Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    දිලිත් ගේ මාෆියාව ජයගනී! දිසා බණ්ඩාරත් පැන්නීමට සැරසේ!

    තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට තම කණ්ඩායමේ ජාවාරම්කාර සගයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට සමත් වූ කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර එම කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් දිසා බණ්ඩාර මහතා ද පැන්නීමට කුමන්ත්‍රණයක නියැලී සිටින බව කොටස් වෙළඳ පොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොළඹ කොටස් වෙළඳ පොලේ අයථා ගණුදෙනු හා ඊට අදාල ජාවාරම්කරුවන් ගැන තොරතුරු හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා වෙත ලබා දී ඇත්තේ දිසා බණ්ඩාර මහතා විසින් බවට කොළඹ කොටස් වෙළඳ පොඳ මාෆියාව සැක පහළ කරයි.

    නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධ දිසා බණ්ඩාර මහතා මෙම කොමිසමට බඳවා ගෙන ඇත්තේ එහි හිටපු සභාපතිවරයෙකු වන ගාමිණී වික්‍රමසිංහ මහතා ය. දිසා බණ්ඩාර මහතා පන්නා දමා එම කොමිසමේ විමර්ශන අංශය භාර ධම්මික පෙරේරා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර, නිමල් පෙරේරා ඇතුළු මාෆියාව කටයුතු කරමින් සිටී.

    කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවට එරෙහි විමර්ශන කටයුතු අතර මග නතර කර දැමීමට බොහෝ වාරයක් කටයුතු කර ඇති මෙම ධම්මික පෙරේරා නැමැත්තා මාෆියාවෙන් යැපෙන නිලධාරියෙකු වෙයි. මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස කටයුතු කරන දිසා බණ්ඩාර මහතා එම තනතුරෙන් එළවා දැමීමට කොටස් වෙළද පොළ මාෆියාව නගා ඇති චෝදනාව වන්නේ ඔහු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කර ඇති බවයි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය ආසන්නයේදී අවසාන වරට පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට දිසා බණ්ඩාර මහතා සහභාගි වී ඇති බැව් දැක්වෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටයක් මාෆියාව සතුව පවතී.

    නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ එසේ චෝදනා කරන දිලිත් ජයවීර හා නිමල් පෙරේරා ද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට රහසිගතව උදව් උපකාර කළ අය වීමයි.

    කෙසේ වුව ද විනිමය හා සුරැකුම්පත් කොමසම් පනත යටතේ ස්ථිර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු සිටිය යුතු වුව ද මලික් කාදර් මහතා ඉවත් කිරීමෙන් පසු ඒ සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇත. විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ හිතවතෙකු වන නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර ඇතුළු එකී මාෆියා කල්ලිය කටයුතු කරමින් සිටින බව අප මීට දින කීපයකට පෙර වාර්තා කළෙමු. එකී වාර්තාව සනාථ කරමින් ඊයේ (28) නාලක ගොඩහේවා මහතාව එහි සභාපති ධූරයට පත් කර ඇත.


    http://www.lankanewsweb.com
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස්‌ වෙළඳ පොළේ ආශ්චර්යය

    කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරු දෙදෙනෙක්‌ ම ස්‌වාධීනව රාජකාරි කටයුතු කිරීමට නොහැකි යෑයි පවසමින් ඉල්ලා අස්‌වීම හමුවේ විශාල අර්බුදයක්‌ නිර්මාණය වී තිබිණි. තිලක්‌ කරුණාරත්න මහතා කෙළින්ම කියා සිටියේ කොටස්‌ වෙළෙඳපොළ මාෆියාවෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ තමා ඉල්ලා අස්‌ වූ බවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසම යනු කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කළ යුතු ආයතනය වුවත්, ඒ වෙනුවට සිදුවූයේ කොටස්‌ වෙළෙඳපොළේ බලගතු ආයෝජකයන් ඉතා සුළු පිරිසක්‌ විසින් එම නියාමක ආයතනයේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්‌වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්‌ නොමැති තත්ත්වයට පත් කිරීමයි. ඒ අනුව තිලක්‌ කරුණාරත්න ද ඉල්ලා අස්‌ වූ අතර ඉන් පසු එම තනතුරට ආචාර්ය නාලක ගොඩහේවා පත් කරනු ඇති බවට ආරංචි පැතිර ගියේය. ඒ ආරංචිය යථාර්ථයක්‌ බවට පත් කරමින් ව්‍යාපාරික දිලිත් ජයවීරට හිමිකම් ඇති සමාගම්වල ඉහළ තනතුරු දැරූ ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පෙරේදා (28 දා) පත් කරනු ලැබීය. මේ පසුබිම තුළ කොටස්‌ වෙළෙඳපොළ නියාමනය සහ ආයෝජක රැකවරණය ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

    කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ පොදුවේ ආයෝජකයන්ට ආරක්‍ෂිත වාතාවරණයක්‌ ඇති කිරීමයි. සුරැකුම්පත් හා විනිමය කොමිසමට කොටස්‌ වෙළෙඳපොළ නිසි පරිදි නියාමනය කරමින් ආයෝජක රැකවරණය ඇති කළ නොහැකි නම් එවන් කොටස්‌ වෙළෙඳපොළක්‌ පිළිබඳ විශ්වාසය තබන්නට ආයෝජකයන්ට නොහැකි වෙයි. තිලක්‌ කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පසු කොටස්‌ වෙළෙඳපොළ නියාමනය සම්බන්ධයෙන් ඇති වූ පුළුල් කතිකාව තුළ අපට පැහැදිලි වූ කාරණය වූයේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයාට ආයෝජක රැකවරණය ඇති කරනවා තබා තමාගේ රැකවරණයවත් සලසා ගෙන අවංකව රාජකාරී කළ නොහැකි වාතාවරණයක්‌ පවතින බවයි. එසේ නම් සාමාන්‍ය ආයෝජකයාගේ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ආචාර්ය නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස පත්වන්නේ මෙලෙස කොටස්‌ වෙළෙඳපොළ නියාමනය සහ ආයෝජක රැකවරණය පිළිබඳ මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති මොහොතකය.
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපතිවරුන්ව සිට ඉල්ලා අස්‌ වූ ඉන්ද්‍රානි සුගතදාස සහ තිලක්‌ කරුණාරත්න යන දෙදෙනා සම්බන්ධයෙන් ම බොහෝ දෙනෙක්‌ තුළ ඇති පිළිගැනීම වන්නේ ඔවුන් ඉතා අවංකවත්, සෘජුවත් රාජකාරී කළ බවයි. ඔවුන් හරියට රාජකාරි කරන විට ඉන් අසතුටට පත් වූ ඇතැමුන් ඒ සභාපතිවරුන් දෙදෙනාටම දැඩි බලපෑම් ඇති කළේය. එම බලපෑම් හමුවේ ඒවාට යට නොවූ එම දෙපළම කළේ ඉල්ලා අස්‌වීමයි. තනතුරක්‌ බදාගෙන පුටුවක්‌ රත් කරනවා වෙනුවට ඒ දෙදෙනාම ගෞරවාන්විතව ඉල්ලා අස්‌ වූයේය. ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය රජයේ බලගතු නිලධාරිනියකි. ඒ මහත්මිය මෙන්ම තිලක්‌ කරුණාරත්න මහතාත් කාගේවත් බලපෑම්වලට යටත් වන දුර්වල අය නොවූවත් ඔවුන් ඉල්ලා අස්‌ වූයේ තමන් පත් කළ දේශපාලන අධිකාරියෙන් ද ස්‌වාධීනව රාජකාරි කරගෙන යැමට අවශ්‍ය සහාය නොලැබුණු නිසා විය යුතුය. එසේ නම් ඉන්ද්‍රාණි සුගතදාසට හා තිලක්‌ කරුණාරත්නට කිරීමට නොහැකි වූ දේ නාලක ගොඩහේවා කරන්නේ කෙසේද? ඒ නිසා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ධුරයට අලුතින් පත්ව සිටින නාලක ගොඩහේවාට ඇත්තේ විශාල අභියෝගයකි. එහෙත් ආචාර්ය ගොඩහේවාව පත්කර තිබෙන්නේ හිටපු සභාපතිවරු දෙදෙනාම කළ දේවල් නොකර සිටීමට නම් ඔහුට කිසිම අභියෝගයක්‌ ඇති වන්නේ නැත. එසේම ඔහුට කොටස්‌ වෙළෙඳපොළ මාෆියාවෙන් කිසිදු බලපෑමක්‌ ද ඇති නොවී චිරාත් කාලයක්‌ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස යෙහෙන් වැජඹීමට ද අවස්‌ථාව ලැබෙනු ඇත. එහෙත් එවන් තත්ත්වයක්‌ උදා වුවහොත් එහිදී සිදුවනු ඇත්තේ කොටස්‌ වෙළෙඳපොළ අල්ලේ නැටවීමට උත්සාහ කරන දෙතුන්දෙනෙකුට රැකවරණය සැලසීමක්‌ මිස සමස්‌ත කොටස්‌ වෙළෙඳපොළ ආයෝජකයන්ට රැකවරණය සැලසීමක්‌ නොවේ. ඒ නිසා ආචාර්ය ගොඩහේවාගේ සභාපතිත්වය යටතේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ක්‍රියාකාරීත්වය දෙස අපි බලා සිටිමු.

    සුරැකුම්පත් හා විනිමය කොමිසම, කොටස්‌ වෙළෙඳපොළ කටයුතු අධීක්‍ෂණය සහ විධිමත් කිරීම සඳහා ව්‍යවස්‌ථාදායක පනතක්‌ මගින් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රජයේ ආයතනයකි. මෙහි ප්‍රධාන අරමුණු ලෙස (1) සුරැකුම්පත් විධිමත් හා සාධාරණ ආකාරයට නිකුත් කළ හැකි වූත්, වෙළෙදාම් කළ හැකි වූත්, වෙළෙඳපොළක්‌ බිහි කිරීම සහ පවත්වා ගෙන යැම (2) සුරැකුම්පත් වෙළෙඳපොළ විධිමත් කිරීම සහ එහි වෘත්තීය ප්‍රමිති පවත්වා ගෙන යැම (3) ආයෝජකයන් ආරක්‍ෂා කිරීම සහ (4) තැරැව්කරුවකු තම ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීම හේතු කොට ගෙන ඇතිවන මුදල් අලාභ සම්බන්ධයෙන් ආයෝජකයන් ආරක්‍ෂා කිරීම පිණිස වූ වන්දි අරමුදලක්‌ ක්‍රියාත්මක කිරීම යන කරුණු සඳහන් කළ හැකිය. මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා (විශේෂයෙන් ආයෝජක රැකවරණය සඳහා) කොමිසම විසින් කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධ නීතිරීති සහ විධිවිධාන පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කරයි.

    සාමාන්‍ය මහජනයාට කොටස්‌ වෙළෙඳපොළ හඳුන්වාදීමත් සමඟ සුළු පරිමාණ ආයෝජකයන්ට ආරක්‍ෂාව සැලසීම ඉතා වැදගත් කරුණක්‌ බවට පත්විය. අධිකරණ ක්‍රියාමාර්ගයකින් සහන ලබා ගැනීම සඳහා විශාල කාලයක්‌ සහ මුදලක්‌ වැය වීමත්, සාපේක්‍ෂව දැනුම අඩු ආයෝජකයන් කොටස්‌ වෙළෙඳපොළට පිවිසීමත් යන ප්‍රධාන හේතු දෙක නිසා ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් කරුණක්‌ බවට පත්ව ඇත. මේ අනුව කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ඇත. අපට දැන ගන්නට ඇති පරිදි කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17 ක්‌ තිලක්‌ කරුණාරත්න මහතා ඉල්ලා අස්‌වන විට විභාග වෙමින් පැවතී ඇත. මීළඟට ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මෙකී විමර්ශනවලට කුමක්‌ වේද යන්නයි.

    තිලක්‌ කරුණාරත්න මහතා පත්වන විට කොමිෂන් සභාවේ තීරණයකින් තොරව ලැබී තිබුණු යම් යම් උපදෙස්‌ අනුව කොමිෂන් සභාවේ විමර්ශන ඇණහිට තිබිණි. ඒවා යළිත් ආරම්භ කිරීමට තිලක්‌ කරුණාරත්න මහතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සහායද ඇතිව නායකත්වය ගන්නා ලදී. මෙය කොමිෂන් සභාවේ විමර්ශනයට ලක්‌ වූ බලවත් පුද්ගලයන්ගේ උදහසට ලක්‌ ව තිබූ අතර එම විමර්ශනයන්ට අදාළ ලිපි යෑවීම පවා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ ආයෝජකයන් බිය වැද්දීමක්‌ ලෙසය. මීට ටික කලකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කොටස්‌ වෙළෙඳපොළට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්‌වීමකදී පරිගණක තිර ඇසුරින් ඉදිරිපත් කිරීමක්‌ කළ දිලිත් ජයවීර මහතා ද කොමිසමෙන් ආයෝජකයන්ට යවන ලිපි නිසා ආයෝජකයන් බියට පත්වන බව සඳහන් කර තිබිණි. ඒ බව ජයවීර මහතා ඉකුත් අගෝස්‌තු 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ කළේය. එහෙත් එහිදී මේ ලියුම්කරු දිලිත් ජයවීර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ සමස්‌ත ආයෝජක ප්‍රජාවම බියට පත්වන්නේ කොමිසමේ විමර්ශන කාර්යයේ කොටසක්‌ ලෙස ඉතා රහසිගතව යවන ලිපි මාධ්‍යයට ලබා දෙමින් ඒවා ප්‍රසිද්ධයට පත් කිරීමෙන් නොවේද යන්නයි. කෙනෙක්‌ට අවශ්‍ය නම් එසේ තර්ක කළ හැකි බව ද ජයවීර මහතා එහිදී කියා සිටියේය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට ද සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් ලිපි 4 ක්‌ හෝ 5 ක්‌ ලැබී ඇති බව ද ජයවීර මහතා කියා සිටියේය. තමන්ට ඇති විමර්ශනවලට මුහුණ දීමට සූදානම් බව ද ඔහු එහිදී කීවේය. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ශනයක්‌ තිබූ පමණින් ඒ කිසිවෙක්‌ හෝ ආයතනයක්‌ වරදක්‌ කර ඇති බවක්‌ අදහස්‌ නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

    මෙවන් පසුබිමක්‌ තුළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් පෙරේදා (28 දා) පත් කරනු ලැබූ ආචාර්ය නාලක ගොඩහේවා යනු දිලිත් ජයවීරලා සමඟ සම්බන්ධතා ඇති, එසේම ඔහුට හිමිකම් ඇති දිවස ෆිනෑන්ස්‌ සමාගමේ සභාපති ධුරය ද දරන ලද පුද්ගලයකු වීම විශේෂත්වයකි. මේ පසුබිම තුළ යම් හෙයකින් නාලක ගොඩහේවා මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිධුරයට පත් කළහොත් අරමුණු අතර ගැටීමක්‌ (ඤබකෙසජඑ දෙ සබඑeරුsඑ) ඇති වනවා නොවේ දැයි ඔහුගෙන් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට දිලිත් ජයවීර මහතා එය පිළිගත්තේය. එසේම එවිට තම සමාගම්වල තනතුරු දැරීමට ගොඩහේවා මහතාට නොහැකි වනු ඇති බව ද ඔහු කියා සිටියේය. මේ මාධ්‍ය ප්‍රශ්න කිරීම්වලට ලක්‌ වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාම දැන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටී. අරමුණු අතර ගැටීම වැළැක්‌වීම සඳහා නව පත්වීම ලැබීමට පෙරම ආචාර්ය ගොඩහේවා ඉහත කී තනතුරුවලින් ඉවත් වී ඇති බව ද අපට දැනගන්නට ඇත. තනතුරුවලින් ඉවත් වූ පමණින් පුද්ගල සම්බන්ධතා අහෝසි නොවන බව ද අප කවුරුත් දන්නා දෙයකි. මේ ආශ්චර්යමත් පත්වීම ගැන ආරංචි වූ අයෙක්‌ මේ ලියුම්කරුට කියා සිටි කතාවක්‌ ද මේ අවස්‌ථාවේ සිහිපත් වේ. එනම් ඔහු කීවේ "නරියට කුකුල්ලු බාර දුන්නා වගේ" යන පැරැණි සිංහල කියමනය. එහෙත් එය එසේම යෑයි කියන්නට අප ඉක්‌මන් විය යුතු නැත. එය එසේම ද එසේ නොවේද යන්න ආචාර්ය ගොඩහේවාට ඔහුගේ සභාපති ධුරයේ ඉදිරි ක්‍රියාකාරීත්වය තුළින් ඔප්පු කළ හැකි බව අපගේ හැඟීමයි. පුදනකොටම කාපි යකා යෑයි නොකියන්නට අප විසින් ඔහුට එතෙක්‌ අවස්‌ථාව ලබා දිය යුතුව ද තිබේ. ඒ නිසා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය දෙස අපි විමසුම් ඇසින් බලා සිටිමු.

    By:Divaina
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සභාපති ඉවත්වීමත් සමඟ
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ
    විමර්ශන ඇනහිටීමේ අවදානමක්
    ‌ !


    තිලක්‌ කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්‌වීමත් සමග කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකළ සියලු විමර්ශන ඇනහිටීමේ දැඩි අවදානමක්‌ මතුව ඇතැයි වාර්තාවේ.

    සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් විමර්ශන 17 ක්‌ සිදුකරමින් සිටි අතර තිලක්‌ කරුණාරත්න මහතා සභාපති ධුරයට පත් වන විට ඒවා බොහොමයක විමර්ශන කටයුතු නැවතී තිබී ඇත. එම විමර්ශන නැවතී තිබුණේ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණයක්‌ මත නොවීමද විශේෂත්වයකි. එකී නැවතී තිබුණු විමර්ශන තිලක්‌ කරුණාරත්න මහතා පත්වීමෙන් පසු යළි ආරම්භ වුවද ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ ඔහු ඉල්ලා අස්‌වීමෙන් පසු එකී විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්‌ මතු වී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් හෙළිවේ.

    මේ ගැන හිටපු සභාපති තිලක්‌ කරුණාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවේ හොඳ අවංක සභාපතිවරයෙකු පත්වුවහොත් එම විමර්ශන එලෙසම ඉදිරියට යැමට ඉඩ තිබුණත් එවැනි අයෙකුපත් නොවුවහොත් එම විමර්ශන යළිත් හමස්‌ පෙට්‌ටියට යැමට ඉඩ ඇති බවයි.

    මේ වන විට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සභාපතිවරයෙක්‌ මෙන්ම ස්‌ථීර අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද නැත. මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්‌ඩාර මහතා දැනට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබයි.


    http://dasathabusinessnews.blogspot.com/2012/08/blog-post_27.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස්‌ වෙළෙඳපොළ හොරු!

    කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරුන් දෙදෙනකුටම ස්‌වාධීනව රාජකාරි කළ නොහැකිව ඉල්ලා අස්‌වීමට සිදුව තිබේ. තිලක්‌ කරුණාරත්න මහතා ඉල්ලා අස්‌වන බවට ප්‍රකාශ කළ අවස්‌ථාවේ සිට ඉල්ලා අස්‌වූ දිනය දක්‌වාත් ඉන් පසු මේ දක්‌වාත් ඔහුගේ ඉල්ලා අස්‌වීම සහ ඊට තුඩු දුන් වාතාවරණය පිළිබඳ මාධ්‍ය තුළ පුළුල් කතිකාවක්‌ නිර්මාණය වී තිබේ. තිලක්‌ කරුණාරත්න මහතාට ඉල්ලා අස්‌වීමට තුඩුදුන් කරුණුවලට සහ මේ සමස්‌ත මාධ්‍ය කතිකාවට පුළුල් මහජන අවධානයක්‌ ද යොමුව ඇත. ජනාධිපතිවරයා විසින්ම පත් කළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්‌වීම හැර වෙනත් කරන්නට දෙයක්‌ නැති තත්ත්වයට පත්වීම ඉතා බරපතළ කාරණයකි. එහෙත් රජය මේ ගැන තවම නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරයි. මේ අතර පෙරේදා (21 දා) ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවක්‌ පවත්වා ඔහුගේ අදහස්‌ ප්‍රකාශ කළ අතර එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාදීම ද ඔහු විසින් සිදුකළේය. මේ පසුබිම තුළ මතුව තිබෙන අලුත් කරුණු කාරණා පිළිබඳ අපි තවදුරටත් මේ ලිපියෙන් සාකච්ඡා කරමු.


    අපට දැනගැනීමට ඇති පරිදි තිලක්‌ කරුණාරත්න මහතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වනවිට එහි ආරම්භ වී තිබූ විමර්ශන ඇනහිට තිබිණි. එම විමර්ශන එසේ නැවතී තිබී ඇත්තේ කොමිෂන් සභාව විසින් ගත් තීරණයක්‌ මත නොවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් තිලක්‌ කරුණාරත්න මහතා පත්වූ පසු අඩපණව පැවැති විමර්ශන ද යළි ආරම්භ කරනු ලැබිණි. කොටස්‌ වෙළෙඳපොළ තුළ අක්‍රමිකතා සිදුකරන මාෆියාවක්‌ සිටින බවත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔහු වරෙක මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහෙත් ඊට පෙර එම මාෆියාව විසින් තිලක්‌ කරුණාරත්න මහතාට එරෙහිව කටයුතු කොට ඔහුට ඉල්ලා අස්‌වීමට සලස්‌වනු ලැබ තිබේ. ඔවුන් දැන් සතුටට පත්ව සිටිනවා විය හැකි නමුත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ආරම්භ කළ කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනවලට කුමක්‌ සිදුවනු ඇති ද? ඒවා යළිත් හමස්‌ පෙට්‌ටියටම යයිද? තිලක්‌ කරුණාරත්න මහතාට ඉල්ලා අස්‌වන්නට සිදු වූයේ අඩපණකර තිබූ කොමිසමේ විමර්ශන යළි ආරම්භ කිරීමට පියවර ගත් නිසාද? මේ ප්‍රශ්න අද කාටත් ඇතිව තිබේ.

    හොඳ කොටස්‌ වෙළෙඳපොළක්‌ අවශ්‍ය නම් එහි තිබෙන අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීමද අත්‍යවශ්‍යය. එහෙත් මේ කියන්නේ ඒවා මුළුමනින්ම නැති කළ හැකිය යන්න නොවේ. ලෝකයේ සෑම කොටස්‌ වෙළෙඳපොළකම අක්‍රමිකතා අඩුවැඩි වශයෙන් සිදු වනවා විය හැකිය. එහෙත් කොටස්‌ වෙළෙඳපොළ තුළ ඕනෑම අක්‍රමිකතාවක්‌ සිදුකර ඒවාට දඬුවම් ලබනවා තබා කිසිදු විමර්ශනයකට හෝ භාජනය නොවන තත්ත්වයක්‌ පවතින්නේ නම් එය අතිභයංකර තත්ත්වයකි. අක්‍රමිකතාවලට සම්බන්ධ අය එවැනි තත්ත්වයකට කැමැති විය හැකි වුවද එය සමස්‌තයක්‌ ලෙස කොටස්‌ වෙළෙඳපොළ ආයෝජකයන්ට ආරක්‍ෂිත වාතාවරණයක්‌ නොවේ. එවැනි තත්ත්වයක්‌ හමුවේ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ පවතින විශ්වාසය බිඳවැටෙන අතරම කොටස්‌ වෙළෙ¹ම දෙතුන් දෙනකුගේ සූදුවක්‌ බවට පත්වීම ද වැළැක්‌විය නොහැකිය. එසේ කිහිප දෙනකුගේ බූදලයක්‌ බවට පත්ව ඇති කොටස්‌ වෙළෙඳපොළකට සාධාරණ ආයෝජකයෙක්‌ පැමිණීමට බියවීමද අනිවාර්ය කරුණකි. දැනට සිදුවෙමින් පවතින දේ අනුව "කොටස්‌ වෙළෙඳපොළත් හොරු අතට" පත්වී ඇතැයි යන ආකල්පය සාමාන්‍ය මහජනයා තුළ ඇති වීමද වැළැක්‌විය නොහැකි බව අකැමැත්තෙන් වුවත් අපට කියන්නට සිදුව තිබේ.

    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපතිවරයා කොමිසම හමුවේ විභාග වෙමින් පැවැති විමර්ශන 17 ක්‌ මාධ්‍යයට හෙළිකර තිබීම ද දිලිත් ජයවීරගේ විවේචනයට ලක්‌විය. ඔහු පෙරේදා (21 දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තිලක්‌ කරුණාරත්න මහතා විමර්ශන 17 ක්‌ ඇතැයි හෙළි කරන්නේ නම් එම විමර්ශන සිදුකෙරෙන්නේ කාට එරෙහිව ද යන්නත් හෙළි කළ යුතු බවයි. එහෙත් මෙහිදී බොහෝ මාධ්‍යවේදීන් ප්‍රකාශ කළේ විමර්ශන කළ පමණින් ඔවුන් තවමත් වරදකරුවන් වී නොමැති බැවින් එය හෙළිදරව් කිරීම නුසුදුසු බවයි. මේ ලියුම්කරුගේ අදහස වන්නේද යම් විමර්ශන ප්‍රමාණයක්‌ සිදුකරන බවට මාධ්‍යට හෙළි කිරීමේ වරදක්‌ නැති බවයි. වරදක්‌ සිදුවන්නේ තවමත් වරදකරුවන් නොවී, විමර්ශනවලට භාජනය වී සිටින ආයෝජකයින්ගේ හෝ ආයතනවල අනන්‍යතාව හෙළි කළ හොත්ය. එවැන්නක්‌ තිලක්‌ කරුණාරත්න මහතා සිදුකොට නැත. ඒ නිසා විමර්ශන 17 ක්‌ පැවති බව කීම හෝ සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් එම විමර්ශනවලට අදාළව තොරතුරු විමසීමේ රහස්‍ය ලිපි යෑවීම පිළිබඳ මහා භීතිකාවක්‌ මවන්නට ඇතැම් පුද්ගලයෝ උත්සහ කරති. ඇත්ත වශයෙන්ම සමස්‌ත ආයෝජක ප්‍රජාවම භීතියට පත් කරන්නේ සුරැකුම්පත් කොමිසම විසින් ලිපි යෑවීම නිසා නොව එම ලිපි මාධ්‍යයට දී ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සහ කොමිසමේ විමර්ශනවලට බලපෑම් කිරීමෙන් බව අපේ හැඟීමයි.

    එක්‌තරා පුවත්පතකින් ඔබට ඇති වූ ප්‍රශ්නය කුමක්‌දැයි අසා තිබුණු ප්‍රශ්නයකට තිලක්‌ කරුණාරත්න පිළිතුරු ලෙස පවසා ඇත්තේ කොටස්‌ වෙළෙඳපොළේ මාෆියාකාරයන්ගේ වංචාවන් ගැන සොයා බැලීම තමාට ඇති වූ ප්‍රශ්නය බවයි. ජනාධිපතිරයා සහ කොටස්‌ වෙළෙඳපොළේ විවිධ පාර්ශ්වකරුවන් අතර මීට ටික කලකට ඉහතදී පැවැති සාකච්ඡාවකදී කරුණු ඉදිරිපත් කිරීමට වැඩි අවස්‌ථාවක්‌ ලැබී තිබුණේ කොටස්‌ වෙළෙඳපොළ නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස්‌ වෙළෙඳපොළ බලධාරීන්ට වඩා ඇතැම් ආයෝජකයන්ට හා තැරැව්කරුවන්ටය. මේ සම්බන්ධයෙන් තිලක්‌ කරුණාරත්න මහතා මාධ්‍යයට කියා තිබුණේ "තරඟ විනිසුරු හා හොරු එක පැත්තක" බවය.

    මේ අනුව ඉන්ද්‍රdණී සුගතදාස මහත්මියට මෙන්ම තිලක්‌ කරුණාරත්න මහතාට ද ඉල්ලා අස්‌වීමට බලපෑ ඇත්ත හේතුව පැහැදිලිය. එනම් කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා ගැන විමර්ශන පවත්වා ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට සූදානම් වීමයි. මේ නිසා කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට සම්බන්ධ පිරිස්‌වලට රජයේ ඉහළම දේශපාලන ආශිර්වාදය ලැබෙන බව ද පෙනෙන්නට තිබේ. ඉන්ද්‍රdණී සුගතදාසට තනතුර හැර දමා යන්නට සිදු වූයේ ද මේ නිසාය. තිලක්‌ කරුණාරත්නට ඔහු ඉල්ලා අස්‌වන්නට ආසන්න දිනවලදී "තිලක්‌ යනව නම් හොඳයි" කියා පණිවුඩ ලැබී තිබෙන්නේත් ඉන්ද්‍රdණී සුගතදාස සහ තිලක්‌ කරුණාරත්න යන (හිටපු) සභාපතිවරුන් දෙදෙනාටම ස්‌වාධීනව රාජකාරී කිරීමට ඉඩ නොදී බලපෑම් කළ කොටස්‌ වෙළෙඳපොළ බලවතුන්ට තිබෙන රජයේ දේශපාලන ආශිර්වාදය නිසා නොවේද? එසේ නම් සාධාරණ ආයෝජකයාගේ රැකවරණය ගැන තවදුරටත් විශ්වාසයක්‌ තබන්නට පුළුවන්කමක්‌ නැත. මෙය කොටස්‌ වෙළෙඳපොළ, හොරු ගැනීමට ඉඩ දීමක්‌ නොවේද? මේ තත්ත්වය ඉතා ෙ€දජනකය. මේ නිසා කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය බරපතල පඵදු වීමකට ලක්‌වීම වැළැක්‌විය නොහැකිය.


    http://dasathabusinessnews.blogspot.com/2012/08/blog-post_23.html
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mama godak karala ne..........mage 25000/- k withara i dan padu wela thiyenne yaluwa.gaththe ashia securities walin.ganipu shares wala dan price hondatama adui.puluwannam help me plz................
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඔයාට විකල්ප 2ක් තියනවා

    1. කොටස් මිල නගිනකන් ඉදලා විකිනීම

    2.දැන් විකුනලා අඩු මිලකින් කොටස් අරගෙන තියාගෙන වැඩි වුනාම විකිනීම
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    නීත්‍යානුකූල විදියට 10000 ට ගියත් අවුලක් නෑ.ඒත් වෙන්නේ වෙන විධිවලටනේ

    අපෝ!!! මට sure එච්චර නම් යන්නේ නෑ කියල......
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඔන්න කට්ටියට මගෙන් පොඩි Tip එකක්....

    BUY TAFL @ 60
    Place SELL TAFL under GTC @ 80
    Trade - H&S


    (Publisher is not liable for any loss or damage, including without limitation, any loss of profit, which may arise directly or indirectly from use of or reliance on such information.)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මාධ්‍ය කියන සමාගම් ගැන පරීක්ෂණ නෑ - SEC

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සමාගම් කිහිපයක් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවට පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


    මෙම මාධ්‍ය වාර්තා වල දැක්වුණේ මූල්‍ය සමාගම්, හෝටල් හා දේපොළ සමාගම් කිහිපයක් පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.

    මෙම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒවායේ දැක්වුණු කිසිදු සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර හෝ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර නැති බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න පසුගියදා ඉල්ලා අස්වූයේ තමන්ට ව්‍යාපාරිකයින් හා තැරැව්කරුවන් කණ්ඩායමකින් බලපෑම් එල්ලවූ බව පවසමිනි.

    ආචාර්ය නාලක ගොඩහේවා පුරප්පාඩුව සඳහා පත් කෙරුණි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=741283747
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තිලක් ගිය පසු කොටස් වෙළෙඳපොළ උඩ ගිය හැටි


    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය අගෝස්තු 17 වැනිදාය. එදින සිට අද වන විට කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 683.31 කින් ඉහළ ගොස් තිබේ. ඒ ගනුදෙනු දින 16 ක් තුළ දීය. මෙම දින 16 තුළ දී දින දෙකක දී පමණක් සෘණාත්මක අගයයන් වාර්තා වී ඇති අතර සෙසු දින 14 ම ධනාත්මක අගයයන් නිරූපණය කර ඇත. ඒ අතුරින් දින 07 කදී සමස්ත කොටස් වෙළෙඳපොළ, දෛනිකව ඒකක 60 ඉක්ම වූ අගයයන්වලින් ඉහළ ගොස් ඇති අතර එක් දිනක දී ඒකක 100 ඉක්මවූ ප්‍රමාණයකින් සමස්ත මිල දර්ශක අගය ඉහළ ගොස් තිබේ. එසේ ඒකක 100 ක් ඉක්ම වූ ප්‍රමාණයකින් එක් දිනක් තුළ දී කොටස් වෙළෙඳපොළ ඉහළ ගියේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදා ය. එදින ඒකක 107.93 කින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වූ අතර මෙම වසරේ අප්‍රේල් 19 වැනිදායින් පසු ඒකක 100 ක් ඉක්ම වූ ප්‍රමාණයකින් එක් දිනක් තුළ දී කොටස් වෙළෙඳපොළ ඉහළ නැගි පළමු අවස්ථාව ලෙස ද එය සැලකිය හැකිය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    2012 දී මිලංක පොසිටිව්


    අද (සැප්තැම්බර් 10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 95.18 කින් ඉහළ ගොස් ඒකක 5,592 ක් ලෙස දැක්වුණු අතර මිලංක මිල දර්ශක අගය ඒකක 155.48 ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 5,248.84 ක් ලෙසින් සටහන් වුණි.
    මෙහි ඇති විශේෂත්වය නම් 2012 වසරේ පළමු වතාවට මිලංක මිල දර්ශක අගය වසර ආරම්භය හා සැසඳීමේ දී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමයි. මෙම වසර ආරම්භයේ දී මිලංක මිල දර්ශක අගය ඒකක 5,229.16 ක් ලෙසින් වාර්තා වූ අතර අද (10) දින දක්වා එහි අගය හැසිරුණේ ඊට පහළ අගයයන්වල හෙවත් සෘණාත්මක වර්ධනයක් පිළිබිඹු කරමිනි. මේ අනුව අද වන විට 2012 වසර තුළ දී මිලංක මිල දර්ශකයට අනුව සමස්ත කොටස් වෙළෙඳපොළ 0.38% කින් වර්ධනය වී තිබේ.


    http://www.lankabusinessnews.com/Sinhala.html
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඔන්න කට්ටියට මගෙන් පොඩි Tip එකක්....

    BUY TAFL @ 60
    Place SELL TAFL under GTC @ 80
    Trade - H&S


    (Publisher is not liable for any loss or damage, including without limitation, any loss of profit, which may arise directly or indirectly from use of or reliance on such information.)

    u are correct bro,
    any other tips ? :D
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් වෙළෙඳපොළ යළි ඉතිහාසගත වෙයි
    12-September-2012


    ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික නාලිකාවක් වන Bloomberg දත්ත වාර්තා අනුව යළිත් වරක් කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව ප්‍රමුඛ පෙළේ කොටස් වෙළෙඳපොළ අතර තෙවැනි ස්ථානයට පත්ව තිබේ. මේ අනුව පසුගිය අගෝස්තු මස 10 වැනිදා සිට මාසයක කාලසීමාවක් තුළ දී ලොව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන කොටස් වෙළෙඳපොළ අතර තෙවැනි ස්ථානය කොළඹ කොටස් වෙළෙඳපොළට හිමි වී ඇත.

    මේ අතර අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 5668.30 දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 77.4 ක ඉහළ යාමකි. අද දිනය අවසානයේ දී මිලංක මිල දර්ශක අගය ද ඒකක 88.82 කින් ඉහළ ගොස් ඒකක 5,308.54 ක් ලෙසින් වාර්තා වුණි.

    දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රු. මිලියන 1,207.5 කි.


    http://www.lankabusinessnews.com/12.09.September/088.CSE.html