බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු දිස්ති‍්‍රක්කවල පැනවූ ඇදිරි නීතිය අද ලිහිල් කෙරුණා.
අද දවස පුරා එම දිස්ති‍්‍රක්කවල ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වූ නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඇදිරි නීතිය ඉවත් කළද ජනතාව අද දිනයේ නගර වෙත වැඩි වශයෙන් නොපැමිණි බවයි.
පැමිණි පිරිස්ද මුඛ ආවරණ පැළද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ආකාරයද දක්නට ලැබුනා. ඇතැම් ප්‍රදේශවල මීටරයේ දුර ආරක්ෂා නොකරමින් කටයුතු කළ පිරිස් දුරස්ථ කිරීමට පොලීසිය කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
ඇතැම් නගර ජන ශූන්‍ය වී තිබීමද ඇතැම් නගරවල කඩසාප්පු සම්පූර්ණයෙන්ම වසා දමා තිබීමද කැපී පෙනෙන සිද්ධියක්.
කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටි තවත් සිසුන් පිරිසක් අද මෙරටට රැුගෙන ආවා. එමෙන්ම නාවික හමුදා සෙබළුන් සමීපව ඇසුරු කළ පිරිස් අද දිනයේද නිරෝධායනයට ලක් කෙරුණු බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
මේ අතර ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 11 දෙනෙකුට, එක් අයෙකුට රුපියල් 7,500 බැගින්, රු. 82,500 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක අද නියෝග කළා.
මෙලෙස දඩ නියම වුණේ බලන්ගොඩ පොලිස්බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 11 දෙනෙකුටයි. ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරිම, නිකරුණේ මාර්ගවල ගමන් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.