coronaVirus eka hangana පාහරයෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය: සෞඛ්‍ය කාර්ය මණ්ඩල අසනීප වුවහොත් ප්‍රතිකාර ලබන්නේ කාගෙන් ද?



    සුළු පිරිසක් සත්‍ය තොරතුරු වසන් කරමින් සිය සමාජ වගකීම පැහැර හැරීම, COVID -19 රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම පාලනය කිරීමට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා ආරක්ෂක අංශ වෙත කොරෝනා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් තොරතුරු වසන් කළ සිද්ධි කිහිපයක් ම පසුගිය දිනවල වාර්තා විය.

    _111628413_72e03765-32f2-49cc-80fe-d46379b1d8df.jpg

    එහි ප්‍රතිඵලය වූයේ රෝහල් කිහිපයක වාට්ටු හා දැඩි සත්කාර ඒකක වසා දැමීමට සිදුවීම හා වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයන්, සාමාන්‍ය වාට්ටුවල රෝගීන් හා එම රෝගීන් බැලීමට පැමිණි විශාල පිරිසකට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට නිරෝධායනයට ලක්වන්නට සිදු වීමය.

    එලෙස විෂබීජහරණයට රෝහල්වල වාට්ටු වසා තැබීම හා රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්වීම නිසා රටේ බහුතරයක් වූ නීතිගරුක පුරවැසියන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමිවන බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා බී.බී.සී සිංහල සේවයට කියා සිටියාය.

    ''ඔබ දන්නව ද? මේ දැනුත් ලෙඩෙක් ආවා. එයා හරි විස්තර කිවුවේ නෑ හැංගුවා. මේ විදියට අපි දිගින් දිගට ම නිරෝධායනය වෙන්න ගියොත් වෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු වෙලා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන එක. ඒක රටට හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ තත්ත්වය වළක්වන්න හැකියාව තියෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරයි. ඔබ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා නම් මේ තත්ත්වය මෙච්චර දුරදිග යන්නේ නෑ,'' යනුවෙන් ඇය සදහන් කළාය.

    මේ අතර කොළඹ ජාතික රෝහලේ සේවය කරන, සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ හෙදියක් මෙලෙස ප්‍රකාශ කළාය.

    ''කොරෝනා ආසාදිතයන් හා සැකසහිත රෝගීන් ළඟට යනකොට අපි ඇඳගන යන ඇඳුම් එක්ක වැඩි වෙලාවක් ඉන්න එක ලේසිපහසු වැඩක් නෙමෙයි. අපි මේ ඇඳුම් ඇන්දහම හුස්ම ගන්න බෑ. වතුර වගේ දහදිය වැක්කෙරෙනවා. ලෙඩ්ඩු ළඟට යනකොට අපිටත් මරණ බය දැනෙනවා. පවුලේ අයගෙනුත් ඈත් වෙලා අපි මේ රස්සාව කරන්නේ. ඒ කැපකිරීම ඇතැම් අයට තේරෙන්නේ නෑ කියල දැනෙනකොට අපිටත් හරි දුකයි''

    කොරෝනා බවට සැක සහිත රෝගීන්ගෙන් වෛද්‍යවරුන් අසන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ තමන් හෝ ඇසුරු කළ අයෙකු විදෙස්ගත වී සිට පැමිණියේ ද? යන්නයි. එමෙන් ම කොරෝනා බවට තමන්ට සැකයක් ඇත්නම් ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් වෙත නොගොස් COVID -19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා ම වෙන්කළ ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළු වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලදී.

    එහෙත් වෛද්‍යවරුන්ට තොරතුරු සැඟවූ පුද්ගලයෙකු නිසා රාගම රෝහලේ වාට්ටුවක් වසා දමා වෛද්‍යවරුන් ඇතුළු ඔහුට ප්‍රතිකාර කළ කාර්ය මණ්ඩලයට, දින 14ක් නිරෝධායනයට ලක්වන්නට සිදුවීම මේ හා බැඳුණු පළමු ප්‍රධාන සිදුවීම ලෙස වාර්තා විය.

    එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාට මෙන් ම ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත දැනටමත් නඩු පවරා ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

    රාගම රෝහලෙන් වාර්තා වූ තොරතුරු වසන් කිරීම වැනි සිද්ධීන් කොළඹ ජාතික රෝහල, ජයවර්ධනපුර, කළුබෝවිල, මීගමුව යන රජයේ රෝහල්වලින් මෙන් ම ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් දෙකකින් මේ වන විට වාර්තා වී තිබේ.

    ''තොරතුරු සැඟවීමේ දිගුකාලීන පාඩුව පුරවැසියන්ට''

    ''රෝගී සත්කාර සේවයෙන් ප්‍රතිලාභය ලැබෙන්නේ රෝහලට නෙමෙයි. සමාජයට. පුරවැසියන්ට. පුරවැසියෝ තොරතුරු වසන් කිරීම තුළ කෙටි කාලීන ප්‍රශ්නයක් ඇති වෙනවා රෝහලට. නමුත් දීර්ඝ කාලීන ප්‍රශ්නය ඇති වෙන්නේ පුරවැසියන්ට කියන එක සමාජය තේරුම් ගත යුතුයි'' යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ බී.බී.සී සිංහල සේවයට කියා සිටියේය.

    මුදල් ගෙවා, කාමර වෙන් කරවාගෙන ප්‍රතිකාර ලැබිය හැකි නිසා ඇතැම් පුද්ගලයන් තොරතුරු වසන් කරමින්, වංචනිකව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වීමට ගන්නා උත්සාහයන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුව ද රෝගීන් වෙන් කර හඳුනා ගැනීමට යොදා ඇති යාන්ත්‍රණය නිසා එම අවස්ථා අවහිර කර ඇති බව ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    එලෙස එම රෝහලට ඇතුළු වීමට පැමිණි පුද්ගලයෙකු තමන් අපේක්ෂා කළ පරිදි වෙන ම කාමරයක ප්‍රතිකාර ලැබීමට නොහැකි වීම නිසා ඇතුළත් වී පැය හතරකට පමණ පසු රෝහලෙන් පිටවගොස් තිබූ අතර පසුව ඔහුට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහල විෂබීජහරණය කරන්නට සිදු විය.

    රටේ පවතින තත්ත්වය හමුවේ වගකීම් විරහිතව ක්‍රියා කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනතුරේ හෙළීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකු අදහස් පළකර තිබේ.



    _111628407_cb031544-0a0a-40f8-a2f0-8809703279b6.jpg


    _111628409_6972d342-5f78-449b-99be-d17b0d520678.jpg


    _111628411_0874375e-8153-476d-8d83-71ee8e8bf213.jpg


    _111628411_0874375e-8153-476d-8d83-71ee8e8bf213.jpg


    පවුලේ සාමාජිකයන් මෙන්ම ගම්මාන ලෙඩ කිරීම

    COVID -19 රෝගය වැළදුණු පුද්ගලයන් තොරතුරු වසන් කිරීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද මේ රෝගයට බිලි වෙමින් පවතින අතර ඇතැම් ගම්මාන පවා වසා දැමීමට සිදුව තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම ප්‍රදේශයේ අටළුගම ගම්මානය සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන මේ වන විට සම්පුර්ණයෙන් ම වසා දමා ඇත. එමෙන් ම බේරුවල හා පුත්තලමේ ගම්මාන කිහිපයක සංචරණය සීමා කර ඇත. කොළඹ මරදාන ප්‍රදේශයේ ද විශාල පිරිසක් සිය නිවාස තුළ ම නිරෝධායනය කර තිබේ.

    COVID -19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් එම තත්ත්වය සඟවා සිය ඥාතීන් විශාල පිරිසක් ඇසුරු කිරීම හෝ ස්ථාන බොහොමයක සැරිසැරීම මෙලෙස ගම්මාන වසා දැමීමට හේතු වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    ''අප්‍රියල් 01 වැනිදා මරදානේ මියගිය පුද්ගලයාගේ බෑණා, මුණුපුරා රෝගීන් ලෙස හඳුනාගත්තා. ඒ වගේ ම සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන, කලින් හඳුනාගත් පුද්ගලයෙකුගේ පුතා [නැදිමාල ප්‍රදේශයේ] Covid-19 රෝගියෙකු බව හඳුනාගෙන තියෙනවා. ඔහුගේ සීයත් කලින් හඳුනාගනු ලැබුවා. ඔහුගේ පියා කලින් රෝගියෙකු ලෙස හඳුනාගත්තත් ප්‍රංශ සංචාරකයන් ආශ්‍රය කළ බව අපිට කියල තිබුණේ නෑ.'' යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිකුරාදා පෙරවරුවේදී ප්‍රකාශ කළේය.

    බේරුවල පන්නිල ප්‍රදේශයෙන් සොයාගත් එක් රෝගියෙකු, මාර්තු 14 දින විදේශගතව සිට පැමිණි පිරිසක් ප්‍රවාහනය කළ බවට කරුණු සඟවා ඇති අතර ඇඳිරි නීතිය කාලයේදී ඔහු අධාර බෙදීමට ගොස් ඇති බව ද අනාවරණය වී ඇත. එම පුද්ගලයාගේ බිරිඳ, දරුවා, මාමණ්ඩිය හා නැන්දම්මා ද COVID-19 රෝගය වැළඳුණු බවට සොයා ගෙන තිබේ.

    ඇතැම් පුද්ගලයන් තොරතුරු සැඟවීම නිසා ඔවුන් පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට ද රජයට සිදුව ඇත.



    බී.බී.සී.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    සිරා මහ පො*න වැඩක්නෙ ඕක හංගන ඵක..උන් හිතනවද දන්නෙ නෑ ලෙඩේ හැංඟුවහම හොඳ වෙනව කියල.මහ පල් මෝඩයෝ.:growl: