Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේක ඇත්තද?


    මේක ඇත්තද?


    මගේ එවුන්නේ කපන්නේ - ලන්කාවේ වනජීවී ඈමති





    -0I6EpONhhgaK9q_an98feHrb9JGedJvbkrY4Gc6A6KNNsbV4WaGwEhN931jE7RHiOV3xJvZZecO7Q3dvhOZF15Ub8Mqi2-RQ8HQ0A
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මගේ කලින් පෝස්ට් එක පටු දේශපාලන අරමුණු සඳහා භාවිතාවූ නිසා නැවත මේ ගැන පෝස්ට් නොලියා ඉන්න හැදුවත් ඉල්ලීම් රාශියක් ලැබුණු නිසා ලියමි. මෙය ශෙයා කරනවා නම් සම්පූර්ණ පෝස්ට් එක මේ විදිහටම ශෙයා කළ යුතුය. කොටස් උපුටාගැනීම්, කොටසක් පමණක් highlightකර පළකිරීම් සපුරා තහනම්ය.
    1f60a.png


    අද තත්වය පහදන්න කියා කළ ඉල්ලීම්වලට කලින් බුකියේ සංචරණයවන අදහස් අනුව ඔබ වැරදියට තේරුම්ගෙන ඇති බවට මට හැඟෙන මහජන සෞඛ්‍ය සහා වසංගතවේදය පිළිබඳ සංකල්ප දෙකක් විස්තර කරමි. ඒ අද තත්වය පැහැදිළි කිරීමට එය අදාළ බැවිනි.

    ==1. Flattening the curve==
    කට්ටිය රැල්ලට කර්ව් එක ෆ්ලැට්කිරීම හා වක්‍රය පැතලිකිරීම ගැන කතාකළාට ඒ සංකල්පය ගැන බහුතරයකට අවබෝධයක් තිබී නැති බව මේ දවස්වල ශෙයා වෙන පෝස්ට්වලින් පෙනී යයි. වසංගතයක් නැත්තටම නැතිකිරීම සඳහා අප භාවිතාකරන තාක්ෂණික පදය eradicationය. අපි දැනට වසූරිය සහා මහමාරිය එලෙස පාලනය කර ඇත. Elimination හෝ තුරන්කිරීම යනු රෝගයක් නැත්තටම නැතිකිරීම නොවෙයි. උදාහරණයක් ලෙස අපි මැලේරියාව තුරන් කළ රටක් වුවුද, ආනයනික මැලේරියා රෝගීන් තවමත් අපට හමුවේ. මේ දෙකම සිදුකිරීම සඳහා අපගේ පාලන ක්‍රමවේද මෙන්ම රෝගයේ ස්වභාවය සහා අදාළ විෂබීජයේ ගති ලක්ෂණ රාශියක්ද බලපායි. උදාහරණයක් ලෙස අපි ඩෙංගු තුරන්කිරීම අහලකවත් නැත. අපි ඩෙංගු ගැන කතාකිරීමේදී භාවිතා කරන්නෙ "පැතිරීම පාලනය කිරීම" යන පදයයි. අපේ අරමුණ හැකිතාක් රෝගීන් ගණන අඩුකරගැනීමයි. කොරෝනා ගැනද අපි කතාකළේ ඒ පාලන ක්‍රමයමය. ගෝලීය වසංගතයක්වීම නිසා ගෝලිය ජනමාධ්‍ය භාවිතාකළ "flattening the curve" අපේ රටෙත් ජනප්‍රියවූ නිසා එම පදයම දිගින් දිගටම භාවිතාකරන ලදී.

    Curve එක flat කිරීමේ අරමුණ එක්වරකට වාර්තාවන රෝගීන් ගණන අඩුකිරීම සහා කවදා හෝ පැමිණෙන පීක් එක සඳහා සුදානම්වීමට කල් ලබාගැනීමයි. මෙහිදී පීක් එක කවදා හෝ පැමිණෙන අතර රෝගී සංඛ්‍යාව බිංදුවවීම හෝ බිංදුව වෙන දවස රෝගයේ ගතිලක්ෂණ මත විශාල ලෙස රඳාපවතියි. කොරෝනා වැනි ශ්වසන වෛරසයක් තුරන්කිරීමට නම් එන්නතක් සොයාගැනීම අවශ්‍යම වේ. එන්නතක් නැත්නම් ඒ සඳහා ඖෂධ සොයාගැනීම හෝ එම වෛරසය විසින්ම සාමාන්‍ය හෙම්බිරිස්සාව සාදන වෛරසයක් දක්වා අනුවර්තනයවන තෙක් එය අවම සෘණාත්මක ප්‍රතිඵල ඇතිවන සේ පාලනය කිරීම සිදුකරනු ලබයි. මෙහිදී රෝගීන් බිංදුව වීමේ හැකියාව ඉතාම අවමය.

    ==2. Exit Strategy==
    Exit strategy එකක් යනු ලොක් ඩවුන් අවස්ථාවෙන් පිටවීම සඳහා භාවිතාකරන ක්‍රමවේදයකි. එය සිදු කිරීමට රෝගීන් බිංදුවවන තෙක් බලා සිටීම විද්‍යාත්මක සහා ප්‍රායෝගික නොවන බවට ඔබට ඉහත පැහැදිලි කිරීමෙන් පෙනී යනවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් exitවීමේ අවස්ථාව හඳුනාගැනීම සඳහා නිර්දේශ 6ක් නිකුත්කර ඇත. එම නිර්දේශවලින් බොහෝ කරුණු අප සම්පුර්ණ කර ඇත. අවසාන කරුණ, එනම් මහජනතාව දැනුවත්කර සූදානම්කිරීම නම් අඩුපාඩු සහිත බව බුකිය දිහා බලන විටද පෙනී යයි. ඒ කරුණ නිසාම මේ ක්‍රමවේදය අඩපණවීමේ විශාල අවදානමක් ඇත. මෙතෙක් රෝගීන් වාර්තා නොවූ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත් කළේ මෙසේ exit වීමේ මූලික පියවරක් ලෙසය. ඒ දිස්ත්‍රික්ක මායිම් තවමත් වසා දමා ඇත. තාමත් මිනිසුන් එක්රැස්වීම් තහනම් ය. පාසල්, විශ්ව විද්‍යාල, ටියුෂන් වසාදමා ඇත. පොදු ප්‍රවාහනය සහා අනෙකුත් භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් සීමා පනවා ඇත. ඒවායේත් සම්පූර්ණයෙන් exitවී නැති බව දැන් ඔබට වැටහෙයි. අවදානම් කලාපවලට තවමත් ඇඳිරිනීතිය ඇත. ඒවායින් exitවීමේ ක්‍රමවේදය තවමත් සාකච්ඡාවෙමින් පවතී.

    ==අද රටේ තත්වය==
    1. ව්‍යාප්තිය
    අද වනවිටද අපට දැකගත හැකිවෙන්නෙ cluster spread අවස්ථාවකි. මෙය ඉදිරි දවස් කිහිපය තුළ වෙනස්වීමේ හැකියාවක් ඇත. ප්‍රජා සම්ප්‍රේෂණ තත්වයක් ඇතිවූ විට එය ඔබෙන් සැඟවීමට තරම් සෞඛ්‍ය දේපාරතමේන්තුව අනුවණ නොවන බැවින් ඒ පිළිබඳ නිල නිවේදනයක් ඔබ වෙත පැමිණෙනු ඇත.

    2. පරීක්ෂණ ක්‍රමවේදය
    මේ ගැන මූලික සංකල්ප මාගේ Screening Test පෝස්ටුවේ දක්වා ඇත. අපේ දැනට සීමිත ප්‍රමාණයකින් ප්‍රජා පරීක්ෂණ සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස මුල්ම කාලේ දිනක රෝගින් 21ක් වාර්තාවුනා ඔබට මතක ඇති. එයින් 20ක්ම පුත්තලම දිස්තික්කයේ රෝගියෙකුගේ නිවස අවට ප්‍රජාවේ සිදුකළ random testing (අහඹු ලෙස සිදුකළ පරීක්ෂණ) positivesය. ඉන්පසු එම ගමම නිරෝධායනය සඳහා යොමුකරන ලදී. කොළඹ මෑතකදී විශාල ලෙස හමුවුනේද එලෙස කළ ප්‍රජා පරීක්ෂණවල ප්‍රතිඵලය. වෙනස නම් අපි ඒ ගමම නිරෝධායනය කළ නිසා ඒ පරීක්ෂණ සිදු කරන්නෙ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළේ වීමය. මෙය අනෙක් රටවලට වඩා වෙනස් ක්‍රමවේදයකි.

    ඊයේ හමුවූ නාවික භටයින්ගේ තත්වය ඊට සමාන වගේම වෙනස්‍ ය. ඔවුන්ද cluster එකකි. ඔවුන් අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන රාගම රෝහලේ රෝග නිවාරණය සඳහා යෙදවෙන කණ්ඩායමකි. ඔවුන්ගෙන් කෙනෙක් පොළොන්නරුවේ ගොස් අසනීපවූ නිසා ඔහුගේ පොළොන්නරුවේ ආස්‍රිතයින් සහා වැලිසර අස්‍රිතයින් දෙපිරිසකි. ඔවුන්ව හඳුනාගැනීම, නිරෝධායනය සහා පරීක්ෂණ කිරීම ආරම්භවුයේ ඔබට එම සිද්ධිය ආරංචිවීමටද ප්‍රථමව සිටය. මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදයක් ආරම්භකිරීමට නිර්දේශිතය. මේ දිනවල වියට්නාමයේ වගුවක් ශෙයාවෙමින් පවතියී. එම වගුවේ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව හැර අනෙකුත් සියලුම සංඛ්‍යා ලංකාවේ ඒවාට සමානය. ඒ අනුව ඒ දිහා බැලිය හැකි අනෙක් විදිහ නම් ඔවුන් අනවශ්‍ය ලෙස ටෙස්ට් කරනවාද යන්නය. ටෙස්ට්කිරීමේ මුලික අරමුණ රෝගය පාලනයකිරීමය. එසේම වෛද්‍ය විද්‍යාලයේ Measurements in Epidemiology (වසංගතවේදයේ මිනුම් ක්‍රම) පාඩමේ අපි උගන්නන මූලිකම සිද්ධාන්තය ප්‍රජාවන් දෙකක නොම්මර හෝ අංක සෘජුව සංසන්දනය (compare) කිරීමේ වැරැද්ද නොකරන ලෙසය. මා කලින් පෝස්ට් එකක කිවූ ලෙසට ඒ වැරැද්දත් අපේමය.
    1f60a.png




    --Manjula Perera.


     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    community spread saha cluster spread wensa mokka da ? :confused:

    මගේ කලින් පෝස්ට් එක පටු දේශපාලන අරමුණු සඳහා භාවිතාවූ නිසා නැවත මේ ගැන පෝස්ට් නොලියා ඉන්න හැදුවත් ඉල්ලීම් රාශියක් ලැබුණු නිසා ලියමි. මෙය ශෙයා කරනවා නම් සම්පූර්ණ පෝස්ට් එක මේ විදිහටම ශෙයා කළ යුතුය. කොටස් උපුටාගැනීම්, කොටසක් පමණක් highlightකර පළකිරීම් සපුරා තහනම්ය.
    1f60a.png




    ==අද රටේ තත්වය==
    1. ව්‍යාප්තිය
    අද වනවිටද අපට දැකගත හැකිවෙන්නෙ cluster spread අවස්ථාවකි. මෙය ඉදිරි දවස් කිහිපය තුළ වෙනස්වීමේ හැකියාවක් ඇත. ප්‍රජා සම්ප්‍රේෂණ තත්වයක් ඇතිවූ විට එය ඔබෙන් සැඟවීමට තරම් සෞඛ්‍ය දේපාරතමේන්තුව අනුවණ නොවන බැවින් ඒ පිළිබඳ නිල නිවේදනයක් ඔබ වෙත පැමිණෙනු ඇත.




    --Manjula Perera.


     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Countries will have to live with some disruptive social measures for at least the rest of the year, the UK government’s chief medical adviser has said.

    Prof Chris Whitty said it was “wholly unrealistic” to expect life would suddenly return to normal soon.

    “This disease is not going to be eradicated, it is not going to disappear,” he said, at the government’s daily coronavirus briefing.

    He said “in the long run” the ideal way out would be via a “highly effective vaccine” or drugs to treat the disease.

    But he warned that the chance of having those within the next calendar year was “incredibly small”.

    “So we have to accept that we are working with a disease that we are going to be with globally… for the foreseeable future.”

    (BBC)


    Get ready bitches :cool:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැලිසර කැම්ප් එකේ ඉතිරි රිසාල්ට් අද එයිද
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    HELP: 27 වෙනිදට පළාත් අතර ගමන් කරන්න පුළුවන්ද ? අවදානම් කලාප ඇරුනම එහෙම අව්ලක් නෑ නේද?

    :oo::oo::oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    HELP: 27 වෙනිදට පළාත් අතර ගමන් කරන්න පුළුවන්ද ? අවදානම් කලාප ඇරුනම එහෙම අව්ලක් නෑ නේද?

    :oo::oo::oo:

    Unpredictable till 26th
     
    Status
    Not open for further replies.