Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ බේරුවල 66 කට කොරෝනා නෑ

    බේරුවල පන්නිල ,චීන කොටුව යන ප්‍රදේශ වල කොරෝනා ආසාදිතයන් හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරි වසම් සහ ඒ අවට පදිංචිකරුවන් 66 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා අද (26) පැවසීය.

    පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයින් 66 දෙනා අතර ගැබිණි මව්වරුන් 15 දෙනෙකු ද සිටින බව ඒ මහතා කීය.

    බේරුවල පන්නිල හා චීන කොටුව ප්‍රදේශ වල ඉකුත්දා හමු වූ පළමු ආසාදිත පවුලේ ප්‍රධාන සාමාජිකයන් සමඟ මෙම පිරිස ඇසුරු කර ඇති බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94488150_3084831824907042_2924503305553969152_o.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,558
    113
    Don’t defend Trump – attack China’: coronavirus strategy revealed in Republican memo

    Party sent out detailed 57-page document advising candidates on everything from dealing with accusations of racism to tying Democrat opponents to Beijing

    Note - don’t defend Trump.. attack China



    මෙන්න වෙෙරස් අස්සෙ හොංකොං වල අායෙත් වලි..ට්‍රම්ප් කියන්න අැති අායෙ පටන් ගනිල්ල කියලා..:lol:

    https://m.facebook.com/story.php?story_fbid=244237123614148&id=111047465652036
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. දැනට නිවාඩු සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුයි. - ආරක්ෂක අමාත්‍යංශය
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. දැනට නිවාඩු සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුයි. - ආරක්ෂක අමාත්‍යංශය

    :nerd::nerd::baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. දැනට නිවාඩු සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුයි. - ආරක්ෂක අමාත්‍යංශය
    එන පොට හොඳ නෑ:dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මේ වන විට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස වෛරසය ආසාධනය වී ඇත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ වන විට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස වෛරසය ආසාධනය වී ඇත

    :(:(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරියද ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව අනාවරණය වේ. ඒ මහේස්ත්‍රාත් වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිළදාරියෙකු වන බැවිනි.

    ඔහු පසුගිය 12 දා පැමිණ නැවත 20 දා සේවයට වාර්තා කර ඇත. මේ දක්වා ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැත.

    මහේස්ත්‍රාත් වරිය සිය කැමැත්තෙන්ම තම නිළ නිවසේම ස්වයං නිරෝධායනය වෙමින් සීටී.

    ඒ හා සේවය කල පොලීසියේ නව දෙනෙකුටද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    ‘ඇඹිලිපිටියට වැලිසර නාවික හමුදා නිළධාරීන් හත් දෙනෙක් පැමිණ තිබෙනවා. අපි දැනට හතර දෙනෙක් සාර්තකව නිරෝධායනය කරගෙන යනවා. ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ පුද්ගලයා පසුගිය 18 වැනිදා තමයි ඇඹිලිපිටියට පැමිණ තිබෙන්නේ. ඔහු අපි පී.සී.ආර් පරික්ෂණයට යොමු කලා. අපිට දැනගන්නට ලැබුනා ඔහුට මේ වන විට නොරෝනා තත්වයක් ආසාධනය වී නොමැති බව’ යයි ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා කීය.

    වැලිසර හමුදා කදවුරේ භටයින් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග ඇතිවූ තත්වය පැහැදිලි කරමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටින ලදී.

    එසේ උවත් නැවත අපි දින 10 කින් ඔවුන්ව පී.සී.ආර් පරික්ෂනයකට යොමු කිරීමට නියමිතය. ඉතිරි තිදෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර මහ රෝහලට 25 දා රාත්‍රී යොමු කර ඇත. එක් අයෙක් පනාමුර දඹරයාය ප්‍රදේශයේත් අනෙක් කෙනා තුංකම ප්‍රදේශයේත් අනෙත් කෙනා ඇඹිලිපිටිය හිගුර ආර ප්‍රදේශයේත් මේ අය අපේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ පී.සී.ආර් පරික්ෂණ වලට යොමුවී ඇත.

    මේ වන විට මෙම සියලුම නාවික හමුදා නිළධාරීන් පැමිනි නිවාස නිරෝධායනයට ලක් කර ඇත. ඒ හා ආශ්‍රිත අයද නිවෙස්ද නිරෝධායනයට ලක් කර තිබේ.

    – ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කොරෝනා ආසාදනය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකු අද (26) ඩුබායි හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටි
     
    Status
    Not open for further replies.