COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.
මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
COVID 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
COVID 19 මර්දනයට ශ්‍රී ලංකාව ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා (medical tourism) සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට පිළිවන.
දැන් නම් තීන්දුයි පුම්බපු බැලුමක් මෙයා.