ඇත.එහෙත් ලංකාවේ ප්‍රධාන නගරයක ප්‍රධානම වීදි කීපයක් වසා තිබෙන තරඟයට තින්ත ගෑම්වල සිට ටයර් ඇතිරීම දක්වා බොහෝ දේ කරන්නේ ලංකා හමුදාව විසිනි.හමුදාව විසින් කාර් රේස් සංවිධානය කිරීම මෙහි පවතින සම්ප්‍රදායක්දැ යි මට වරෙක සිතේ.
    අද කොටුවේ සියලු කාර්යාල පස්වරුවේ වැඩ නවත්වන ලදී.බොහෝ ආයතන පස්වරු 3 පමණ වනවිට වසා දමන ලදී. කොළඹ කොටුවේ ඇති බැංකු සහ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගම් ඒ අතර වෙයි. හෙට දිනයේද එම කාර්යාල සහ බැංකු මූල්‍ය ආයතන සියල්ල අත්‍යාවශ්‍ය රාජකාරි පමණක් කරනු ඇත.ශ්‍රී ලංකාවේ ඇති මූලික ස්ථානයක් වන ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ තරු පංතියේ හෝටල් කීපයක් වටා පැවැත්වෙන මෙම තරඟය එම හෝටල් සහ සේවා ස්ථාන සඳහා බාධාවක් වෙනු ඇත.



    mini car collection



    another mini car waiting for race

    මේ රේස් සඳහා අනුග්‍රහය දක්වන්නේ කාල්ටන් ක්‍රීඩා සමාජය යන නමින් හඳුන්වන ක්‍රීඩා සමාජයකි.එහි වාහන වලට ලබා දී ඇති අංක තහඩු වලද කාල්ටන් ස්පොට් නෙට්වර්ක් නම් රූපවාහිනි ආයතනයේ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.




    මගේ අදහස නම් ලංකාවේ වෙනත් ජනයා අඩු සංචාරක ආකර්ශනය සහිත ප්‍රදේශයක මේ සංදර්ශන පැවැත්වූවා නම් වඩා සුදුසු බවය.එසේ වූවා නම් මේ තරම් වාහන තදබදයක් සහ ආර්ථික බාධාවක් රටට සිද්ද වන්නේ නැත. මේ හේතුවෙන් හෙටත් අනිද්දාත් කොළඹ ප්‍රධාන මාර්ග කීපයක්ම වසා ඇති හෙයින් ඒ මාර්ග හරහා කොළඹට පැමිණෙන රථවාහන වල දැඩි තදබදයක් ඇතිවිය හැක.එසේම රථවාහන අපාසුතාවය නිසා මේ කාර් පවත්වන සීමාවේ පවතින කාර්යාල වලට අමතරව වෙනත් කාර්යාල රැසක කටයුතු ඉරිදා සහ සෙනසුරාදා යන දෙදින අඩපන වනු ඇත.මේ දින දෙක නිවාඩු යැයි කෙනකුට කිය හැක.නමුත් බොහෝ පුද්ගලික ආයතන සෙනසුරාදා අඩුතරමේ වරුවක්වත් සිය සේවා පවත්වාගෙන යයි.





    modified car

    කෙසේ උවත් අවසන අපේ දැඩි ලෙස දැවෙන ප්‍රශ්ණයක් වූ කාර් රේස් අවශ්‍යතාවය මනා ලෙස හඳුනා ගෙන එය සම්පූර්ණ කිරීමට සාධනීය පියවර ගැන්ම ගැන මගේ හදපිරි ප්‍රසංසාව රජය වෙත යොමු කරමි.



    Transporting Bikes for race