Current Balance කියන්නේ ඔයාගේ Account එකේ තිබ්බ Balance එක.
Hold/s කියන්නේ ඔයා කරපු මොකක් හරි payment එකක ගාන හරි payment ගොඩක එකතුව.
Available Balance කියන්නේ ඔයාට දැන් ඔයාගේ account එකෙන් withdraw කරන්න පුලුවන් ගාන.
Available Balance = Current Balance - Holds
ඔයා මොකක් හරි එකක් payment එකක් කරාම මුලින්ම වෙන්නේ ඔයාගේ account එක hold වෙන එක. ඊටපස්සේ ඒ payment එක confirm උනාට පස්සේ තමා hold එක අයින් වෙලා account එකෙන් කැපෙන්නේ.
උදාහරනයක් විදියට ඔයා කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එකෙන් ගෙවනවා... එතකොට ඔයාගේ account එක hold වෙනවා...
කඩේ අයිතිකාරයා දවස අවසානයේ එයාගේ Card machine (POS machine) එක sign-off කරනවා.
අන්න එතකොට (සාමන්යෙන් ඊලග දවසේ) තමයි ඔයාගේ hold එක අයින් වෙලා payment එකක් විදියට ඔයාගේ account එකෙන් අඩුවෙන්නේ. එතකොට තමා කඩේ අයිතිකාරයාට බැන්කුවෙන් සල්ලි එයාගේ account එකට වැටෙන්නේ.
------
Post added on Oct 15, 2023 at 3:17 PM
පරක්කු වෙන එකක් වෙන්නේ අර කිව්ව විදියට කඩේ අයිතිකාරයා sign-off කරන්න පරක්කු උනාම.
ගොඩක් ඒවා එදාම වෙනවා, සමහරක් ඒවාදවසක් වගේ යනවා, සමහරක් ඒවා සතියක් දෙකක් යන්නත් පුලුවන් (උදා: හෝටල්, Ebay/Aliexpress වගේ online payments).
එහෙමත් නැත්තම් ඔයා කරපු එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
කොහොම උනත් ඔයාට ඕන වෙලාවක බැන්කුවට කතා කරලා ඔය hold එක ගැන විස්තර දැනගන්න පුලුවන්.
------
Post added on Oct 15, 2023 at 3:23 PM
ඔය hold කියන එක මගේ transactions ගොඩක වෙනවා. bill payments, shops වලට ගෙවපුවා, paypal withdrawal වගේ ඒවා දවස් 2,3ක් ඔහොම hold එකේ පෙන්නනවා. ඒත් අවුලක් නෑ ඕනි නම් account එකේ තියෙන ඔක්කොම සල්ලි withdraw කරන්න පුලුවන් hold එකේ තිබුණත්. හරියටම හේතුව දන්නෙ නෑ
ඔයාට ගන්න පුලුවන් වෙන්නේ available balance එකේ තියන ගාන විතරයි
------
Post added on Oct 15, 2023 at 3:24 PM