කුලින් සිස්ටම් එකට වතුර දාලා දුවපු වාහනයකට කූලන්ට් දාන්න ඕනි නම් ඉස්සෙල්ලාම කරන්න ඕනි කූලින් සිස්ටම්එකේ තියෙන වතුර අයින් කරලා කූලින් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ෆ්ලෂ් කරන එක.ඒකට කූලින්සිස්ටම් ෆ්ලෂ්/රේඩියේටර් ෆ්ලෂ් කියලා කෙමිකල් එකක් තියෙනවා.ඒක 3-4 සැරයක් දාලා ෆ්ලෂ් කරලා.අලුතින් කූලන්ට පුරවන්න.කුලන්ට් වලත් කලින් මිශ්‍රකරන ලද සහ නොකරන ලද කියලා කූලන්ට් වර්ග දෙකක් තියෙනවා.කලින් මිශ්‍රකරන ලද කූලන්ට් කෙලින්ම දාන්න පුලුවන්.එහෙම නැති කූලන්ට් ඩිස්ටිල් වෝටර් සහ කූලන්ට් 50:50 මිශ්‍ර කරලා දාන්න පුලුවන්.විවිධ කූලන්ට් විවිධ රසායනික සංයෝග මිශ්‍රකරලා හදලා තියෙන නිසා විවිධ වර්ගයේ කූලන්ට් එකින් එකට මිශ්‍රවෙලා කූලන්ට් වල ගූණාංග අඩුවෙලා බොර හැදිලා ත්ර්මස්ටැට් වෑල්,ටෝටර් පම්ප්,රේඩියේටර් ආදිය බ්ලෝක් වෙන්න පුලුවන්.ඒ නිසා හැම වෙලාවකම අදාල කූලන්ට් වර්ගයම දාන්න වෙනවා.අදාල කූලන්ට් වර්ගය නැත්නම් අඩු පුරවන්න ඩිස්ටිල් වෝටර් හරි වතුර විතරක් දාන්න පුලුවන්.
සීකන්, 3M වගේ හොඳ වර්ගයකින් දාන්න. වෙළඳ පොලේ ඇති බොහොමයක් කූලන්ට් වතුර වලට කලවම් කරන ලද ඩයි පමණයි..