Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙරට ලොකුම හෝටලය කළමනාකරණයට සාකච්ඡා


    LOLC ලෙෂර් සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම හෝටලය ලෙසින් සැලකෙන කාමර 475 කින් සමන්විත හෝටලය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර හෝටල් ජාලයක් සමග සමාගම සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය වේ.


    මේ බව පාම් ගාඩ්න් හෝටල්වල හිමිකාරීත්වය සහිත LOLC ලෙෂර් සමාගමේ සභාපති කපිල ජයවර්ධන වාර්ෂික වාර්තාව මගින් කොටස් කරුවන්ට දැනුම් දී තිබේ.

    ඔහු පවසා තිබෙන්නේ මෙම හෝටලය ගොඩනැගීමෙන් පසුව තෝරා ගන්නා හෝටල් කළමනාකරණ සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි.

    සමාගම විසින් රිවරිනා හොටෙල්ස් සහ රිවරිනා රිසෝර්ට්ස් සමාගම් ඒකාබද්ධ කළ අතර තිබුණු හෝටල් නව ව්‍යාපෘතිය වෙනුවෙන් කඩා ඉවත් කරන ලදී.

    සිටින සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම සැලසුමක් ලබාදීම සඳහා රුපියල් මිලියන 92 ක මුදලක් සමාගම විසින් වියදම් කර තිබේ.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=820847708
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සති 52 කට පසුව කොටස් 47 ක් අඩුම අගයේ


    විදේශීය ආයෝජකයින්ගේ ශුද්ධ විකුණුම් වැඩිවේ

    ඊයේ දිනයේ විශාල පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද දිනයේදීත් පහළ ගොස් තිබෙන අතර කොටස් 47 ක මිල ගණන් සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල වාර්තා කළේය.


    මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 30.79 කින් පහළ ගොස් ඒකක 6,085.88 ක්වූ අතර එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක 12.10 කින් පහළ ගොස් ඒකක 3,422.27 ක් විය.

    ඊයේ දිනයේදී පහළ ගිය නෙස්ලේ ලංකා සහ ජෝන් කීල්ස් කොටස් අද දිනයේදීත් පහළ ගොස් ඇත. මේ අනුව, නෙස්ලේ ලංකා කොටසක් අද දිනයේදී රුපියල් 29.10 කින්ද ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.40 කින්ද පහළ යද්දී ඊයේ දිනයේදී පහළ ගිය ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 10 කින් ඉහළ ගියේය.

    මේ අතර, කාර්සන්ස් කොටසක් රුපියල් 2.10 කින්ද බුකිට් ඩාරා කොටසක් රුපියල් 10.10 කින්ද පහළ ගොස් තිබේ.

    සාකච්ඡා කළ කොටස් ගනුදෙනු

    සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් ගනුදෙනු හතරක් අද සිදුව තිබේ. එනම්, ජෝන් කීල්ස් කොටස් 720,000 ක් රුපියල් 247.90 ත් 248 අතර මිලකටත් හේමාස් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 5.1 ක් එකක් රුපියල් 34.20 ත් 34.30 අතර මිලකටත් කොමර්ෂල් බැංකුවේ කොටස් 600,000 ක් එකක් රුපියල් 118.20 ක මිලකටත් ලයන් බෘවරි කොටස් 67295 ක් එකක් රුපියල් 370 ක මිලකටත් අලෙවි වී ඇත.

    දිනයේ සිදුවූ සමස්ත සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 451 කි. එය දිනයේ පිරිවැටුම වූ රුපියල් මිලියන 653 සමග සැසඳීමේදී සියයට 69 ක ප්‍රමාණයකි.

    විදේශීය සහභාගීත්වය

    මේ අතර, අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකිණීම කළ අතර ශුද්ධ විදේශීය විකුණුම් වල වටිනාකම රුපියල් මිලියන 92.3 කි.

    විදේශීය සහභාගීත්වය දිනයේ පිරිවැටුමින් සියයට 69 ක් පමණ මට්ටමක තිබුණි.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=769439476
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB ඩොලර් බැඳුම්කරයේ පොලිය වැඩිවන ලකුණු

    ඌණ ආයෝජන ශ්‍රේණිය ගැන ජාත්‍යන්තර අවධානය

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිදුකිරීමට යන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවට අදාළව ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹීමට සූදානම් වෙද්දී ෆිච් රේටින්ග්ස් විසින් මෙම නිකුතුවට ලබාදී තිබෙන ඌණ ආයෝජන ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ අවධානය යොමුවේ.


    ෆිච් රේටින්ග්ස් පවසා තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට BB- අපේක්ෂිත ණය ශ්‍රේණියක් ලබාදී තිබෙන බවයි. මෙම ණය ශ්‍රේණිය ඌණ ආයෝජන ණය ශ්‍රේණියක් වන අතර පසුගිය කාලයේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පහළ වැටී නැගී සිටීමට වෙර දරමින් සිටින අවස්ථාවේදී මුලින්ම වෙළඳ පොළට යන විශාල නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලකිය හැකිය.

    මේ නිසා, ජාත්‍යන්තර ආරංචි මාර්ග වෙතින් “විමසුම“ ට අනාවරණය වන්නේ මෙම නිකුතුවේදී පසුගියදා ලංකා බැංකුව සිදුකළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදීට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

    පසුගිය කාලයේදී ඉන්දුනීසියාව විසින් ජාත්‍යන්තර වෙළඳ පොළට නිකුත් කළ ආයෝජන ශ්‍රේණියේ ඇගයීමක් සහිත බැඳුම්කරයට පවා ඔවුන් එයට පෙර නිකුත් කළ බැඳුම්කරයට වඩා පැවතියේ අඩු ඉල්ලුමකි.

    ඇමරිකානු මහ බැංකුව විසින් සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමත් අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් ආයෝජන බැංකු කරුවන් නිවාඩු යාමත් නිසා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පසුගිය කාලයේදී උදාසීනත්වයට පත්විය.

    එම වෙළඳ පොළ හිස එසවීම ආරම්භ කළ මේ අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිකුත් කිරීමට යන ඩොලර් බැඳුම්කරයේ ණය ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්වනු ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත අනාවරණය කළේය.

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඩොලර් බිලියනයක් දක්වා මෙම නිකුතුවෙන් රැස්කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ තුළින් රජයේ අයවැය හිඟය පියවාගැනීමට සහාය ලබාදීමට බලාපොරොත්තු වේ.

    මෙම බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 26 වනදා නිව් යෝර්ක් නුවරින් ආරම්භ කරන බවත් 28 වනදා ලොස් ඇන්ජලීස්, 30 වනදා ලන්ඩන්, සැප්තැම්බර් 02 වනදා හොංකොං සහ 03 වනදා සිංගප්පූරුවේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවත් හෙළිවේ.

    බැඳුම්කර නිකුතුව ෆිච් ඇගයූ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙන්න

    Fitch Rates National Savings Bank s Senior Notes BB-(EXP)

    23 Aug 2013 2:46 AM (EDT) Fitch Ratings-Colombo-23 August 2013: Fitch Ratings has assigned Sri Lanka-based National Savings Bank s (NSB; BB-/Stable) proposed issue of USD-denominated notes an expected rating of BB-(EXP).

    The final rating is contingent upon receipt of final documents conforming to information already received.

    Fitch believes that the issue of the notes by NSB is closely linked with government policy requirements. The proceeds will likely be used to invest in Sri Lanka s development bonds - USD-denominated debt issued by the government of Sri Lanka - and to fund USD- and LKR-denominated loans to state-owned entities and government-related projects.

    KEY RATING DRIVERS

    The notes are rated at the same level as NSB s Long-Term Foreign Currency Issuer Default Rating (IDR) of BB- as they constitute unsecured and unsubordinated obligations of the bank.

    NSB s ratings reflect Fitch s expectation of the government of Sri Lanka s high propensity but moderate ability to provide support, in case of need, to the bank. The state s high propensity to support NSB stems from the bank s full state ownership, systemic importance and its policy mandate of mobilising retail savings and investing them in government securities. The state s moderate ability to provide timely support to NSB in times of distress is reflected in the sovereign s BB- rating, which is on Stable Outlook.

    Fitch is of the view that state support, in case of need, is likely to be made equally available to depositors, who benefit from an explicit guarantee as contained in the NSB Act, and senior unsecured creditors. This is due to NSB s policy role and to maintain confidence and systemic stability. Fitch does not assign a Viability Rating to NSB as the latter is viewed as a public mission bank.

    RATING SENSITIVITIES

    Any change in NSB s IDRs could impact the rating of the notes. Any change in Sri Lanka s rating or to the perception of state support to NSB could result in a change in NSB s IDRs and hence the rating of the notes


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=54251882
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළඳ පොළ මැණික් සල්ලි සොයා යයි


    කොළඹ කොටස් වෙළඳ පොළ මේ වනවිට දිවයින පුරා ශාඛා හයක් ආරම්භ කර තිබෙන අතර එහි හත්වන ශාඛාව විවෘත වූයේ රත්නපුර නගරයේයි.


    මේ අනුව, මෙම ශාඛාව රත්නපුර, කොළඹ පාරේ, අංක 131 දරණ ස්ථානයේදී ආරම්භ කෙරුණි.

    නව ශාඛාව මගින් සබරගමුව පළාතේ ආයෝජකයන්ට කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කොටස් හා ණයකර වල ආයෝජන අවස්ථා පිළිබඳව අධ්‍යනයට අවකාශය සලසා ඇති අතර පළාතෙහි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සඳහා අධ්‍යාපනික වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය.

    මෙම ශාඛාවට අමතරව, මාතර, කුරුණෑගල, මහනුවර, යාපනය, අනුරාධපුරය, මීගමුව යන නගරවල කොළඹ කොටස් වෙළඳ පොළේ ශාඛා ඇත.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1714926849
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    JKH නිවේදනය හමුවේ කොටස් පොළ වැටේ


    ජෝන් කීල්ස් සමාගම විසින් ග්ලේනි වීදියේ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලය සඳහා අරමුදල් රැස්කර ගැනීමට සිදුකිරීමට යන හිමිකම් ඈදුණු කොටස් බලපත්‍ර නිකුතුවේ නිවේදනය කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළ වැටෙයි.


    මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.87 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 5,753.20 ක් ලෙසයි.

    එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 3.30 කින් පහළ ගොස් ඒකක 3,209.93 ක් විය.

    අද දිනයේ කොටස් වෙළඳ පොළේ පහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිල පහළ වැටීමයි.

    මේ අනුව, හිමිකම් වලට ඈඳුණු කොටස් බලපත්‍ර නිකුතුව පිළිබඳව නිවේදනය කළ පසු ජෝන් කීල්ස් කොටසක් රුපියල් 204 ක් දක්වා පහත වැටුණු අතර ගනුදෙනු අවසානයේදී එහි මිල රුපියල් 208 ක් විය. එනම්, ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 23.60 කින් පහළ වැටුණි.

    මෙම කොටස් බලපත්‍ර නිකුතුව යටතේ අවුරුදු 02 කින් කල් පිරෙන කොටස් බලපත්‍රයක් රුපියල් 185 කටත්, අවුරුදු තුනකින් කල් පිරෙන කොටස් බලපත්‍රයක් රුපියල් 195 කටත් නිකුත් කරනු ලබන්නේ තිබෙන සෑම කොටස් 13 කටම කොටස් බලපත්‍ර දෙකක් බැගිනි.

    මේ අතර, අද දිනයේදී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් 14 කම කොටස් මිල ගණන් පහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 694 කි.

    සමස්ත මිල දර්ශකයට අයත් සමාගම් 80 කට අයත් කොටස්වල මිල ගණන් අද සටහන් වූයේ සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල ලෙසයි.

    කලින් ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් 03 ක් අද සිදුවූ අතර යුනයිටඩ් මෝටර්ස් කොටස් මිලියන 2.2 ක් එකක් රුපියල් 104 බැගින්ද, එන්.ඩී.බී. කොටස් 230,000 ක් එකක් රුපියල් 150 ක් බැගින්ද කොමර්ෂල් බැංකුවේ කොටස් 200,000 ක් එකක් රුපියල් 116 බැගින්ද අලෙවි විය.

    විදේශීය ක්‍රියාකාරීත්වය

    අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 31 ක්ම විදේශීය ගනුදෙනු වූ අතර විදේශීය ආයෝජකයින් ශුද්ධ කොටස් ගැණුම් කරුවන් විය.

    මේ අනුව, විදේශීය ආයෝජකයින් මිලදී ගත් ශුද්ධ කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 205 කි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=210247740
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ෆිච්, කොමර්ෂල් බැංකුවට දුන් ඇගයීම මෙන්න


    කොමර්ෂල් බැංකුවේ AA(lka) වන ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් සහතික කර තිබේ.


    මීට අමතරව, බැංකුවේ පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර සඳහා ෆිච් විසින් AA-(lka) ණය ශ්‍රේණියක් ලබාදී ඇත.

    සම්පූර්ණ නිවේදනය මෙන්න

    Fitch Affirms Commercial Bank of Ceylon at AA(lka)/Stable

    Fitch Ratings Lanka has affirmed Commercial Bank of Ceylon PLC s (CB) National Long-Term rating at AA(lka) with a Stable Outlook. The agency has also affirmed CB s subordinated debentures at AA-(lka).

    Key Rating Drivers

    The rating captures CB s solid franchise as the third-largest domestic commercial bank in Sri Lanka, its strong financial profile and its stable operating performance among domestic peers.

    CB continues to enjoy a high share of current and savings accounts (CASA) compared with most AA(lka) category peers. This is despite a contraction in CB s share of CASA in its deposit base in 2012 (end-2012: 45% of total deposits, end-2011: 52%) as seen across the sector due to rising interest rates. In addition, CB s foreign currency deposit base (20% of total deposits) was the second-largest among domestic banks at end-2012.

    Loan growth at CB has historically been more moderate compared with the rest of the banking sector. Exposure is predominantly to retail/SME customers (end-2012: 39%). Exposure to volatile global gold prices, in the form of pawning advances (gold- backed loans), is low compared with large AA(lka) category peers. Pawning advances accounted for under 3.5% of CB s loans at end-2012.

    In line with its view for the Sri Lankan banking sector, Fitch expects CB s asset quality to decline but remain healthy on account of its cautious approach to loan expansion in terms of the quantum and quality of lending. CB s reserves for impaired loans (individual and collective) accounted for 3.9% of loans at end-2012, which was the highest among AA(lka) category private commercial banks.

    CB has maintained strong capital, supported by high profitability and measured loan expansion. It was further aided by access to shareholder funds in 2011 and capital retention through scrip dividends. Its adjusted Fitch core capital ratio was high at 13.3% at end-2012. Fitch included pawning advances and government securities with a 50% and 100% risk weighting respectively (zero risk weighted for regulatory purposes) in calculating this ratio.

    Fitch expects CB s credit profile to remain primarily linked to the domestic economy. Its operations in Bangladesh, which accounted for about 8% of assets and 10% of net income in 2012, differentiate CB from peers but Fitch believes that related diversification benefits are offset by risks associated to this market.

    The subordinated debt is rated one notch lower than the issuer rating to reflect its gone-concern loss-absorption quality in the event of a liquidation, in line with Fitch s criteria for rating such securities.

    Rating Sensitivities

    A decline in CB s ability to withstand cyclical asset quality deterioration, lower earnings and capitalisation could result in a downgrade. In addition, any marked weakening in CB s deposit franchise, which Fitch views as a key strength differentiating CB from its lower-rated peers, would be negative.

    Sustained improvements in CB s balance sheet strength resulting in enhanced resilience against a volatile operating environment could be positive for the rating.

    The subordinated debt rating will move in tandem with the Long-Term rating.

    Established in 1969 but tracing its origins to 1920, CB had a network of 227 delivery points and 555 ATMs as at end-2012. CB s single-largest shareholder continues to be DFCC Bank Plc which held 15% of its voting equity while entities related to the state included in the list of twenty largest shareholders held a further 19%
    .


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=724871657
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Softlogic ණයකරය ඉතිරෙයි


    සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම විසින් නිකුත් කළ රුපියල් මිලියන 500 ක ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවෙයි.


    මේ අනුව, වාණිජ බැංකු, සංවර්ධන බැංකු, ආයතනික සහ සිල්ලර ගැනුම්කරුවන්ගෙන් නිකුතුවට රුපියල් මිලියන 527 ක් වටිනා ලංසු ඉදිරිපත් වී තිබේ.

    මෙම ණයකරය මගින් වාර්ෂිකව, හය මාසිකව සහ මාසිකව ස්ථාවර පොලියක් ගෙවනු ලබන අතර නිකුතුව කළමනාකරණය කරනු ලැබුවේ Kenanga Investment Corporation Ltd සමාගමයි.

    සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම සතුව රුපියල් බිලියන 6.8 ක තැන්පතු සහ රුපියල් බිලියන 14 ක වත්කම් ඇත.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1446312190
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    JKH නිවේදනය හමුවේ කොටස් පොළ වැටේ


    ජෝන් කීල්ස් සමාගම විසින් ග්ලේනි වීදියේ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලය සඳහා අරමුදල් රැස්කර ගැනීමට සිදුකිරීමට යන හිමිකම් ඈදුණු කොටස් බලපත්‍ර නිකුතුවේ නිවේදනය කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළ වැටෙයි.


    මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.87 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 5,753.20 ක් ලෙසයි.

    එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 3.30 කින් පහළ ගොස් ඒකක 3,209.93 ක් විය.

    අද දිනයේ කොටස් වෙළඳ පොළේ පහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිල පහළ වැටීමයි.

    මේ අනුව, හිමිකම් වලට ඈඳුණු කොටස් බලපත්‍ර නිකුතුව පිළිබඳව නිවේදනය කළ පසු ජෝන් කීල්ස් කොටසක් රුපියල් 204 ක් දක්වා පහත වැටුණු අතර ගනුදෙනු අවසානයේදී එහි මිල රුපියල් 208 ක් විය. එනම්, ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 23.60 කින් පහළ වැටුණි.

    මෙම කොටස් බලපත්‍ර නිකුතුව යටතේ අවුරුදු 02 කින් කල් පිරෙන කොටස් බලපත්‍රයක් රුපියල් 185 කටත්, අවුරුදු තුනකින් කල් පිරෙන කොටස් බලපත්‍රයක් රුපියල් 195 කටත් නිකුත් කරනු ලබන්නේ තිබෙන සෑම කොටස් 13 කටම කොටස් බලපත්‍ර දෙකක් බැගිනි.

    මේ අතර, අද දිනයේදී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් 14 කම කොටස් මිල ගණන් පහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 694 කි.

    සමස්ත මිල දර්ශකයට අයත් සමාගම් 80 කට අයත් කොටස්වල මිල ගණන් අද සටහන් වූයේ සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල ලෙසයි.

    කලින් ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් 03 ක් අද සිදුවූ අතර යුනයිටඩ් මෝටර්ස් කොටස් මිලියන 2.2 ක් එකක් රුපියල් 104 බැගින්ද, එන්.ඩී.බී. කොටස් 230,000 ක් එකක් රුපියල් 150 ක් බැගින්ද කොමර්ෂල් බැංකුවේ කොටස් 200,000 ක් එකක් රුපියල් 116 බැගින්ද අලෙවි විය.

    විදේශීය ක්‍රියාකාරීත්වය

    අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 31 ක්ම විදේශීය ගනුදෙනු වූ අතර විදේශීය ආයෝජකයින් ශුද්ධ කොටස් ගැණුම් කරුවන් විය.

    මේ අනුව, විදේශීය ආයෝජකයින් මිලදී ගත් ශුද්ධ කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 205 කි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=210247740
    ai stable weddi ara gaanatama yaida machan
    e ganata yanna kochchara kalayak yaida
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොටස් පොළේ රැළි මෙසේයි


    ජෝන් කීල්ස්, සෙලින්කෝ රක්ෂණ, චෙව්රන් ලුබ්රිකන්ට් සමාගම්වල කොටස් මිල පහළ වැටීම හමුවේ අද දිනයේ කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගිය අතර ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නිසා එහි කොටස් ගනුදෙනු වීම දින තුනකට අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම අද කටයුතු කරන ලදී.


    මේ අනුව, ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී ටච්වුඩ් සමාගමේ කොටසක මිල සියයට 13.33 කින් පහළ ගොස් රුපියල් 1.30 ක්වී තිබුණි.

    දිනයේ සමස්ත මිල දර්ශකයේ අගය ඒකක 5,686.99 ක්වූ අතර එය සියයට 1.01 ක පහළ යාමකි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 3,178.12 ක්වූයේ සියයට 1.02 කින් පහළ යමිනි.

    අර්බුදයට පත්ව තිබෙන CIFL සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දීමක් තිබුණු අතර ඒ හමුවේ එහි කොටසක් සියයට 20 කින් පහළ වැටුණි.

    අද දිනයේ වැඩිපුරම කොටස් ගනුදෙනු වූ සමාගම් ලෙස ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව හා වටවල ප්ලාන්ටේෂන් සඳහන් කළ හැකි අතර මෙම සමාගම් තුනම ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් ගනුදෙනු සිදුකරන ලදී.

    මේ අනුව, ජෝන් කීල්ස් සමාගම මිලියන 0.4 ක කොටස් විකුණා දැමුවේ එකක් රුපියල් 210 ක් හා රුපියල් 210.30 ක් යන මිල ගණන් වලටයි. වටවල ප්ලාන්ටේෂන් සමාගම කොටසක් රුපියල් 14 බැගින් කොටස් මිලියන 2.5 ක් අලෙවි කළේය.

    කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 0.3 ක් එකක් රුපියල් 114.70 ක් බැගින් අලෙවිකළ අතර අද ශුද්ධ විදේශීය විකුණුම්වල වටිනාකම රුපියල් මිලියන 67 කි.

    දිනයේ ගනුදෙනු වලින් සියයට 45 ක් සිදුකරනු ලැබුවේ විදේශීය ආයෝජකයින් විසිනි.

    තංගල්ල වෙරළේ තායිලන්තයේ මයිනර් සමාගම සමග සුඛෝපභෝගී හෝටලයක් ඉදිකරන බව ඊයේ පැවසූ හේමාස් සමූහයේ කොටසක මිල අද රුපියල් 2.20 කින් වැඩිවී රුපියල් 31.00 ක් විය.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1151693637
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විනිමය කොමිසමෙන් Touchwood ගැන පරීක්ෂණයක්


    දින තුනකට කොටස් ගනුදෙනු වීම අත්හිටුවයි

    තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් සමාගමේ කොටස් ගනුදෙනුවීම අත්හිටවූ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.


    මේ අනුව, දින තුනක කාලයක් සඳහා සමාගමේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.

    මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය. මෙම දැන්වීම පළකර තිබු‍ණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=160216105
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සනාව පෙන්වා මුදල් ගැරූ CIFL, අර්බුදය මෙන්න


    අද කොටස් මිල සියයට 20 කින් බිම

    බංකොලොත්වී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද සන්නාම තානාපති ධූරයක් ඉසිලූ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට කළ දැනුම් දීම හමුවේ සමාගමේ කොටසක් අද සියයට 20 කින් කඩා වැටුණි.


    මේ අනුව, කොටසක මිල ශත 10 කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී කොටසක මිල ශත 40 ක් විය. සමාගමට පසුගිය කාලයේදී මුහුණ දීමට සිදුවූ ක්‍රියාදාමය පිළිබඳව සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණු අතර එහිදී පවසා තිබුණේ 2012 දෙසැම්බර් 24 වනදා එහි ප්‍රධාන විධායකවරයා ඉවත් කළ පසුව ලක්ෂ්මන් රූපසිංහ මහතාව වැඩ බලන ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත්කළ බවයි.

    කළමනාකරණය වෙනස්වීම නිසා බොහෝ තැන්පතු කරුවන් සිය තැන්පතු ඉල්ලා සිටි බවත් සමාගම තුළට පැමිණි මුදල් වලට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පතු කරුවන් ඉල්ලා සිටීම නිසා මුදල් ගෙවීමේ ගැටලුවක් මතුවූ බවත් සමාගම කියා ඇත. මේ අතර, සමාගමේ නව ආයෝජකයින් විසින් කියා ඇත්තේ ඔවුන් අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණෙන තුරු සමාගමේ කිසිදු වත්කමක් විකුණා දැමීම හෝ අරමුදල් රැස් කිරීම නොකරන ලෙසයි.

    මෙවැනි තත්ත්වයක් තුළ සමාගමේ චෙක්පත් කිහිපයක්ම අගරු වූ බවත් 2013 මැයි 02 වනදා නව ආයෝජකයා විසින් සමාගමේ කළමනාකාරීත්වය භාරගත් බවත් සඳහන්ය. මෙහිදී, ආයෝජකයා පොරොන්දු වී තිබෙන්නේ සමාගමේ සියළුම වගකීම් සහ හිඟ පොලී මුදල් පියවා දමන නමුත් පොරොන්දු වූ පරිදි එවැනි කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව සමාගම පවසා තිබේ.

    පසුව මහ බැංකුව විසින් මෙම සමාගමේ කළමනාකාරීත්වය 2013 ජූලි 01 වනදා පීපල්ස් ලීසිං සමාගමට පවරා ඇත.

    මේ අතර, සමාගම විසින් ලබාදුන් චෙක්පත් අගරු වූ තැන්පතු කරුවන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුව එය අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම විභාගය 2013 සැප්තැම්බර් 02 වනදා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී සමාගමේ නීතීඥයින් විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන බැවින් එම තැන්පතු ලබාදිය නොහැකි බවයි.

    කෙසේවෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම සමාගම බංකොලොත්වීම නිසා තැන්පතු කරුවන් 6000 ක් පමණ අසරණ වී තිබෙන බවත් සමාගමේ තැන්පතු කර තිබෙන මුදල රුපියල් බිලියන 3.4 ක් පමණ වන බවයි.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=355329706
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හොංකොං ආයෝජන සමුළුවේදී අපේ අය කී දෑ මෙන්න

    සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව හොංකොං හි, ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවැත්වූ “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමු“ යන එක්දින ආයෝජන සමුළුව සාර්ථක වූ බව විනිමය කොමිසම හා කොටස් වෙළඳ පොළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියයි.


    මේ අනුව, අද පැවැත්වුණු මෙම සමුළුව සඳහා ආයතනික හා මහා පරිමාණ ආයෝජකයින්ද, ආයෝජන කළමනාකරුවන්ද සියයකට අධික පිරිසක් සහභාගී වූ බව සඳහන්ය.

    මෙහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සහ ප්‍රාග්ධන වෙළඳ පොළ තුළ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳ පොළේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය පැමිණි පිරිස දැනුවත් කර තිබේ.

    මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව තිබෙන බවත් පසුබා තිබෙන ගෝලීය ආර්ථිකය හමුවේ විදේශීය ආයෝජකයින්ට ලංකාව තුළ වැඩි අවස්ථාවන් නිර්මාණය වී ඇති බවයි.

    පසුගිය වසර කිහිපය තුළ මෙරට ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් රාමුව සැලකිය යුතු අන්දමින් සංවර්ධනය වී තිබෙන බවත් අන්තර් ජාතික සුරැකුම් පත් කොමිෂන් සභා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් නියාමන රාමුව උසස් කිරීම සඳහා පියවර ගන්නා බවත් මෙහිදී අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතා පවසා තිබේ.

    එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීම සඳහා අන්තර් ජාතික නියාමකයින් සමග සමීපව කටයුතු කරමින් අන්තර් ජාතික මට්ටමට නියාමනය වෙනස් කිරීමට කටයුතු කර තිබෙන බව ගොඩහේවා මහතා හොංකොං ආයෝජකයින්ට පවසා ඇත.

    ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා කියා තිබෙන්නේ හොංකොං හිදී ලංකාව පැවැත්වූ පළමුවන ආයෝජන සමුළුව සඳහා විශාල පිරිසක් සහභාගී වීම ගැන සතුටු වන බවත් සමස්ත වෙළඳ පොළේ විදේශීය ක්‍රියාකාරීත්වය වර්ධනය වීම නිසා ඉදිරි වසරේදී ප්‍රාග්ධන වෙළඳ පොළ තවත් වර්ධනය වනු ඇති බවයි.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1471260306
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින් අද්දවා ගැනීමක් මෙහෙයුමක් අද හොංකොං හිදී



    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ එක්ව සංවිධානය කරනු ලබන ආයෝජන දිනයක් අද දිනයේ දී හොංකොං හි ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවත්වීමට කටයුතු යොදා තිබේ.

    මේ සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් විසින් ආයෝජන දින ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිත බව ලංකා බිස්නස් නිවුස් වෙත වාර්තා වේ.

    මේ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වන John Keells Holdings PLC, Commercial Bank of Ceylon PLC, DFCC Bank, Distilleries Company of Sri Lanka PLC, Nations Trust Bank PLC, Dialog Axiata PLC, Hayley’s PLC, Ceylinco Insurance PLC, Access Engineering PLC, People’s Leasing & Finance PLC සහ Tokyo Cement Company (Lanka) PLCසමාගම්වල නියෝජිතයින් විසින් විදෙස් ආයෝජකයින් සමඟ සෘජුවම සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    එසේම මීට අමතරව කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් ගණනාවකම ප්‍රධානීන් රැසක් ද මේ සඳහා එක් වීම සඳහා හොංකොං බලා පිටත්ව ගොස් තිබේ.



    http://www.lankabusinessnews.com/13.09.September/056.Hongkong.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ජෝන් කීල්ස් හිමිකම් නිකුතුවේ දින ප්‍රකාශ කෙරේ


    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම විසින් සිදුකිරීමට නියමිත හිමිකම් කොටස් නිකුතුවේ දින, අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. මේ අනුව 2013 ඔක්තෝබර් 03 වන දිනට ප්‍රථම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් හිමි කොටස්කරුවන් හට සෑම කොටස් 13 කටම හිමිකම් කොටස් 2 බැගින් හිමිවනු ඇත.

    මෙහිදී හිමිකම් කොටසක්, සාමාන්‍ය කොටසක් බවට පරිවර්තනය සඳහා හිමිකම් කොටසක් සඳහා රුපියල් 175 බැගින් ගෙවිය යුතුවේ. අද දිනය තුළ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක් රුපියල් 209.00 ක් දක්වා වූ පහළ මිලකට ද ගනුදෙනු වන දැකිය හැකිවිය.

    අදාළ හිමිකම් කොටස් 2013 ඔක්තෝබර් 15 වැනිදා සිට 24 වන දින දක්වා කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වීමට නියමිතය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොටස් වෙළෙඳපොළ ආයෝජකයෙකු ලංකා බිස්නස් නිවුස් වෙත කියා සිටියේ, පසුගිය කාලයේ දී කොටස් වෙළෙඳපොළ සිදුවූ සමාගම් රැසකම හිමිකම් නිකුතු අසාර්ථක වූ බවත්, ජෝන් කීල්ස් සමාගමට ද එම ආනිශංසය අත්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවත්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සාමාන්‍යෙයන් හිමිකම් කොටස් නිකුතු යනු සමාගමක කොටස් හිමියෙකුට හිමිවන අතිරේක වරප්‍රසාදයක් බවට හැඳින්වීම අද වන විට සම්පූර්ණයෙන්ම වැරදි බවත්, වර්තමානයේ දී හිමිකම් නිකුතු යනු අදාළ සමාගමේ කොටස් හිමියන්ට, සමාගම විසින් සිදුකරනු ලබන විශාලතම හානියක් බවත්ය.


    http://www.lankabusinessnews.com/13.09.September/055.JKH.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගිණුම් නොදුන් සමාගම්, කඩකළ පුවරුවට ඇද දමයි


    17 Sri Lanka firms in doghouse for not publishing annual reports

    නිසි කලට සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති ලයිස්තුගත සමාගම් 17 ක් “කඩකළ පුවරුව“ට දමමින් එම සමාගම් පිළිබඳව ආයෝජකයින්ගේ අවධානය වැඩි කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ කටයුතු කර තිබේ.


    මෙම සමාගම් 17 සිය කොටස් කරුවන් වෙනුවෙන් 2012/2013 මුදල් වසරේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇත.

    මේ ආකාරයෙන් “කඩකළ පුවරුව“ ට දමා ඇති සමාගම් මෙසේයි.

    Asia Capital, The Autodrome, Ceylon and Foreign Trades, Central Investment and Finance, CT Holdings, East West Properties, Huejay International Investments, PC House, People s Merchant Finance, Radiant Gems International, Standard Capital, Asia Asset Finance, Orient Garments, PC Pharma, PCH Holdings, Ramboda Falls, Tess Agro.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1187037170
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ටච්වුඩ් ගැන පරීක්ෂණ විනිමය කොමිසම දැඩි කරයි


    කොටස් ගනුදෙනු අද සිට දෙවන වරටත් නවතී

    තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ක්‍රිකට් ක්‍රීඩකයින් යොදවා ඒවා ප්‍රචලිත කරන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු දෙවන වතාවටත් අද සිට තවත් දින තුනක් අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර තිබේ.


    මේ අනුව, සමාගම පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදුකර තිබෙන කොමිසම තීන්දු කර තිබෙන්නේ සමාගම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමටයි.

    මේ බව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    සමාගම වෙත කොමිසම විසින් යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබෙන්නේ මෙම සමාගමේ අයිතියෙන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් මහජනතාව සතු බවත් කොමිසම විසින් සිදුකළ මූලික පරීක්ෂණයේදී සොයාගත් කරුණු හා එල්ලවී තිබෙන චෝදනාවන් පදනම් කරගනිමින් අදාළ පුළුල් පරීක්ෂණය සිදුකරන බවයි.

    මේ අනුව, මෙම පරීක්ෂණය සිදුවන කාලය තුළදී කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව සමාගමට සමහර කරුණු සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකිය.

    පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.

    මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබු‍ෙණ් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය.

    මෙම දැන්වීම පළකර තිබු‍ණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=615927724
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකා බැංකුව, බිලියන 08 ක් රැස් කිරීමට යයි


    Bank of Ceylon to sell Rs8.0bn debt

    නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වැඩිකර ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 08 ක කණිෂ්ඨ ණයකර අලෙවි කිරීම සඳහා සූදානම් වේ.


    මේ අනුව, ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ සමාගම විසින් මෙම ණයකර සඳහා AA(lka) අපේක්ෂිත වර්ගීකරණයක් ලබාදී තිබේ.

    සම්පූර්ණ ඇගයීම් වාර්තාව මෙන්න

    Fitch Rates Bank of Ceylon s Subordinated Debt AA(lka)(EXP) Ratings Endorsement Policy

    12 Sep 2013 3:14 AM (EDT) Fitch Ratings-Colombo/Mumbai/Singapore-12 September 2013: Fitch Ratings Lanka has assigned Bank of Ceylon s (BOC; BB-/Stable) proposed subordinated debentures of up to LKR8bn an expected National Long-Term rating of AA(lka)(EXP).

    The debentures are to be listed on the Colombo Stock Exchange. BOC expects to use the proceeds to strengthen the bank s regulatory Tier 2 capital base and reduce asset and liability maturity mismatches.

    The final rating is pending final documents that confirm information already received, including details about the amount and tenor. A full rating breakdown is provided at the end of this commentary.

    The proposed debentures are rated one notch below BOC s National Long-Term Rating of AA+(lka) to reflect their gone-concern loss-absorption quality in the event of a liquidation, in line with Fitch s criteria for rating such securities.

    Key Rating Drivers

    BOC s Long-Term Rating is driven by the government of Sri Lanka s high propensity but moderate ability to provide support to the bank under extraordinary circumstances. In Fitch s view, the state s high propensity to support BOC stems from the bank s systemic importance as the largest bank in the country, its quasi-sovereign status, its role as a key lender to the government and full government ownership. The state s moderate ability to provide timely support to BOC is reflected in the BB- /Stable rating.

    Rating Sensitivities

    Any change in Sri Lanka s rating or the perception of state support to BOC could result in a change in BOC s National Long-Term Ratings. The subordinated debt rating will move in tandem with the Long-Term Ratings.

    Full list of BOC s ratings:

    Long-term Foreign- and Local-Currency Issuer Default Ratings: BB-; Outlook Stable

    Viability Rating: b+

    Support Rating: 3

    Support Rating Floor: BB-

    USD senior unsecured notes: BB-

    National Long-Term rating: AA+(lka) ; Outlook Stable

    Outstanding subordinated debentures: AA(lka)



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=516740347
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හොරණ ප්ලාන්ටේෂන් ඔයිල් පාම් වලට මාරුවේ

    Horana Plantations moves into rubber

    (දෙවන සංස්කරණය)- හොරණ ප්ලාන්ටේෂන් සමාගම පවසන්නේ ඔයිල් පාම් වගාව සඳහා සමාගම පිවිසෙන බවත් මූලික අදියර යටතේ රබර් හෙක්ටයාර් 300 ක් වගා කරන බවයි.


    මීට අමතරව, සිය වගාවන් සඳහා කුරුඳු හා වන වගාවන් හඳුන්වා දීමටද තීරණය කර ඇතැයි සමාගමේ ප්‍රධාන විධායක, රජීව් කාසිචෙට්ටි සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී තිබේ.

    2015 වනවිට මෙම ඔයිල් පාම් හෙක්ටයාර් 300 වගා කිරීමට සැලසුම් කර ඇත.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1213544783
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    JKH හා පැකර්ගේ කැසිනෝ හෝටල් වලට සහන අනුමතයි


    ජෝන් කීල්ස් සමාගම් සමූහය සහ ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර්ද කොටස් කරුවෙකු වන ලේක් ලෙෂර් සමාගම විසින් කොළඹ සිදුකිරීමට යන කැසිනෝ පහසුකම් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.


    මේ අනුව, කොළඹ 02, ග්ලෙනි වීදියේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් සිදු කරන ව්‍යාපෘති සඳහා 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත ප‍්‍රකාරව) සහන සැලසීමට, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    සුඛෝපභොභෝගී හෝටලයක්, සම්මේලන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාදය මෙන්ම සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, සාප්පු සංකීර්ණයක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්, කාර්යාලීය ඉඩපහසුකම් ආදීන්ගෙන් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මි. 650 ක ආයෝජනයක් කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය යටතේ 3000-4000 ත් අතර පුද්ගලයන්හට ඍජු රැකියා අවස්ථා ලැබෙන අතර තවත් 3000 ට පමණ වක‍්‍ර ආකාරයෙන් රැකියා ලැබෙනු ඇත.

    මීට අමතරව, දේශීය ව්‍යාපාරික රවී විජේරත්න හා ජේම්ස් පැකර් විසින් ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් සමාගමේ ව්‍යාපෘතිය යටතේ ඇ.ඩො. මි. 350 ක ආයෝජනයෙන් යුත් අවම වශයෙන් කාමර 400 ක් රැස්වීම් හා සම්මේලන මධ්‍යස්ථානයක් , සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, අලංකාර යෝජිත ශාලා හා වෙනත් ආශ‍්‍රිත පහසුකම් ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත යටතේ) ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ යටතේ සහන ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1903500991