COVID 19 - නිහඬ වාහකයින්
අද වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ වැඩිවීම ලංකාවේ සමාජය තුල කිසියම් තැති ගැන්මක් ඇති කර ඇත.
මෙම තැතිගැන්ම ඇත්තෙන්ම මීට විශාල කාලයකට පෙර ඇතිවිය යුතුව තිබූ තත්වයකි.

Silent carriers හෙවත් නිහඬ වාහකයින් පිළිබඳ අවධානය යොමු කිරීම සහ ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම ගැන ඉහල සෞඛ්‍ය බලධරයන් අවදාරණයට ලක් කල යුතුය.
මේ නිහඬ වාහකයින් කවුරුන්ද???
බොහෝ වෛරස මෙන්ම මේ කොවිඩ් 19 වෛරසයද අසාදනයට ලක්වූ සියල්ලන් රෝගීන් බවට පත් නොකරයි. වෛරසය සිරුරට අතුලුවුවද ඉතා සුළු රෝග ලක්ෂණ මෙන්ම කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා නිරෝගී පුද්ගලයකු(Asymptomatic) ලෙස බොහෝදෙනෙක් සිටිය හැක. (ඊට ඔවුන්ගේ වයස, සෞඛ්‍ය තත්වය, ප්‍රතිශක්තිය, ජාන, ආහාර රටා, දේශගුනික සාධක ආදී බොහෝ හැරුණු බලපායි, එමෙන්ම මෙම සංඛ්‍යාව විශාල බැවින් මොවුන් රටක බෝවන රෝගයකට එරෙහිව සමූහ ප්‍රතිශක්තිය(Herd Immunity) ඇති වීමට වැදගත් ලෙස දායකත්වය සපයයි.)
මෙහි භයානක කම වන්නේ වෛරසය ඔවුන්ගේ සිරුර තුල පවතින කාලයේ ඔවුන්ගෙන් අන් බොහෝ දෙනෙකුට රෝගය පැතිරීමට ඇති හැකියාවයි.
අප විසින් හොඳින් තේරුම් ගතයුතු වන්නේ මේ වනවිට අප ලගින් සිටින ඕනෑම අයකු මෙවන් නිහඬ වාහකයකු වියහැකි බවයි. එමෙන්ම ඔබ නිසි ආරක්ෂන ක්‍රමවේද භාවිත නොකළේ නම් මේ වන විට ඔබද එවන් නිහඬ වාහකයකු විය හැක.
රජය සහ වෛද්‍යවරුන් නිතර මාධ්‍ය හරහා දැනුවත් කරත් පරිදි තවමත් අපේ සමාජය මේ භයානක තත්වයේ ගැඹුර නිසිලෙස වටහා ගෙන නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.
බොහෝ ලාංකිකයන් තවමත් ඔවුන් සබඳතා පැවැත්වූ පුද්ගලයන්, ආගිය තැන්(විදේශ ගතවීම් ඇතුළුව), සැඟවීම මෙය තහවුරු කරයි.
විශේෂයෙන්ම එවන් දෑ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සැඟවීම තුලින් වෛද්‍ය කාර්ය මණ්ඩල රෝගීවීම හෝ නිරෝධායනයට ලක්වීම සමස්ත වෛද්‍ය සේවාවම කඩා වැටෙන බව සමාජය තේරුම් නොගැනීම ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකි.
සැමගේ අවධානයට: ඔබ, මම හෝ අප ලඟින් ඇසුරු කරන්නන් දැනටමත් නිහඬ වාහකයින් විය හැකිය. නමුත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම සහ හැකි සෑමවිටම ගමන් බිමන් නැවත්වීම තුලින් අපේ ලංකාවම මළගමක් වීම අපට නැවැත්විය හැකිය.
"මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ පුද්ගලික අවස්ථාවාදී දේශපාලන මඩ ගහගන්න නෙමෙයි. දැන් තියන තත්වේ ඇත්ත බරපතලකම කියන්න. ඒත් මේකෙත් කරන්නේ රටේ තත්වය තේරුම් ගන්නේ නැතුව මඩ ගහ ගහ වැඩකට නැති අදහස් කියන්න නම් රටම විනාස වෙන එක නවත්තන්න බෑ.
දැනුවත් කරන්න - BUMP කරන්න, අනවශ්‍ය මඩ ජීවත්වෙලා හිටියොත් පස්සේ ගහගමු.
"

Last edited: