Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ජෝන් කීල්ස් බිලියන ගණනින් ලාභ ලබයි

    නාවික, සංචාරක, ඉඩම්, හා පාරිභෝගික භාණ්ඩ ඇතුළු ව්‍යාපාරික කටයුතු කරන මෙරට ජෝන් කීල්ස් සමාගම් සමූහයේ මේ වසරේ පළමු කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 35 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.36 ක් වෙයි.

    මේ අනුව, සමාගමේ නවතම ගිණුම් වලින් වාර්තා වන්නේ අදාළ කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.60 ක් වී තිබෙන බවත් මෙහිදී සමාගම් සමූහයේ ආදායම් සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.69 ක්වී තිබෙන බවයි.

    කොළඹ වරායේ බහාලුම් පර්යන්තයකද මෙහෙයුම් කටයුතු කරන සමාගමේ ප්‍රවාහන අංශයේ බදු වලට පෙර ලාභය සියයට 07 කින් මෙම කාර්තුවේදී අඩුවී එම අංශයෙන් රුපියල් මිලියන 742 ක ලාභයක් වාර්තා කළ බව ජෝන් කීල්ස් සමාගම් සමූහයේ ප්‍රධානී, සුසන්ත රත්නායක කොටස් කරුවන්ට දැනුම් දී තිබේ.

    මෙම තත්ත්වයට හේතුව වූයේ රුපියල අධිප්‍රමාණය වීම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මේ අතර, සමාගමේ සංචාරක අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී රුපියල් මිලියන 374 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 14 ක පාඩුවකි.

    එසේම, සමාගමේ දේපොළ අංශයේ බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 85 ක්වී ඇති අතර එම අංශයේ ලාභය සියයට 21 කින් අඩුවී තිබීම කැපී පෙනේ.

    රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමාගමේ පාරිභෝගික භාණ්ඩ අලෙවි අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී සියයට 22 කින් වැඩිවී රුපියල් මිලියන 207 ක්වී තිබෙන බවයි.

    සිය සුපිරි වෙළඳ සැල් ජාලය පසුගිය මාස හත තුළදී සමාගම විසින් අළුතින් වර්ග අඩි 60,000 කින් පුළුල් කර ඇත.

    සමාගමේ මූල්‍ය සේවා අංශයේ ලාභය නේෂන් ට්‍රස්ට් බැංකුවේද සහායෙන් මේ කාර්තුවේදී සියයට 12 කින් වැඩිවී එම ප්‍රමාණය රුපියල් මිලියන 422 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2923&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සමාගම්වල ගිණුම් මගඩි ගැන නියාමකයාගෙන් හෙළිදරව්වක්

    කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වෙමින් මහජනතාවගෙන් මුදල් රැස්කිරීම සඳහා සමහර සමාගම් ව්‍යාජ ආකාරයෙන් ලාභ පෙන්වා සිය ගිණුම් සකස් කර ගන්නා ආකාරය උදාහරණ සහිතව ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා පැහැදිලි කරයි.

    වෑන්ගාර්ඩ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම විසින් සංවිධානය කරන මෙරට සුප්‍රකට ප්‍රධාන විධායක සමුළුවක් වන LBR – LBO ප්‍රධාන විධායක සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් රත්නායක මේ බව කොළඹදී හෙළිදරව් කළේය.

    2013 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යන නව ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතිය මගින් සමාගම් වල ගිණුම් වල වඩාත් පැහැදිලි හා විනිවිද භාවයක් ඇතිවන බව මෙහිදී පෙන්වා දුන් රත්නායක මහතා පැවසුවේ මෙම ගිණුම් ප්‍රමිති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවල (IFRS) කොටසක් ලෙස හඳුන්වා දීමට නියමිත බවයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට ව්‍යාජ අන්දමින් සිය වත්කම් තක්සේරු කර වැඩි වත්කම් ප්‍රමාණයක් පෙන්වූ සමාගම් දෙකකට එම අවස්ථාව ලබා නොදුන් බව මෙහිදී අදහස් දක්වමින් අජිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහු හෙළිදරව් කළේ අදාළ සමාගම් සතුවූ ඉඩම්, කර්මාන්ත ශාලා හා උපකරණ අධි තක්සේරු කර එම සමාගම් දෙක සිය ගිණුම් වාර්තා සකස් කර තිබුණු බවත් අදාළ තක්සේරු කරුවන් කැඳවූ අවස්ථාවේදී ඔවුන්ට ඒ සඳහා ඉදිරිපත් කිරීමට පැහැදිලි හේතු නොවූ බවයි.

    මින් එක් සමාගමක් 2010 ජුනි මාසයේදී රුපියල් 137 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තු වනවිට පර්චස් එකක් රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් 2010 සැප්තැම්බරයේ රුපියල් 37,000 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුවේදී රුපියල් 300,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මෙහිදී රත්නායක මහතා කීය.

    මීට අමතරව, 2010 නොවැම්බරයේ රුපියල් 56,000 කට මිලදීගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුව වනවිට රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මේ සියල්ල මගින් එම සමාගම රුපියල් මිලියන 900 ක අළුත් වත්කම් ජනිත කර තිබුණු බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් දෙකේ තක්සේරු වාර්තා ප්‍රතික්ෂේප කිරීමට නියාමකයා කටයුතු කර තිබේ


    http://www.vimasuma.com/index.php?view=article&id=2918&option=com_content&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හදිසි වැඩ කීපයක් යෙදුන නිසා නිසි පරිදි ත්‍රෙඩ් එක යාවත්කාලින නොවීමෙන් පසු ගිය දිනවල ඔබට යම්කිසි අපහසුතාවයකට පත් වුනි නම් ගැත්තාට අනුකම්පා කරත්වා
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    28/07/2011

    · The All Share Price Index gained 148.0 points to close at 6,653.6 (+2.3%), whilst the more liquid Milanka Price Index also gained 134.2 points to close at 6,078.1 (+2.3%).

    · The total turnover was LKR1,492.0 mn (USD13,624.3k) vs.12-month average daily turnover of LKR2,743.4 mn (USD25,051.4k) whilst the volume traded for the day was 55,180.6k against the 12-month average daily volume of 106,064.0k

    · Top traded counters were Swarnamahal Financial Services LKR137.0 mn (USD1,250.6k, -10.5%), Guardian Capital Partners LKR102.9 mn (USD939.3k, +23.0%), Softlogic Holdings LKR94.4 mn (USD861.6k, +5.0%), National Development Bank LKR82.1 mn (USD749.2k, +0.4%) and Ceylon Grain Elevators LKR75.5 mn (USD689.7k, +14.6).

    · Market continued to regain its lost momentum with both indices gaining significantly by 2.3%. Swarnamahal Financial Services emerged as the top traded counter backed by all round investor interest. Softlogic Holdings continued to see all round investor participation whilst renewed investor interest was evident in Guardian Capital Partners, Ceylon Grain Elevators and National Development Bank during the day.

    · Net outflow of foreign funds was seen during the day, where foreign purchases amounted to LKR38.8 mn (USD354.4k), whilst foreign sales amounted to LKR170.5 mn (USD1,556.5k).
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    29/07/2011

    · The All Share Price Index gained 191.8 points to close at 6,845.4 (+2.9%), whilst the more liquid Milanka Price Index also gained 131.9 points to close at 6,210.1 (+2.2%).
    · The total turnover was LKR3,145.0 mn (USD28,718.9k) vs.12-month average daily turnover of LKR2,731.4 mn (USD24,941.7k) whilst the volume traded for the day was 102,628.4k against the 12-month average daily volume of 105,935.1k.
    · Top traded counters were Ceylon Guardian Investment Trust LKR318.6 mn (USD2,909.3k, +15.5%), Ceylon Grain Elevators LKR298.9 mn (USD2,729.4k, +33.8%), Three Acre Farms LKR246.5 mn (USD2,250.9k, +36.4%), Citrus Leisure LKR177.2 mn (USD1,618.1k, -5.7%) and Bairaha Farms LKR126.1 mn (USD1,151.5k, +16.6%).
    · Colombo bourse continued to witness a green note with both indices gaining significantly. Ceylon Guardian Investment Trust emerged as the top traded counter backed by institutional investor participation contributing circa 10% of daily turnover. Further the counter saw 1 mn shares changing hands during the day. Ceylon Grain Elevators, Three Acre Farms, Citrus Leisure and Bairaha Farms saw all round investor interest.
    · Net outflow of foreign funds were seen during the day, where foreign purchases amounted to LKR174.5 mn (USD1,593.5k), whilst foreign sales amounted to LKR582.1 mn (USD5,315.5k).
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Finco, ඔරියන්ට් ගාමන්ට් අත්හරී


    සිය සමාගම සංචාරක කර්මාන්තයට නැඹුරු වීමට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසා ඔරියන්ට් ගාමන්ට් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය විකුණා දැමූ බව ෆින්කෝ සමාගමේ උප සභාපතිවරයා කියයි.

    ෆින්කෝ සමාගමේ උප සභාපති, ප්‍රියන්ජිත් වීරසූරිය “විමසුම“ ට පැවසුවේ මේ අනුව ෆින්කෝ සමාගම සතුවූ ඔරියන්ට් ගාමන්ට් සමාගමේ සියයට 51 ක කොටස් එකක් රුපියල් 21.50 බැගින් විකුණා දැමූ බවත් එම ප්‍රමාණය කොටස් මිලියන 28 කින් සමන්විත වූ බවයි.

    මෙම කොටස් මිලදී ගැනීම කර තිබෙන්නේ PC House Holdings සමාගම සහ එහි සභාපති මොහොමඩ් රිෂාන් ඒකාබද්ධව වන අතර මෙහිදී PC House Holdings සමාගම කොටස් මිලියන 12 ක් හා මොහොමඩ් රිෂාන් කොටස් මිලියන 16 ක් මිලදී ගෙන ඇත.

    ෆින්කෝ සමාගම මේ වනවිට කුච්චවේලි හා පාසිකුඩා යන ප්‍රදේශවල කාමර 50 ක් බැගින් වන හෝටල් දෙකක් ඉදිකරන අතර එම හෝටල් ලබන වසරේදී විවෘත කිරීමට නියමිතය.

    මීට අමතරව, තිරප්පනේ ප්‍රදේශයේද මේ වනවිට ෆින්කෝ සමාගම හෝටලයක් පවත්වාගෙන යයි.

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2939&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තැරැව්කරුවන් නිදහස ඉල්ලයි. නියාමකයාගේ අවධානය

    කොටස් මිලදී ගැනීමට තැරැව්කරුවන් විසින් ගනුදෙනු කරුවන්ට ලබාදෙන ණය සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුව ඇතැයි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    කොටස් ගනුදෙනු කරුවන්ට තැරැව්කරුවන් විසින් ලබාදෙන ණය සම්බන්ධයෙන් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය විසින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට යොමුකර ඇති ලිඛිත ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති, මලික් කාදර් මේ බව පැවසීය.

    කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය මෙම ලිපිය පසුගියදා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට යොමුකර තිබුණි.

    ඇය විදේශ ගතව සිටි නිසා මේ සම්බන්ධ දෙවන ලිපිය විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් වෙත පසුගිය සිකුරාදා යොමුකර තිබේ


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2938&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සම්පත්ගේ සම්පත තව තවත් ඉහළට

    මේ වසරේ ජුනි කාර්තුවේදී සම්පත් බැංකු සමූහයේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 52 කින් වැඩිවී ලාභය රුපියල් බිලියන 1.13 ක්වූ බව හෙළිවේ.

    බැංකු සමූහයේ නවතම ගිණුම් වලින් මේ බව හෙළිවන අතර ජුනි කාර්තුවේදී බැංකු සමූහයේ කොටසකට අදාළ ලාභය රුපියල් 7.26 ක්වී තිබේ.

    මේ කාලයේදී බැංකුවේ පොලී ආදායම සියයට 11.8 කින් වර්ධනය වී තිබෙන අතර එම ප්‍රමාණය රුපියල් බිලියන 5.1 ක්වී ඇත.

    මේ කාලයේදී පොලී වියදම සියයට 19 කින් වර්ධනය වෙමින් එම ප්‍රමාණය රුපියල් බිලියන 2.97 ක්වී තිබෙන බව මෙම දත්ත වැඩිදුරටත් අනාවරණය කරයි.

    මේ අනුව, ජුනි කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 3.2 කින් වර්ධනය වී තිබේ.

    මීට අමතරව, මේ කාලයේදී බැංකු සමූහයේ ක්‍රියාකාරී ණය ප්‍රමාණය සියයට 21 කින් වර්ධනය වී තිබෙන අතර ක්‍රියාකාරී ණය ප්‍රමාණය රුපියල් බිලියන 149 ක් දක්වා ඉහළ ගියබව හෙළිවේ.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2926&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පෑන් ඒෂියා රනින් ඔපලයි

    වැඩි වැඩියෙන් ණයදීම හමුවේ පෑන් ඒෂියා බැංකුවේ 2011 ජුනි කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 152 කින් වර්ධනය වී රුපියල් මිලියන 210 ක්වූ බව නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වේ.

    මෙහිදී, අදාළ කාර්තුවේදී බැංකුව විසින් ලබාදුන් රන් ණය ප්‍රමාණය හා කල්බදු පහසුකම් ප්‍රමාණය වර්ධනය වී තිබෙන අතර මෙම කාර්තුවේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය ශත 71 ක්වී තිබේ.

    මෙහිදී, පොලී ආදායම සියයට 47 කින් වැඩිවී රුපියල් මිලියන 1,038 ක්වී තිබෙන අතර පොලී වියදම සියයට 59 කින් වර්ධනය වී රුපියල් මිලියන 521 ක්වී ඇත.

    මීට අමතරව, ජුනි කාර්තුවේදී බැංකුවේ ක්‍රියාකාරී ණය ප්‍රමාණය සියයට 115 කින් වර්ධනය වී තිබෙන අතර එම ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 26.6 කි.

    පසුගිය සමයේදී බැංකුව විසින් නව ශාඛා 10 ක් අළුතින් විවෘත කරමින් සිය ශාඛා ජාලය 51 ක් දක්වා වර්ධනය කිරීමටද කටයුතු කළේය.



    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2931&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Sri Lanka's shares continued last week’s positive momentum Monday amidst high investor interest in poultry stocks ,manufacturing and diversified sectors, analysts said.


    The All Share Price Index closed at 6,854.14, up 0.13 percent (8.76 points) while the more liquid Milanka index rose 0.56 percent (34.87 points) to close at 6,244.94, according to stock exchange figures.

    Turnover was 3.6 billion rupees.

    The highest contributors to the daily turnover were Ceylon Grain Elevators PLC (Rs 676.6Mn), Orient Garments Limited (Rs 666.8Mn) and John Keells Holdings PLC (Rs 325.3Mn). The best performing sectors for the day were Manufacturing and diversified sectors correspondingly, a stock broker said.

    The total traded volume for the day was 122.58Mn. The highest traded stock for the day was Orient Garments Limited with 30.2Mn shares changing hands. The market recorded crossings on John Keells Holdings Plc, Ceylon Guardian Investment Trust Plc and National Development Bank PLC. The market was retailer driven with low trade volumes. The market saw movement on TAFL, BFL and GRAN the counters saw considerable gains in share value but was unable to sustain the prices and therefore closed the day recording lower share values. The price gainers outnumbered the price losers by 87:119, Asha Phillip Securities Ltd said in a research note .
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    The All Share Price Index of the Colombo Stock Exchange appreciated by 0.13% while the MPI appreciated 0.56% Retail investors were more active during today’s trading sessions. Poultry sector counters and some of the low value stocks gained investor attention. Foreign participation recorded a net outflow Rs. 364 million. Price losers outnumbered the gainers 137 to 92. The day’s turnover stood at Rs.3.5 billion. Appointment of a Director Meanwhile Singalanka Standard Chemicals PLC announced the appointment of Lalita Amrit Rajapaksa as one of its Board members. Dividend payments Lanka Ventures PLC announced a Final Dividend of Rs. 1.50 per share for the financial year 2010 / 2011.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    invest-Rs-1.5-billion-to-expand eChannelling PLC has decided to invest Rs. 1.5 billion in its group company ECL Soft (Private) Limited to finance upcoming strategic investments of the firm. A Stock Market filing issued by eChannelling announced “The increase in capitalization is required since the company is expanding rapidly and would need funds”. Accordingly, the money is expected to go into business areas such as Leisure, Consultancy and training, Media and Advertising, Financial Services, Global network of the ECL Group and Business Process Outsourcing. The Stock Market filing signed by eChannelling PLC’s CEO Asanga Karunaratne also stated that the Board of Directors of the company has given the go ahead to the capitalization program of the ECL Soft (Private) Limited. The investment will come as “ordinary voting share