Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    කොරෝනා මර්දනයට ජනපති විශේෂඥ වෛද්‍ය මත විමසයි

    කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍යද විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් විය.

    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මේ වන විට වෛරසය ආසාදිත පුද්ගලයන් ළඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනා ගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා චී තිබේ.

    වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits)ප්ර මාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිවරයා ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්ව ඇත.

    එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු මෙහිදී පවසා තිබේ.

    වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වා ගත යුතු බව ඔවුනගේ මතය වී තිබේ.

    “පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසා ඇත.

    නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රවේදයට අයත් වෙයි.

    විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත.

    ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කර තිබේ.

    කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිවරයා විසින් විමසා ඇත.

    දියවැඩියාව, ඇඳුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු පවසා තිබේ.

    එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කර ඇති අතර, සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබා ගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්ර්ම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව තිබේ.


    Derana
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    නිවුස් සයිට් එකක දාන්ඩ ඔනෙ එක පිරිසකගෙ මතයක් විතරද?? එහෙමත් නැත්තන් විවිධ පුද්ගලයන්ගෙ මත දැක්ව්ම් වලට ඉඩදීමද කරන්ඩ ඔනෙ.. සි නිවුස් හරියට වැඩේ කරනව විවිධ මත තියෙන්ව ඒ ඔක්කොම දානව ඒක තමයි වෙන්ඩ ඔනෙ..
    :yes::yes::dull:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබේ - සුරාබදු දෙපාර්තමේන්තුව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබේ - සුරාබදු දෙපාර්තමේන්තුව

    Onna dan tamai sinhalu mental yanna patan ganne
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබේ - සුරාබදු දෙපාර්තමේන්තුව

    :shocked::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Onna dan tamai sinhalu mental yanna patan ganne

    ඔව් අර ඕසි වල හොරැව්පැතන් සිටි වල ඉන්න කෙනාට spa වැහුවහම වුන දේ වගේ වෙයි බේබදු සිංහලුන්ටත් දැන් :( නේද එමියොස්?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘත කර තැබීමට තීරණයක්
    මොකො ආන්ඩුවේ බෙහෙත් ඉවර වෙලාද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘත කර තැබීමට තීරණයක්
    මොකො ආන්ඩුවේ බෙහෙත් ඉවර වෙලාද

    deliver කරන එක අසාර්ථක ඇති :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    deliver කරන එක අසාර්ථක ඇති :(

    Some things are not practically viable over a long period. You can shut down but needs to address the food and medicinal needs - and the financial too, specially the daily wage earner. So there should be a compromise really.
    But there's also the lack of discipline and social responsibility from some people.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව යද්දි කඩවලුත් අරියි ද දන්නේ න

    ප්‍රධාන පාරවල් වල කඩ වහල වුනාට ඇතුලට වෙන්න කඩ වල කඩේ වහල ගෙදර ජැනේලෙන් එහෙම බඩු දෙනව :sorry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘත කර තැබීමට තීරණයක්
    මොකො ආන්ඩුවේ බෙහෙත් ඉවර වෙලාද

    පඬිටෝක් දුන්නාට ඇත්තටම රජයකට පුලුවනැ අතේ ඇගිලි ගානට ඕවා තියගෙන ඩ්‍රග් කම්පැනි එක්ක හැප්පෙන්න. පාමසි වලින් ගාන එන්නැති කොට gmoa එකම කියන්නැති ඇරපන් කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Some things are not practically viable over a long period. You can shut down but needs to address the food and medicinal needs - and the financial too, specially the daily wage earner. So there should be a compromise really.
    But there's also the lack of discipline and social responsibility from some people.

    :yes: :sorry:
     
    Status
    Not open for further replies.