THAVA VISTHARA TIKAK PULUVANNAM DENAVADA
ALU - Arithmetic and Logic unit, CU-control unit, Registers kiyanne CPU ekaka kotas. (me cpu kiyana eka samanya pawichchiye thiyena ekath ekka patalawa ganna epa. cpu kiyanne processor eka. okkoma thiyena pettiyata kiyanne harinam System Unit eka kiyala)
Reference:
http://www.dgp.toronto.edu/~ajr/258/notes/micro/one-bus.html
Me thiyenne simple processor ekaka architecture eka. meke control unit eka na.
මේකේ ඔක්කොම පෙට්ටි වලට දත්ත රඳවාගන්න පුළුවන් (Instruction decoder and ALU ඇර)
මේකේ bus එක කියන්නේ එක පෙට්ටියක ඉඳන් තව පෙට්ටියකට දත්ත අරන් යන්න පුළුවන් හැම පෙට්ටියකටම පොදු වයර් සෙට් එකක් කියල හිතන්නකෝ(රුපයේ සම්බන්ද කරලා තියෙන විදියට). දැන් අපේ program එක තියෙන්නේ memory (RAM) එකේ. මීළඟට කරන්න තියෙන instruction එක ගෙන්න ඕනේ IR එකට. එක කරන්නේ කොහොමද: CU එක විසින් MAR (Memory access register) එකට දානවා ඊළඟ instruction එක තියෙන memory address එක. එතකොට memory එකෙන් ඒ address එකේ තියෙන දත්ත ඇදල ගන්නවා MDR (Memory Data Regiter) එකට. දැන් MDR eke තියෙනවා ඊළඟ instruction එක. එක දැන් ගෙනියන්න ඕනේ IR (Instruction Register ) එකට. එතකොට CU එකෙන් කරන්නේ MDR එකට සිග්නල් එකක් යවනවා එකේ තියෙන දත්ත bus එකට දාන්න කියල, එත් එක්කම IR එකට සිග්නල් කරනවා bus එකේ තියෙන දත්ත load කරගන්න කියල. Instruction decoder එකට තේරුම් ගන්න පුළුවන් ඊළඟ instruction එක මොකක්ද කියල. Instruction decoder එක CU එකේ කැල්ලක් කියලත් කියන්න පුළුවන්.
දැන් හිතන්න ඊළඟ Memory එකේ ඉලක්කන් දෙකක් එකතු කරන්න තියෙනවා කියල.මම කලින් කිව්වා විදියට R0, R1 වගේ තැන් දෙකකට Memory එකෙන් ඉලක්කන් දෙක ඇදල ගන්නවා. ALU එකට ඉලක්කන් දෙකම එකපාර දාන්න ඕනේ. නමුත් bus එකට එකපාර ගෙනියන්න පුළුවන් 1 ඉලක්කමයි. එක නිසා Y වලට දානවා එක ඉලක්කමක් (ඉස්සෙල්ල කිව්වා විදියටමයි උ.ද. cu එකෙන් කියනවා R0 ට තමන්ගේ data bus එකට දාන්න කියල, Y වලට කියනවා bus එකෙන් data load කරගන්න කියල). දැන් Y වල එක ඉලක්කමක්. ඊළඟ instruction එකේ තියෙනවා එකතුකරන්න කියල. ඒ කියන්නේ CU එකෙන් මේකයි කරන්නේ.
1. y වලට signal karanawa එයාගේ data ALU එකේ A වලට දාන්න කියල
2. R1 වලට ලියනවා එයාගේ data bus එකට දාන්න kiyala
3. ALU එකට කියනවා A වලින් හා B වලින් data ගන්න කියල
4. ALU එකට add සිග්නල් එක යනවා.
5. Z වලට කියනවා ALU එකෙන් එන උත්තරය තියාගන්න කියල.
මිට පස්සේ ඉතින් මම කියපු විදියට උත්තරය කැමති තැනකට අයත් යවන්න පුළුවන්.
ALU එක ඇතුලේ එකතු කරන , අඩු කරන, logical and, වගේ ඒවා කරන circuit තියෙනවා. උදාහරණයක් විදියට, ALU එකට add සිග්නල් එක යැව්වම වෙන්නේ A හා B සම්බන්ද වෙන්නේ add circuit එකට. ඕනනම් adder circuit එක බලන්න ඉන්ටෙර්නෙට් එකේ.