Coronavirus (Covid19) Megathread #6

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඉන්දියාව වගේ අරක්කුවලට 75%ක කොරෝනා ටැක්ස් එකක් ගහන්න තියෙන්නෙ. ඊලගට ගෙවල්වලට ඩිලිවර් කරා නම් ගොඩ. :rolleyes:

    Onna solutions
    Ape ewunta okawat kranna bane
    Mehe kassipu walin ekek dawsakata 400000k witara hoyana
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තවත් කොරෝනා ආසාදිතයින් 9ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට - සෞඛ්‍ය අමාත්‍යංශය #Covid19

    Me aya kohenda hoya gatte kiala danne the one. Pitin kauruth hoyagena nathnan ok. Ehema pitin hoyagena wenama cluster ekak hambunoth iwarai
     
    • Like
    Reactions: hirashgeff

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ වනවිට දරුණු ලෙස කොරෝනා වසංගතයට ගොදුරුවී සිටින දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලය එම තත්වයට පත්වන්නට හේතුවී ඇත්තේ ජනපතිවරයාගේ දුර්වල ක්‍රියා විලාසය බවට විවේචන එල්ලවී තිබේ.
    ද ලැන්සෙට් නමැති ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සඟරාවක් විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විස්තර කර ඇත්තේ කොරොන වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට බ්‍රසීලයට ඇති "විශාලතම බාධාව” ලෙසයි.
    බොල්සොනාරෝ විසින් අගුලු දැමීමේ පියවර නිසි වේලාවට සිදු නොකර නොසලකා හැරීම බ්‍රසීලය පුරා ව්‍යාකූලත්වයක් ඇති කර තිබුණි. සිකුරාදා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව තහවුරු කරන ලද
    කොරෝනා වයිරස් රෝගීන් 10,222 ක් සහ ඒ හා සම්බන්ධ මරණ 751 ක් වාර්තා කර තිබුණි. රට තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 145,328 ක් දක්වාත්, මරණ 9,897 ක් දක්වාත් වාර්තා වී තිබේ.

    වසංගතය මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග ගන්නා අතරේ සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා මහතා පසුගිය මාසයේ සේවයෙන් නෙරපා ඇති අතර රටේ දේශපාලන අර්බුද මතුකරමින් අධිකරණ අමාත්‍ය සර්ජියෝ මොරෝගේ ඉල්ලා අස්වීමද සිදුවිය. බොල්සෝනාරෝ දේශපාලන අර්බුදයක් ගැන කල්පණා කරනවා විනා රටේ සෞඛ්‍ය ගැටලුව අමතක කර ඇති බව විවේචනය වී ඇත.

    "මෙම ගැටලුවට විසඳුම් සොයාගන්නේ කෙසේද අභියෝගය අවසානයේ දේශපාලනිකය, සමස්තයක් ලෙස බ්‍රසීල සමාජය එක්කාසු කළ හැකි නායකයෙකු නැතිවීම අතිමහත් විපතකට රට ඇද හෙළා ඇත' එම සඟරාවේ විස්තර කර තිබේ.

    කොරොන වයිරසයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිබඳව පසුගිය සතියේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ කියා තිබේ: "ඉතින් මොකක්ද ප්‍රශ්නෙ? මට ඒ ගැන කණගාටුයි, නමුත් මා කුමක් කරන්නද?"
    මේ අතරවාරයේ අනතුර ගැන කිසිදු වගක් නැතිව අමනෝඥ ප්‍රකාශ සිදු කරන ස්වරූපයක්ද ජනපතිවරයා කෙරෙන් දිස්වේ.

    සිකුරාදා ජනාධිපතිවරයා කියා සිටියේ බාබකියු සඳහා මිතුරන් 30 දෙනෙකු ජනාධිපති මන්දිරයට කැඳවාගෙන යාමට සැලසුම් කර ඇති බවයි. පසු දින ඔහු විහිළුවට ලක් කළේ දේශපාලන ආධාරකරුවන් සහ පුවත්පත් සාමාජිකයින් ඇතුළු තවත් දහස් ගණනකට තමාට ආරාධනය කළ හැකි බවයි.

    කොරෝනා වයිරසය “කුඩා උණක්” ලෙස දිගටම හඳුන්වා තිබූ ජනපතිවරයා මුහුණු ආවරණයක් නොමැතිව ආධාරකරුවන් සමඟ කටයුතු කළ අතර ඔහු තර්ක කර ඇත්තේ, අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කළානම් ආර්ථික බිඳවැටීම වෛරසයට වඩා මාරාන්තික වනු ඇති බවයි.

    එන්න එන්නම ආසාදන හා මරණ සංඛ්‍යාව වැඩිවෙමින් තිබියදීත්, ආණ්ඩුකාරවරුන් විසින් සිදුකරන ලද භෞතික දුරස්ථ ක්‍රියාමාර්ග නොසලකා හැරීමටත්, නැවත සේවයට පැමිණෙන්නට හා විශාල රැස්වීම්වලට සහභාගී වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබීම ගැටලුකාරී වී තිබේ.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ “වසංගතය තවමත් පාලනය කර නොමැති බ්‍රසීලය මෙලෙස කටයුතු කළොත් එය දිගටම වර්ධනය වනු ඇති” බවයි. බ්‍රසීලය මුහුණ දෙන දරුණුම අභියෝගය වන්නේ බ්‍රසීල ජාතිකයන් මිලියන 13 ක් පමණ ජීවත් වන පැල්පත් සහිත නගරවල මෙය පැතිරීම පාලනය අපහසු අඩියකට පත්ව ඇති නිසාය.

    වෛරසය පැතිරීමට පෙර සිටම රටේ ආදිවාසී ජනතාවද “දැඩි තර්ජනයට” ලක්ව තිබුනේ රජය විසින් ඇමේසන් වැසි වනාන්තරයට නීති විරෝධී පතල් කැණීම් හා දැව කැපීම් ගැන සලකා නොබැලූ නිසාය.

    menna me wadeta nam oya yaka corona hadilama marenna ona

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් බොහෝ දෙනා පීඩාවකට පත්ව සිටින වාතාවරණයක් තුළ ලෝකයේ සෑම රටකම රෝගීන්ගේ සුවය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රබලම පිරිස වන්නේ වෛද්‍ය මණ්ඩලය සහ හෙද කාර්ය මණ්ඩලයයි. මෙවන් අසීරු අවස්ථාවක් මධ්‍යයේ හෙදියන් ලෙස සැරසී
    සිටින කාන්තාවන් වොෂිංටන් ප්‍රාන්තයේ විවිධ සොරකම් සඳහා දායක වී ඇති බවට තොරතුරු වාර්තා විය.

    මෙම වෛරස අර්බුදය මධ්‍යයේ හෙදියන් ලෙස සැරසී සිටින කාන්තාවන් දෙදෙනෙකු වොෂිංටන් ප්‍රාන්තයේ ද්වාර මණ්ඩප ඉදිරිපස සිට පැකේජ හෙවත් විවිධ ඇසුරුම් පොදි සොරකම් කර ඇති බව පළාත් පාලන ආයතනය පවසා තිබේ. කෙනෙවික් පොලිස් දෙපාර්තමේන්තුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේද රබර් අත් වැසුම් පැළඳ සිටින මෙම කාන්තාවන් දෙදෙනාගේ ඡායාරූප පලකර තිබුණි. ඔවුන් මෙම ඡායාරූපය පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාවන් දෙදෙනා හෙදියන් නොවන බවට තම දෙපාර්තමේන්තුව විශ්වාස කරන බැවින් ඔවුන් දෙදෙනා හැකි ඉක්මනින් සොයා ගැනීමට උපකාර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    එමෙන්ම කෙනෙවික් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉරිදා ඇමරිකා එක්සත් ජනපදයට පවසා ඇත්තේද සැකකාර කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු සොයා ගෙන ඇති නමුත් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අධි අවදානම් ඇතුළු අනෙකුත් දිස්ත‍්‍රික්ක අනිද්දා (11 වැනිදා) විවෘත කළද පුද්ගලික බස් රථ 75% කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    සහනාධාර නොලැබීම, සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් ඊට බලපා ඇති බව ඔහු කියයි.

    එසේම ධාවනයට එක් කිරීමට හැකි වන 25% කට අඩු බස්රථ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් ධාවනය කිරීමට හැකි වෙනු ඇති බවට සහතිකයක් දිය නොහැකි බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ.

    පෞද්ගලික බස් හිමියන් වෙනුවෙන් රජය කිසිදු සහනාධාරයක් ලබාදී නොමැති තත්වයක් තුළ ගැටලු ගණනාවක් මතු ව ඇති බවත් , මේ පිළිබඳ රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ද දැන් ඔහු කියයි.

    ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනයට යෙදවීමේදී අනුමත මඟීන් සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් ගෙන යෑමට සිදුව ඇති නිසා රජය සඳහන් කරන අනුමත මගීන් සංඛ්‍යාව ප‍්‍රායෝගික නොවන්නක් බවද ඔහු දන්වා ඇත.

    මෙම වසංගතය මර්දනය කිරීමේ දී සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ගෙන් පරිබාහිර අනෙකුත් අංශ කෙරෙහි රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව චෝදනා කළ ගැමුණු විජේරත්න මහතා ඒ හෙයින් ක්ෂේත‍්‍ර බොහෝමයක දැඩි ගැටලූ‍කාරී තත්ත්වයක් මතුව ඇතැයි ද පෙන්වා දෙයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    iye sirasa Tv ekata online awith monda chau chau kiyla kiwwa , ahuneth na hariyata :oo::dull:

    iwarak na wage :(
    තවත් කොරෝනා ආසාදිතයින් 9ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට - සෞඛ්‍ය අමාත්‍යංශය #Covid19
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    iye sirasa Tv ekata online awith monda chau chau kiyla kiwwa , ahuneth na hariyata :oo::dull:

    පවුද්ගලික බස්
    කොලබ - 30% - 50 % අතර
    කලුතර හා මිගමුව - 20% අතර
    බස් ධාවනය වේ. දිස්ත්‍රික්ක අතර බස් ධාවනය නොවේ.
    ඔක කිව්වේ. ඩිසල් 50ට ඉල්ලලා ආන්ඩුව කැමති වෙලා න.එක නිසා උන්ට පාඩු ලබන්න බැලු.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    :oo::dull: mun nam haddan ba :(
    පවුද්ගලික බස්
    කොලබ - 30% - 50 % අතර
    කලුතර හා මිගමුව - 20% අතර
    බස් ධාවනය වේ. දිස්ත්‍රික්ක අතර බස් ධාවනය නොවේ.
    ඔක කිව්වේ. ඩිසල් 50ට ඉල්ලලා ආන්ඩුව කැමති වෙලා න.එක නිසා උන්ට පාඩු ලබන්න බැලු.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EXkvtkRWAAA6nWi