COVID මාරයාට සමුදෙන කාලය අතළඟද…

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    AEE4ufn.jpg

    Jjqrpja.jpg


    COLOMBO (News 1st) : වසරකට ආසන්න කාලයක් තිස්සේ මුළු ලෝකයම සිය අණසකට ගෙන වටිනා මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින නව කොරෝනා වෛරසය එරෙහි එන්නතක් පිළිබඳ බලාපොරොත්තුව මේ වන විට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ.

    ඒ, ලොව ප්‍රමුඛ සමාගම් කිහිපයක් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් 90% සාර්ථකත්වය ඉක්මවා යාම පිළිබඳ අසන්නට ලැබීමත් සමගයි.

    ලෝකයම කතා කරන කොවිඩ් එන්නත් පිිළිබඳ නවතම තත්ත්වය , දෙසැම්බර් 11 වන දා වනවිට පළමු අමෙරිකානුවන් පිරිසට කොවිඩ් එන්නත ලබා දීමට හැකි වනු ඇති බවට වන පුවතයි.

    විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, අමෙරිකාවේ Pfizer සහ එහි හවුල්කාර BioNTech සමාගම් සිය එන්නත වෙනුවෙන් එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ලබා ගැනීම සඳහා පසුගිය සිකුරාදා අයදුම්පතක් යොමු කර ඇති බවයි.

    අමෙරිකානු ආහාර සහ ඖෂධ ආයතනයේ එන්නත් උපදේශක කමිටුව දෙසැම්බර් 10 වනදා රැස්වී එන්නත අනුමත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය.

    එක්සත් ජනපද කොරෝනා වෛරස් වැඩසටහනේ ප්‍රධානි වෛද්‍ය මොන්සෙෆ් ස්ලූයි පවසන්නේ, එන්නතත් අනුමත කිරීමෙන් පැය 24 ක් ඇතුළත ප්‍රතිශක්තිකරණ ස්ථාන වෙත එන්නත් යැවීමට සැලසුම් කර ති බවයි.

    ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු දෙවන දිනයේදීම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව වෛද්‍ය ස්ලාවුයි වැඩිදුරටත් පවසා ඇත.

    වෛද්‍ය ස්ලාවුයි වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාව යළි සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වීමට නම්, ප්‍රතිශක්තිකණය ලබා ගෙන තිබිය යුතු බවත් පෙන්නුම් කරන කාර්යක්ෂමතාව මත මැයි මාසය වනවිට ජනගහනයෙන් 70%කට එන්නත ලබා ගත හැකිවනු ඇති බව ත් ය.

    මේ අතර 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති එන්නතෙන් වසර අවසන් වන විට එන්නත් මාත්‍රා මිලියන 50ක් නිෂ්පාදනය කිරීම Pfizer සමාගමේ අපේක්ෂාවයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ, එන්නත පළමුව ලබා දෙන්නේ, කුමන පාර්ශවවලට ද යන්න ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කර ගත යුතුව ඇති බවත් එන්නත් ලබා දීමේදී සෞඛ්‍ය සේවකයින් වැනි අවදානම් පාර්ශව සහ වයස්ගත ප්‍රජාවට ප්‍රමුඛත්වයක් දීම වැදගත් වන බවත් ය.

    කෙසේ වෙතත් අදාළ සමාගම් එන්නත්වල සම්පූර්ණ සායනික පරීක්ෂණ තොරතුරු මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත.

    මේ අතර 95%කට ආසන්න සාර්ථකත්වයක් පෙන්වා ඇති Moderna සමාගමේ එන්නත සඳහා ද අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත ඉදිරි සති කිහිපය ඇතුළත යෙමු කිරීමට කටයුතු කරන බව එම සමාගම පවසයි.

    කොරෝනා වෛරසය නිසා ලොව වැඩිම බලපෑමට ලක්වූ අමෙරිකා එක්සත් ජනපද රෝග මර්නය හා වැළැක්වීමේ ආයතනය අතුරු අඟවා සිටින්නේ, වනවිට අමෙරිකාව පුරා තවත් වේගයෙන් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

    මේ වනවිට අමෙරිකාවෙනන් මිලියන 12 ඉක්මවූ ආසාදිතයින් සාඛ්‍යාවක් වාර්තාවී ඇති අතර අහිමි වූ ජීවිත සංඛ්‍යාව 262,000කට අධික ය.

    කිසිදු පිළිසරණක් නොමැති වූ තැන සෑම රටකටම විවිධ වූ නීති රීති දමමින් ඇසට නොපෙනෙන වෛරස් මාරයාගෙන් ජීවිත බේරා ගැනීම සඳහා දැඩි ප්‍රයන්තයක් දැරීමට සිදුව තිබේ.

    අවසානයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ජීවිත රැක ගැනීමේ එකම මාර්ගය බවට පත්වුවත් එකී සෞඛ්‍ය ක්‍රමවේදවල සිදුරුවලින් පවා රිංගා ගොස් හෝ ජීවිත බිලි ගන්නා තරමට කෝවිඩ් මාරයා අද දරුණු වී හමාර ය.

    මුළු ලෝකයේම එකම බලාපොරොත්තුව ලොව කොතැනකින් හෝ කොවිඩ් මාරයා පරදවන එන්නතක් පිළිබඳ බලාපොරොත්තුවයි.

    පර්යේෂකයින් දැඩි පරිශ්‍රමයක් දරමින් මාස ගණනක් තිස්සේ සිදු කළ පර්යේෂණවල සුබවාදී ප්‍රථිපල මේ වනවිට අසනන්ට ලැබෙන අතර නුදුරේදීම එය යථාර්ථයක් වේවා යන්න මුළු ලෝකයේම ප්‍රාර්ථනාවයි.🙏
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නලලෙන් දාඩිය දැම්මේ නැත්නම් මොන වැක්සින් එක ගැහුවත් වැඩක් නෑ (හොර වෙදා 2020)
    ඔයා මේ පිස්සු කියවනව... හක්කෙ තියල සෙම අරින්ඩ ඕන.. නැත්තං බෑ..
     
    • Like
    Reactions: dxx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    රෙස්පෙක්ට් සර් 🤣🤣🤣🤣. ඒක එන්නත් තව කල් තියනවා නේද. News 1st එකේ තිබ්බේ 90% කියලා මේකේ 95%ලු මොකක් හරි කමක් නෑ. ගොඩයනවානම්.
     
    • Like
    Reactions: dxx

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔයා මේ පිස්සු කියවනව... හක්කෙ තියල සෙම අරින්ඩ ඕන.. නැත්තං බෑ..

    එහෙනම් මේක කොහොමත් හරියන්නේ නෑ අර දත් දොස්තරලා හක්කට ගහනවා වගේ ගහන්න වැක්සින් එකක් හොයාගන්න වෙනවා අතට ගහලා තේරුමක් නැතිවෙනවා 😥
     
    • Wow
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රෙස්පෙක්ට් සර් 🤣🤣🤣🤣. ඒක එන්නත් තව කල් තියනවා නේද. News 1st එකේ තිබ්බේ 90% කියලා මේකේ 95%ලු මොකක් හරි කමක් නෑ. ගොඩයනවානම්.

    Vaccine 2ක් නේ.Moderna ඵක තමා 95%ක් කියන්නෙ..Pfizer ඵක 90%යි
     
    • Like
    Reactions: kasun090354t

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    එන්නත එලියට
    බැසිලා ගේ travel තහනම ඉවතට

    පුරවැසි කම වුනත් වටින වේලාවක් එනවා....... 😂😂😂😂😅