එහෙම හිතෙන්නේ නිදහසේ ඉන්නව නම් නේ......ජීවිතේ සතුට වැඩ කිරීම කර ගනින්....එතකොට ඔය පයන්නවල් හිතන්න වෙලාවක් නෑ. මට නම් වැඩක් නැති වුණාම පිස්සු වගේ. ඒ නිසා ම මම වැඩ සෙට් කර ගන්නවා....නිකං ඉන්නෙ නෑ......ඩ්‍රින්ක් එක දැම්ම ම ඔය වල් බූත ඔලුවට එනවා..ඒ නිසා ඩ්‍රින්කල් එකට සෙට් වෙනව නම් ඔය හුයන්නවල් කල්පනා නොවෙන්න හොද සිංදුවක් අහගෙන ගහපං. එතකොට ගහන්නත් බෑ රතු කටු පනින්න.
මම ඉතුරු කරන්නේ මෙහෙම. මම මුල් සති දෙකේ දී එන ගානෙන් රවුම් ගානක්-හිතමු 100000/- කි කියල, අයින් කරනවා. ආයෙ මලාට අත තියන්නේ නෑ. කොහොම හරි රෝල් කරනවා. හැබැයි මාසේ අන්තිමට අර ලක්ෂෙ ඉතිරු වෙලා. කෙලින් ම රක්ෂිත බන්ධනාගාර ගත කරනවා එ්ක...ආයෙ නෝ හෙල්ලුං............
මල්ලි හුගක් උන් දන්නෙ හම්බ කරන්න විතරයි. වියදං කිරීම කියන්නේ ප්‍රගුණ කළ යුතු කලාවක්. ඒක නොදන්නව නම් කොහොමත් අවසාන විග්‍රහයේ දී හිගන්නා. ඒ නිසා වියදං කරන කලාව ප්‍රගුණ කර ගනින්.....
අනික මූලය කළමනාකරණය වගේ ම තමා කාල කළමනාකරණය. දවසේ හදපං ප්ලෑනක්, හැමදාම කලින් නිදාගන්න. කරන්න තියන වැඩ මොනව ද කියල සිහි තරල. ප්ලෑන් ගැහුවට ඇති පයන්නක් නෑ ප්ලෑන් ඉම්ප්ලිමන්ට් කරන්නේ නැත්තං. ප්ලෑන ඉම්ප්ලිමන්ට් තරල ටාගට් ඇචීව් කරපං ඩේ ටු ඩේ........වෙලාව ඉතිරි වෙනවා.......
අනික සයිබර් එකෙන් සැහැල්ලු වීම. උඹ දන්නව ද මම ස්ට්‍රෙස් අයින් කරන ක්‍රමය. ඒ තමා මේකේ රේඩියෝ එකෙන් සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක කිරීම. මගේ ෆීල්ඩ් එකට සම්පූර්ණ පරිබාහිර දෙයක් ඒ. වින්දනීය දෙයක් ඒ.......ඒකෙන් මගේ ජීවිතේ අම්බානක් බැලන්ස් වෙනවා...........
හුගක් උන් අහනව මගෙන් උඹට වෙලාව කොයින්ද ඕවටත් කියලා. අවශ්‍යතාවය තියනව නම්, ටයිම් මැනේජ්මන්ට් හොද නම් පැය 24 කියන්නේ භද්‍ර කල්පයකට ටිකක් අඩු කාලයක් මිනිහෙකුට...............