කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප‍්‍රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප‍්‍රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්‍ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප‍්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා.
පසුව එම පුද්ගලයාද වැඩිදුර ප‍්‍රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්‍යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.
neth news
View attachment 78538
කඩිමුඩියේ ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට රට තුල කොරෝනා වෛරසයට ආසාධනය වූ එක් පුද්ගලයෙක් බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.
මේ වන විට ජනතාව අනියස බියක් ඇති කර ගෙන ඇති බවත් බොහෝ පිරිස් ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කිරීමට පෙළඹී ඇති බවට වන කරුණු වාර්තා වන බවත් එලෙස ජනතාව අනියස බියක් ඇති කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
රටේ ආහාර ක්‍රමවේදය සහ දේශගුණික තත්ත්වය අනුව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීමේ අවධානම අවම බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
-------------------------------------------------------------------------------
මේ බයිලෙම තමා මේ හැම එකාම ගැහුවෙ අර චීනෙ ගෑණු කෙනා හම්බ උනාමත්. උන් එකදිගට එකම දේ රිපීට් කරන්නෙ මොකද උන් දන්නෙ නෑ ලංකාව ඇතුලෙ වෙන්නෙ මොනාද කියලවත්. උන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ මේ දවස් වල තියෙන්නෙ කාටද බලේ...? කවුද රජා...? 3/2 ගන්නෙ කෝමද..? වගේ දේවල්.මුං මේ නිකං කරන්න ඕන නිසා ප්‍රකාශ නිකුත් කරනව. නැත්නම් කෝමද කියපංකො ලංකාවට ඉතලි වල ඉදල ආපු අය නිරෝධායනය නොකර නිකංම රට ඇතුලට ගියේ කියල.? අර කොරියන් වල ඉදලත් සෙට් එකක්ම ගෙවල් වල යැව්ව නේද කිසිම පරීක්ශාවක් නොකර.. උන් සෙට් එකෙනුත් කාටම හරි ඕක බෝවෙලා තිබ්බොත් මොකද කරන්නෙ? එතකොටත් මුංගෙ මේ බය වෙන්න එපා කියන ප්‍රකාශෙයම අපි අහල බලල සැනසෙන්න ඕනද? මුංට නම් අවුලක් නෑ බං, මොකද අඩු ගානෙ අර නාමයෝජනා දෙන වෙලාවෙදිවත් ජනාධිපති තුමා අතට අත දුන්නෙ නෑ යකෝ බයේ... උන් බය වෙලා අපිට කියනව බය වෙන්න එපාලු.. විහිලුනෙ සහෝ..






