Colombo City Centre හි විවෘත කරනු ලැබූ තිර 6 කින් සමන්විත සිනමා සංකීර්ණයේ Dolby Atmos (ඩොල්බි ඇට්මොස්) සිනමා ශාලාව ලංකාවේ ආරම්භ කරන ලද දෙවැනි ඩොල්බි ඇට්මොස් සිනමා ශාලාවයි. මෙය පළමු, එම ඝණයේ සිනමා ශාලාවට වඩා වෙනස් වන්නේ අන්තර්ජාතික ප්‍රමිතියකින් යුතුව ආකර්ශණීය මට්ටමින් මෙන්ම පුළුල් තිරයක්ද ඇතුලත් ව 4K ප්‍රක්ශේපණ තාක්ෂණය ද සහිතව නිම කර තිබීමයි. මේ ශාලාවේ ටිකට්පතක මිල රුපියල් 900ත් 1100ත් අතර වනවා.