Creatine walata wedi wenne water pump eka nisa wedi wena weight eka ban. Mata creatine ganna one muscle strength eka wede karaganna sellam karana weight eka wediyen gahanna. Creatine gannawanam workout karanna ona.creatine gahana kale nam mahat una wage dnauna ... nawttuwma 1g wath wadi wen na
Creatine walata wedi wenne water pump eka nisa wedi wena weight eka ban. Mata creatine ganna one muscle strength eka wede karaganna sellam karana weight eka wediyen gahanna. Creatine gannawanam workout karanna ona.
Meka protein ekak newei machanචිකන්, මාළු වලින් දවසට අදාළ ප්‍රෝටීන් ප්‍රමාණය අරගත්තොත් හරියන්නෙ නැද්ද. ප්‍රෝටීන් ග්‍රෑම් 80-90ක් වගේ සෙට් වෙන විදියට
Long term ganna expectation ekak ne mchn. Mage desired weight and muscle growth eka gaththata passe maintenance mode ekedi nawaththanna puluwanMahansi adu eka thama mata nm. Kohomath long term oni ekam ganna eka risky
උඹ ක්‍රියෙටීන් ගන්න හදන්නෙ මසල් ග්‍රොව්ත් එකට නෙවෙයි ද.Meka protein ekak newei machan
බොරු වැඩක් ඔක ගහන එක ගහපු නිසයි කියන්නෙ
ගහනකන් බර එහෙම වැඩියෙන් උස්සන්න පුලුවන්
එත් බර උස්සල තෙරුමක් නැ ටෙක්නික් ගහන්න ඔනෙ
ඔක නැවැත්තුව ගමන් ඇගට පන නැති සින් එකක් එනව
තියන ටිකත් ගහගන්න බැ ඉට පස්සෙ
කොහොමත් එක දිගට බොන්න හොද නැ ඔක
Muscle growth ekata thamai. But Meken muscle hedenne nehe machan Protein wage. Meken muscle wala strength eka wedi karala muscle walata gym ekedi denna puluwan tension eka wedi karanna puluwan. Ethakota muscle growth eka ikman wenawa hariyata protein wetunawa recovery ekedi.උඹ ක්‍රියෙටීන් ගන්න හදන්නෙ මසල් ග්‍රොව්ත් එකට නෙවෙයි ද.
Nice explanation broCreatine කියන්නේ සත්තුන්ගේ ඇඟේ ස්වභාවිකව හැදෙන දෙයක්. Creatine phosphate වලින් තමා මාංශ පේශි සංකෝචනය අවශ්‍ය ශක්තිය දෙන ADP එක ATP (Adenosine triphosphate) කරන්නේ. A/L Bio කරනකොට මේක කියලා දෙනවා. Creatine පරිවෘත්තීය ක්‍රියා වලි නිසා creatinine වෙනවා. මේ creatinine තමා වකුගඩු හරහා අන්ගෙන් බැහැර වෙන්නේ. අපි වකුගඩු වල ක්‍රියාකාරීත්වය කියල බලන්නේ ලේ වල තියෙන creatinine ප්‍රමාණය. මොකද වකුගඩු අක්‍රීය වෙලා නම් ඇඟේ කලින් වගේ හොඳට creatinine බැහැර කරන්න බැරි නිසා ලේ වල ඉතිරි වෙනවා. එහෙම නැතුව creatinine වලින් වකුගඩු අක්‍රීය වෙන්නේ නෑ. වකුගඩු වලින් ලේ පෙරෙන ප්‍රමාණය glomerular filtration rate කියල එකෙන් තමා අපි වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලන්නේ. ඔය filter වෙන සමහර chemicals ආපහු ලේ වලට උරාගන්නවා. Creatinine එහෙම උරාගන්නා chemical එකක් නෙවෙයි. (නොගැනිය හැකි මට්ටමකට උරා ගන්නවා ඒත්) Filter වෙන ටික ඔක්කොම මුත්‍රා හරහා යනවා. අන්න ඒක නිසයි එක තෝරාගෙන තියෙන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය බලන්න. නැත්නම් inuline කියල පිටින් chemical එකක් inject කරලා kidney වලින් filter වෙනවා බලන්න පුළුවන්. ඒක කොහොමටවත් ආයේ උරා ගන්නේ නෑ. ඉතින් එහෙම පිටින් chemical ගහලා බලන එක කරදර නිසා ඇඟේ හැදෙන chemical එකකින්ම kidney function බලනවා.
පිටින් creatine ගන්න කොට ඒවා metabolize වෙලා ඇඟේ creatinine වැඩියෙන් හැදෙනවා. ඉතින් පස්සේ kidney function බලන්න creatinine එකක් බැලුවොත් එක වැඩි වෙලා පේනව. ඉතින් ගොඩ වෙදාල kidney ඉවරයි කියල තීන්දු කරනවා. ඔය පිටින් ගන්න creatine එක නවත්තලා දවස් කීපයක් ඉඳියාම වැඩිපුර creatinine එළියට ගිහිල්ලා ඔයාගේ baseline creatinine levels එනවා. එතකොට තමා හරියට creatinine levels බලන්න වෙන්නේ.
Creatine තියෙන්නේ muscles වල කිව්වානේ. මස් කනකොට කොහොමත් අපේ ඇඟට creatine එනවා. හරියටම serum creatinine බලනවා නම් මස් මාළු නොකා බලන්න ඕනේ. අනික Creatinine ඇඟේ muscle mass එක මත වෙනස් වෙනවා. Creatine නොගන්නා Body builder කෙනෙක්ගේ වුණත් ලේ වල creatinine වැඩියි muscle වල ගොඩක් තියෙන නිසා. එහෙම කියල උගේ kidney අවුල් කියල කියන්න බෑ. Lab reports interpret කරන්න report එකේ එන reference range එක විතරක් කියවලා මදි. Mechanism එක දැනගන්න ඕනේ. නැත්නම් නිකන් බොරුවට බයේ ජීවත් වෙන්න වෙන්නේ.
Creatine ගැන දැන ගන්න ඕනේ නම් sport medicine clinic තියෙනවා රජයේ රෝහල් වල. ලොකු රෝහල් කීපයක තියෙන්නේ. ඒව වලින් දැන ගන්න පුළුවන්. නැත්නම් sport medicine specialist කෙනෙක් channel කරන්න. ඕකේ long term effects ගැන වැඩිය research නැහැ. හැබැයි ගොඩක කියන්නේ kidney වලට අවුලක් වෙන්නේ නෑ කියල.