Coronavirus disease (COVID-19) -official thread

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

    කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප‍්‍රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප‍්‍රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්‍ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප‍්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා.

    පසුව එම පුද්ගලයාද වැඩිදුර ප‍්‍රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

    මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්‍යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.
    neth news

    View attachment 78538
    කඩිමුඩියේ ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
    කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට රට තුල කොරෝනා වෛරසයට ආසාධනය වූ එක් පුද්ගලයෙක් බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.
    මේ වන විට ජනතාව අනියස බියක් ඇති කර ගෙන ඇති බවත් බොහෝ පිරිස් ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කිරීමට පෙළඹී ඇති බවට වන කරුණු වාර්තා වන බවත් එලෙස ජනතාව අනියස බියක් ඇති කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
    රටේ ආහාර ක්‍රමවේදය සහ දේශගුණික තත්ත්වය අනුව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීමේ අවධානම අවම බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

    -------------------------------------------------------------------------------

    මේ බයිලෙම තමා මේ හැම එකාම ගැහුවෙ අර චීනෙ ගෑණු කෙනා හම්බ උනාමත්. උන් එකදිගට එකම දේ රිපීට් කරන්නෙ මොකද උන් දන්නෙ නෑ ලංකාව ඇතුලෙ වෙන්නෙ මොනාද කියලවත්. උන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ මේ දවස් වල තියෙන්නෙ කාටද බලේ...? කවුද රජා...? 3/2 ගන්නෙ කෝමද..? වගේ දේවල්.මුං මේ නිකං කරන්න ඕන නිසා ප්‍රකාශ නිකුත් කරනව. නැත්නම් කෝමද කියපංකො ලංකාවට ඉතලි වල ඉදල ආපු අය නිරෝධායනය නොකර නිකංම රට ඇතුලට ගියේ කියල.? අර කොරියන් වල ඉදලත් සෙට් එකක්ම ගෙවල් වල යැව්ව නේද කිසිම පරීක්ශාවක් නොකර.. උන් සෙට් එකෙනුත් කාටම හරි ඕක බෝවෙලා තිබ්බොත් මොකද කරන්නෙ? එතකොටත් මුංගෙ මේ බය වෙන්න එපා කියන ප්‍රකාශෙයම අපි අහල බලල සැනසෙන්න ඕනද? මුංට නම් අවුලක් නෑ බං, මොකද අඩු ගානෙ අර නාමයෝජනා දෙන වෙලාවෙදිවත් ජනාධිපති තුමා අතට අත දුන්නෙ නෑ යකෝ බයේ... උන් බය වෙලා අපිට කියනව බය වෙන්න එපාලු.. විහිලුනෙ සහෝ..​
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,411
    6,633
    113
    Gedara
    -------------------------------------------------------------------------------

    මේ බයිලෙම තමා මේ හැම එකාම ගැහුවෙ අර චීනෙ ගෑණු කෙනා හම්බ උනාමත්. උන් එකදිගට එකම දේ රිපීට් කරන්නෙ මොකද උන් දන්නෙ නෑ ලංකාව ඇතුලෙ වෙන්නෙ මොනාද කියලවත්. උන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ මේ දවස් වල තියෙන්නෙ කාටද බලේ...? කවුද රජා...? 3/2 ගන්නෙ කෝමද..? වගේ දේවල්.මුං මේ නිකං කරන්න ඕන නිසා ප්‍රකාශ නිකුත් කරනව. නැත්නම් කෝමද කියපංකො ලංකාවට ඉතලි වල ඉදල ආපු අය නිරෝධායනය නොකර නිකංම රට ඇතුලට ගියේ කියල.? අර කොරියන් වල ඉදලත් සෙට් එකක්ම ගෙවල් වල යැව්ව නේද කිසිම පරීක්ශාවක් නොකර.. උන් සෙට් එකෙනුත් කාටම හරි ඕක බෝවෙලා තිබ්බොත් මොකද කරන්නෙ? එතකොටත් මුංගෙ මේ බය වෙන්න එපා කියන ප්‍රකාශෙයම අපි අහල බලල සැනසෙන්න ඕනද? මුංට නම් අවුලක් නෑ බං, මොකද අඩු ගානෙ අර නාමයෝජනා දෙන වෙලාවෙදිවත් ජනාධිපති තුමා අතට අත දුන්නෙ නෑ යකෝ බයේ... උන් බය වෙලා අපිට කියනව බය වෙන්න එපාලු.. විහිලුනෙ සහෝ..​

    මේ පොන්නයො ටික කෑවා කොරෝනා පටන් ගත්තෙ ජනවාරි වල. රජයෙ හුත්තිගෙ පුතාලට බැරි උනා මාස තුනක් කල් තිබිලත් හරි වැඩ පිලිවෙලක් හදාගන්න. මහ ලොකු කය්ය විතරයි
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කොරෝන ගැන දන්නා විස්තර එක ත්රෙඅඩ් එකක update කරමුද

    XsImPw3.png
    [/IMG]​
    https://systems.jhu.edu/research/public-health/ncov/


    live update එක මෙතනින් බලාගන්න පුළුවන්

    https://www.worldometers.info/coronavirus/

    Global health expert Alanna Shaikh talks about the current status of the 2019 nCov coronavirus






    who.int/emergencies/diseases/novel-coronavirus-2019


    twL1PSf.png


    zWbJEva.png


    mmiVnM3.png



    5Alx5be.jpg



    සහෝ.. උබ දීල තියෙන එක එක වෙබ්සයිට් වලින් දෙන්නෙ එකම කාල පරාසය තුල සෑහෙන වෙනස් කිසිම ගැලපීමක් නැති තොරතුරුනෙ.. දන්නව දන්නව ඒ එක එක ජාතියෙ වෙබ්සයිට් විතරයි කියල.. ඒත් මෙතන තියෙන අවුල සහෝ ඔය හැම එකකින්ම දෙන්නෙ එක එක ජාතියෙ නිවුස්නෙ බං... පට්ට අවුලනෙ ඒක.. හොදට බලපන්කො ගිහිල්ල ඔය වෙබ්සයිට් තුනටම..
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ.

    ඒ කිව්වෙ,

    අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම පිලිවෙතකට එකතුවෙලා, කෑමබීම ටිකක් වගේම මුදල් හදල් ටිකකුත් ලග තියාගෙන මලාට ගෙයින් එලියට බහින්නෙ නැතුව ගේ ඇතුලටම වෙලා සති දෙකක් ඉන්න එක.

    ඒකෙන්,

    අර එයාර්පෝර්ට් එකට දිපු දැඩි ආරක්ශාව මැද කිසි ගාණක් නැතුව රට ඇතුලට පැනපු කස්ටියගෙන් මොකා මොකා තව ආසාදනය වෙලාද කියල නොදන්න අපිට, වගේම අර ආසාධනය වෙලා මාට්ටු උන සෙට් එකේ අය එක්ක කන්ටැක්ට් උන කස්ටියටත් දැනගන්න පුලුවන් නේද තව කාට කාටද ආසාදනේ වෙලා තියෙන්නෙ කියල.

    තව කිව්වොත්.

    අපි ගෙවල් වලට වෙලා ඉන්න එකෙන් රෝගය පැතිරීයාම සීමා සහිත වෙනව. රෝගය බෝවුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වගේම අලුතෙන් අයට වැලැදීම නැති වෙලාම යනව. ලෙඩේ හදාගෙන ලංකාවට ආපු අය සහ එයාල එක්ක ගැවසීම නිසා ලෙඩේ බෝ වුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වෙනව.

    මේක කරන්න වෙන්නෙ මුලු ලංකාවෙම අයට සති දෙකක් වගේ කාලයක් විතරනෙ. හැමෝම අර අවුරුදු චාරිතතරේ වගේ මේකත් කරොත් එකෙන්ම අපි සති දෙකෙන් ගොඩ නේද..?


    මේකෙ අවාසි

    ටික කාලෙකට රටේ ආර්තිකය තරමක් දුරට පසුබානව.
    දේශපාලන පක්ශ වලට වැලේ වැල් නැතිවෙලා යනව. ( ඒක නම් එකෙන්ම හොදා නේ...):rofl:
    තව උබලට හිතෙන දේවලුත් කොටාගෙන පලයන්..


    මේ ස්වයං නිරෝධායනය මට ආපු පිස්සු අදහසක් සහෝ... උබල කැමතිනම්, මේකට තව කරුණු එකතු කරපන්. අකමැතිනම් බනින්න කලින් ඒකට උබලට හිතෙන සාධාරන හේතුත් කොටාගෙනම පලයන් බොක්ක..

     
    • Like
    Reactions: awjas2621

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,806
    13,838
    113
    සහෝ.. උබ දීල තියෙන එක එක වෙබ්සයිට් වලින් දෙන්නෙ එකම කාල පරාසය තුල සෑහෙන වෙනස් කිසිම ගැලපීමක් නැති තොරතුරුනෙ.. දන්නව දන්නව ඒ එක එක ජාතියෙ වෙබ්සයිට් විතරයි කියල.. ඒත් මෙතන තියෙන අවුල සහෝ ඔය හැම එකකින්ම දෙන්නෙ එක එක ජාතියෙ නිවුස්නෙ බං... පට්ට අවුලනෙ ඒක.. හොදට බලපන්කො ගිහිල්ල ඔය වෙබ්සයිට් තුනටම..

    eka aththa bn,ubata hoda ekak set unoth update karapan
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,806
    13,838
    113
    View attachment 78538
    කඩිමුඩියේ ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
    කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට රට තුල කොරෝනා වෛරසයට ආසාධනය වූ එක් පුද්ගලයෙක් බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.
    මේ වන විට ජනතාව අනියස බියක් ඇති කර ගෙන ඇති බවත් බොහෝ පිරිස් ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කිරීමට පෙළඹී ඇති බවට වන කරුණු වාර්තා වන බවත් එලෙස ජනතාව අනියස බියක් ඇති කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
    රටේ ආහාර ක්‍රමවේදය සහ දේශගුණික තත්ත්වය අනුව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීමේ අවධානම අවම බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
    :nerd:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,900
    113
    Kottawa
    "කොරෝන වලින් පරිස්සම් වෙන්න කියල මාස්ක් එහෙම දාගෙන ඉදපල්ල කියල කොච්චරවත් ඉස්සර ඉදලම කියද්දි

    "එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු බය කරන්න එපා. ලංකාවට කොරෝන එන්නෙ නෑ.. මැශින් ගහල තියෙන්නෙ එයාර්පෝර්ට් එකේ. උබල ජෙප්පො. දේශපාලන වාසි ගන්න එපා. ජෙප්පො ඔහොම්මම තමා"
    වගේ කතා කියපු එවුන් දැන් කෝ බං.


    මම නම් ජෙප්පෙක් නෙවෙයි. ඒත් ඇත්ත ඇති සැටියෙන් මරිසිය නොදා රට වෙනුවෙන් කතාකරන හැම එකාටම ජෙප්පො ජෙප්පො කියල කියනකොට හිතෙන්නෙම යකෝ ජෙප්පො සිරාම පොරවල්නෙ කියල බං.

    ඔන්න බලපල්ල අනිව ලංකාව ඇතුලෙ පට්ට විදියට කොරෝනා බෝවෙනව. මිනිස්සු දැනටම බය වෙලා ඉන්නෙ සිරාවටම. තාමත් මේ ලංකාව ඇතුලට විදේශිකයො එනව. සංචාරකයො එනව. ඒකෙන් රටට ආදයමක් ලැබෙනව තමා.. ඒත් මේ වෙලාවෙ ඒක බලාගෙන හිටියොත් වෙන්නෙ රටම අගාදෙට යන එක.
    අර පාලිමන්ට් එකේ ඉන්න එවුන් පණ දාගෙන ඉස්සර කිව්ව නේද කොරෝන වලට බය වෙන්න එපා කොරෝන වලට ලංකාවට එන්න දෙන්නෙ නෑ. මිනිස්සුන්ව බය කරන්න එපා හොද ආරක්ශාවක් වගේම වැඩ පිලිවෙලක් යොදල තියෙන්නෙ කියල. කෝ දැන් ඒ දීපු ආරක්ශාව? ඒකෙ හිලක් නිසා නේද අර ඉතලි සෙට් එක කිසිම අවුලක් නැතුව කොරෝනා වයිරස් එකත් අරගෙන ලංකාව ඇතුලටම ආවෙ? එහෙම තියෙද්දිත් තාම මේ ලොක්කො ටික කියන්නෙ " බය නොවී ඉන්න උපරිම ආරක්ශාව දිල තියෙන්නෙ" කියල. එහෙම එයාල කියන්නෙ එයාලට එහෙම කියන්න වෙන නිසා. ඒත් මම නම් කියන්නෙ "තමා හිසට තම අතමය සෙවනැල්ල" වගේ, අපි අපිම පරිස්සම් වෙන්න ඕන සහෝ. මම කොරෝනා වලින් ලෝකෙ පුරාම මැරෙන අය සහ බෝවෙන වේගය, ආකාරය වගේ දේවල් ගැන බුකියෙ පෝස්ට් දානකොට මට දාගෙන බැන්න "උබ ජෙප්පෙක්, ජෙප්පො දන්නෙ රට අවුල් කරන්න විතරයි. හොද ආරක්ශාවක් දීල තියෙන්නෙ" එහෙම කියල. කෝ බං ඒ ආරක්ශාව දැන්?
    උන් කරේ උන්ගෙ පක්ශ හදාගන්න පණ දාගෙන මිනිස්සුන්ව රවට්ටපු එක විතරනෙ. උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තාමත් කවුද පක්ශෙ නායකය? කෝමද 3/2 බලේ ගන්නෙ? කාටද නොමිනේශන් දෙන්නෙ? ඔන්න ඔය වගේ දේවල් නෙ. අර චීනෙ ගෑණු කෙනාට කොරෝන හැදිල කියල ලංකාවෙ මිනිස්සු බය උනාම අරුන් ටික මොනා මොනාද නොකිව්වෙ? එයාර්පෝර්ට් එකෙන් මෙහාට කොරෝන එන්නෙ නෑමයි කිව්ව නේද? දැන් කෝමද එහෙනම් මේ ඇවිල්ල තියෙන්නෙ? උබල හිතනවද ඕක ඔතනින් නවතියි කියල? ලොවෙත් නෑ බං. අනිව තව සෑහෙන පිරිසකට ඕක බෝ වෙනව. මොකද, කවුද බං දන්නෙ අර ඉතලි කාරයො ටික කොයි තරම් නම් පිරිසක් එක්ක ගැටුනද කියල. හොටෙල් කීයක් නම් කියලද? ඒවයෙ වැඩ කරන එවුන් කීදෙනෙක් නම්ද...? උබල හිතනවද මේ ඉන්න එකෙක්වත් ඕව හරියට ෆලෝ කරල එකා ගානෙ හොයයි කියල? ලොවෙත් නෑ.
    අර නිරෝධායන කරන සෙට් එක එකම හෝල් එකක ගාල් කරල තියෙන එක හොදයි කියලද උබල කියන්නෙ? හිතෙන්නෙ නැද්ද යකෝ ඔතනින් එකෙකුට හරි හැදුනොත් ලොවෙත් ඉන්න හැම එකාටම ඒක බෝවෙනව කියල. එතන ඉන්න එකෙක් දෙන්නෙක් සැප ඉල්ලුවට හැම එකාම සැප ඉල්ලන්නෙ නෑනෙ. එකෙක් දෙන්නෙක් රට මී හරක් උනාට හැමෝම එහෙම නෑනෙ. ඇයි තාමත් බැරි වෙනත් රටවලින් කරා වගේ ලංකාවෙත් මේක හැදෙන එක දැන්මමම වලක්වන්න එයාර්පෝර්ට් එකෙන් සංචාරකයො එන එක නවත්වන්න? ඒක ලොකු සීං එකක් තමා.. ඒත් මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ නේද..? තව කීදෙනෙක් නම් එයිද..? ඇවිල්ල කොච්චර නම් තැන් වල යාවිද..? ඔව්ව ගැන කලින්ම කියනකොට බුකියෙ ඉන්න එවුන් අපිට බැන්න බං උඩ දාගෙන අම්ම අප්ප පවා මතක් කර කර. එහෙම කරපු හැම එකාම මොකක්ම හරි පක්ශෙකට උඩ දාගෙන කඩේ ගියපු වහල් හැතිකරයක්.
    දැන් කරන්න ඕන පලවෙනිම දේ අර මිනිස්සු එක්ක සෙට් උන හැම එකාවම අල්ලල දාන එක නේද නිරෝධායනේට. ලංකාවම පීරල හරි හොයන්න ඕන නේද ඒ හැම එකෙක්වම. විස්තර ගන්න පුලුවන් හැම ක්‍රමේකින්ම උන් ගැන විස්තර එකින් එක පුලුවන් තරම් වේගෙන් ගන්න ඕන නේද? නැත්නම් වෙන්නෙ ලංකාවක් නැත්තටම නැති වෙලා යන එක.

    අපිත් අපිට පුලුවන් විදියට පරිස්සම් වෙන්න ඕන. හොර කඩ මුදලාලිට ශොට් එක දෙන්න ඕන. බඩු මිල උඩ දාන, මාස්ක් මිල උස්සන එවුන්ට පන්න පන්න ගහන්න ඕන. එවෙලෙම ගේම ඉල්ලන්න ඕන. මේකෙන් කිසිම එකෙකුට වාසි ගන්න දෙන්න හොද නෑ.
    මම ආයෙත් කියන්නෙ මේ කොරෝනා ලංකාවට ආපු එකට අනිව පාලකයො වග කියන්න ඕන. මොකද උන් කරේ කොරෝන වලට බය වෙන්න එපා කිය කිය ජනතාව රවට්ටල දේශපාලන වාසි ගත්ත එක.
    මගේ අදහස් වලට එකග නැති එවුන් ඉන්නවනම් බැනපන් ඒත් මේ මගේ දේශපාලනික නොවූ පුද්ගලික මතය.

    ලංකාව කවද හරි වලපල්ලට ගියපු රටවල් වලින් එකක් බවට පත් වෙන්නෙ
    දේශපාලකයො නිසා නෙවෙයි සහෝ
    උන්ට කඩේ යන හැත්ත නිසා

    :yes:;)
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,806
    13,838
    113

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,663
    113

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.

    මේකට චීනෙ නැත්තෙ වීරවංශ වාමාංශික නිසාද?:rolleyes:
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ.

    ඒ කිව්වෙ,

    අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම පිලිවෙතකට එකතුවෙලා, කෑමබීම ටිකක් වගේම මුදල් හදල් ටිකකුත් ලග තියාගෙන මලාට ගෙයින් එලියට බහින්නෙ නැතුව ගේ ඇතුලටම වෙලා සති දෙකක් ඉන්න එක.

    ඒකෙන්,

    අර එයාර්පෝර්ට් එකට දිපු දැඩි ආරක්ශාව මැද කිසි ගාණක් නැතුව රට ඇතුලට පැනපු කස්ටියගෙන් මොකා මොකා තව ආසාදනය වෙලාද කියල නොදන්න අපිට, වගේම අර ආසාධනය වෙලා මාට්ටු උන සෙට් එකේ අය එක්ක කන්ටැක්ට් උන කස්ටියටත් දැනගන්න පුලුවන් නේද තව කාට කාටද ආසාදනේ වෙලා තියෙන්නෙ කියල.

    තව කිව්වොත්.

    අපි ගෙවල් වලට වෙලා ඉන්න එකෙන් රෝගය පැතිරීයාම සීමා සහිත වෙනව. රෝගය බෝවුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වගේම අලුතෙන් අයට වැලැදීම නැති වෙලාම යනව. ලෙඩේ හදාගෙන ලංකාවට ආපු අය සහ එයාල එක්ක ගැවසීම නිසා ලෙඩේ බෝ වුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වෙනව.

    මේක කරන්න වෙන්නෙ මුලු ලංකාවෙම අයට සති දෙකක් වගේ කාලයක් විතරනෙ. හැමෝම අර අවුරුදු චාරිතතරේ වගේ මේකත් කරොත් එකෙන්ම අපි සති දෙකෙන් ගොඩ නේද..?


    මේකෙ අවාසි

    ටික කාලෙකට රටේ ආර්තිකය තරමක් දුරට පසුබානව.
    දේශපාලන පක්ශ වලට වැලේ වැල් නැතිවෙලා යනව. ( ඒක නම් එකෙන්ම හොදා නේ...):rofl:
    තව උබලට හිතෙන දේවලුත් කොටාගෙන පලයන්..


    මේ ස්වයං නිරෝධායනය මට ආපු පිස්සු අදහසක් සහෝ... උබල කැමතිනම්, මේකට තව කරුණු එකතු කරපන්. අකමැතිනම් බනින්න කලින් ඒකට උබලට හිතෙන සාධාරන හේතුත් කොටාගෙනම පලයන් බොක්ක..



    සිරාවටම නියම අදහස් ටිකක් සහෝ අපිට ප්‍රායෝගිකව කරන්න පුඵවන් දේවල් ටිකක් ඔබ විසින් කියලා තියනවා.....

    මම වෙන ත්‍රෙඩ් එකක (http://www.elakiri.com/forum/showthread.php?t=1931041) අදහස් දැක්වීම් කීපයක් කලා.. මම හිතන්නේ කට්ටියට මේ අදහස් ටිකත් වැදගත් වෙයි. පහල තියෙන්නේ ඒ අදහස් ටික.

    01----
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    02--
    මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා.

    අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්.

    කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි.

    අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍ර‍තිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්.

    යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍ර‍තිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍ර‍තිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්.

    අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා.

    අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා.....

    03---
    මේ වෛරසය අධික ව්‍යාප්තියකින් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි ස්පර්ශය, ශ්ලේෂ්මල කොටස් ගෑවීම, සතුන් මගින් වැනි කාරණා වගේම විශේෂයෙන්ම වාතය හරහා මෙම වෛරසය පැතිරීම සිදු වීම වෛරසයේ වේගවත් ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙලා තියනවා. ඒක තමයි දවසකට රෝගීන් අච්චරක් වාර්ථා උනා මෙච්චරක් වාර්ථා උනා කියලා ලෝකේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ.

    අනික සංචාරක පක්ෂීන්ගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නෑ කියලා ඔබ හරියටම කියන්නේ කොහොමද? මමත් මේ සම්බන්ධව විදයාඥයෙක් හෝ පයිතගරස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව කියවලා තොරතුරු හොයා බලලා මට තියන පොඩි දැනුමට අනුව නම් මේ රෝගය සංචාරක පක්ෂීන් මගිනුත් බෝ වෙන්න ඉහල හැකියාව පවතිනවා.

    ඒ කරුණ මම උදාහරණයකට ගත්තේ අපි වරායවල් හෝ ගුවන් තොටුපළ සීල් කලා කියලා 100% කින් අපේ රටට රෝගය ව්‍යාප්තවීමේ අවදානම වලක්වන්න බෑ කියන එක තේරුම් කරවන්න. ඔබ ඒක වැරදියට තේරුම් අරන් මට හිනා වෙලා විහිලුවකට ගත්තට මට කරන්න දෙයක් නෑ. මොකද දැන් ඇති වෙලා තියන අවදානම් තත්ත්වය ඇත්තටම විහිලුවක් නොවන නිසා.

    ඒත් අපි පුරවැසියන් විදියට තියන වගකීම අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නේ නැතිව පවතින අවධානම අවතක්සේරු නොකර රජයෙන් ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට මිල අධික අරක නෑ මේක නෑ අර පහසුකම නෑ අපිට AC නෑ කියලා හරියන්නේ නෑ. ප්‍රයෝජනයට ගන්න පුඵවන් මොනවද ‍වැලි ඇටේ හරි ප්‍රයෝජනයට අරන් මේකෙන් ආරක්ෂාවීමට ක්‍රියා කරන්න ඕනේ.

    එලෙස ප්‍රයෝජනයට ගන්න පුඵවන් අපේ මුතුන්මිත්තන් යොදා ගත්ත සරල මිලෙන් අඩු ආරක්ෂක පියවර දෙකක් ගැන පෙර අදහස් දැක්වීමේදී මම සදහන් කලා. ඔය වගේ රෝග ව්‍යාප්ති අවධානම නැති කරන දහසක් විතර පුර්ව උපක්‍ර‍ම අපේ මුතුන්මිත්තන් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් භාවිතයට ගමු. විශේෂයෙන්ම විෂබීජ නාශකයක් වගේ දෙයක් නැත්නම් ගෙදරදීම කහ දියර වගේ විෂබීජ නාශකයක් අපට හදා ගන්න පුඵවන්. ගෙදර කොහොඹ ගහක් තියනවා නම් උදේ හවස කොහොඹ කොළ දුම් අල්ලලා වාතයේ පවතින වෛරස් විනාශ කරන උපක්‍ර‍ම භාවිතයට ගන්න පුඵවන්.

    අනික දැනට අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය රෝග ව්‍යාප්තිය අඩු වෙන්න ආශිර්වාදයක් වෙලා තියනවා. මොකද කිව්වොත් අධික උෂ්නත්වය තුල මෙම වෛරසය විනාශ වන නිසා. ඒක තමයි ආරක්ෂක පියවරක් විදියට උණු වතුර පානය කරන්න කියන්නේ.

    ඒක නිසා මන් කියපු එක කරුණක් අල්ලන් ඒකට හිනා වෙන්න එපා. ඔබත් පුරවැසියෙක් විදියට ඔබට පැවරිලා තියන වගකීම තේරුම්ගෙන ඔබගේ දැන්වත්වීමට අනුව මේකෙන් ගොඩ යන්න පුඵවන් උපක්‍ර‍මයක් තියනවානම් ඒ පිළිබදව අනික් අය දැනුවත් කරන්න. මිනිස්සු අනවශ්‍ය විදියට බියට පත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය තවත් වැඩි වෙන එක. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්න එපා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් නිකන් ඉන්න.. මට ඒකේ කිසිම ගැටඵවක් නෑ...

    04--
    බොහෝම ස්තුතියි යාලුවා....

    නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍ර‍ණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා.

    මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ.

    මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍ර‍භල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න...

    අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍ර‍භල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා..

    අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍ර‍තිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍ර‍ශ්ණ ඇති වෙන එක.

    අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්‍ර‍ රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා.

    ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ...

    බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය!


     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,806
    13,838
    113


    හෙට සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.