Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    මගේ ඩෙබිට් කාර්ඩ් එකට එකපාරක් මම කරපු නැති ගනුදෙනුවකට OTP මැසේජ් එකක් ආව.
    බැංකුවට කෝල් කරල කිව්වම උන් කිව්ව වෙන කෙනෙක් කාර්ඩ් නම්බර් එක වැරදිලා ගහන්න
    ඇති කියල. ඒත් එහෙම වෙන්න නම් එක්ස්පයරි ඩේට් ඒකයි CVV කෝඩ් එකකයි දෙකම සමාන
    වෙන්නත් ඕන. එහෙම වෙන්න තියෙන්නෙ බොහොම පොඩි සම්භාවිතාවයක්. පස්සෙ මම ඔන්ලයින්
    ගනුදෙනු කරන්න පුළුවන් පහසුකම නවත්තල දැම්ම.

    :shocked:
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    දැන් දැන් Credit Card & Debit Card සමාජයේ හැම දෙනාම වගේ use කරන දෙයක් වෙලා. ඒ වගේම Credit Card හොරකනුත් එන්න එන්න වැඩි වේගෙන යන්නේ. :angry: අපි බලමු මේ හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම ටිකක්.

    1. card එකෙන් කරන transaction phone එකට SMS එකක් එන්න අනිවා හදා ගන්න.

    2. හැම මාසෙම credit card statements & bank statements review කරලා බලන එක පුරුද්දක් කර ගන්න.

    3. Purse එක පිට් pocket ගැහුවොත් :angry:

    වහාම Card එකේ Back side එකේ තියන Telephone Number එකට call කරලා card එක deactivate කරන්න. (මේ no එක phone එකේ save කරලා තියා ගන්න කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ) purse එකේ තියන card ගණන සහ මොන bank වලද කියන එක record එකක් තියාගන්න ඕනේ, සමහර උන් ගාව card 10 ක් විතර purse එකේ දාගෙන ඉන්නවා. හදිසියකට නැති උනේ මොන card ද කියලවත් මතක නෑ :lol: හොදම දේ ගමනක් යන කොට තමන්ට අවශ්‍ය වෙන card කීපයක් විතරක් අරගෙන පලයල්ලා. තියන හැම මගුලම අරන් ගිහිල්ල නැති උනාම හබක් තමා :frown:

    * Card එකේ Pin එක purse එකේම ලියල තියා ගන්න එපා. ගොඩක් ගැහැණු අය මේ දේ කරනවා. අමතක වෙනවා නම් phone එකේ contact no එකක් විදිහට save කර ගන්න. හැබය් Phone එක Lock කරලා තියා ගනිල්ලා.

    4. Online Transaction

    * Online Transaction කරනවා නම් පුළුවන් තරම් PayPal හරහා කරන්න.


    b364fde42f6ef5e115a5d92f17c01390.128x128.png


    * Paypal support කරන්නේ නැති නම් Site එක https:\\ කියල domain name එකට කලින් තියනවද කියල අනිවාර්යෙන් බලන්න. මේ S එකෙන් කියන්නේ secure කියල

    https-128.png


    * ඒ වගේම Air Ticket වගේ එකක් purchase කරනවා නම් හදිසි නොවී site එකේ reviews google එකේ search කරලා බලන්න. මොකද scam site එකක් නම් ඒ ගැන ලියපු reviews දාල තියනවා. මට ඒ වගේ ඒවා අහු වෙලා තියනවා. පොඩි ලාබෙට අහුමුලු වල තියන site වලින් ගන්නේ නැතිව Airline official site එකෙන් ගන්න එක ඇගට හොදය්

    3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක


    credit_card_empty.jpg


    Credit Card or Debit Card එකේ පිටිපස්සේ තියන CVV එක පිහියකින් වගේ scratch කරලා යවල marker Pen එකකින් blind කරන්න. එතකොට කාටවත් Card එකේ details හොරෙන් අරගෙන online transaction කරන්න බෑ

    Youtube එකේ videos තියනවා කොහොමද කරන්නේ කියල

    මතක් කරලා CVV එක phone එකේ save කරලා තියාගන්න ඕනේ මොකද අපිට online Transaction එකක් කරන්න ඕනේ උනොත් ඒක ඕන වෙන හින්ද.

    හැබැය් card duplicate machine එකක swipe කරලා duplicate card එකක් හදා ගත්තොත් කරන්න දෙයක් නෑ. මොකද එතකොට card එක super market වලට දීල බඩු purchase කරන්න පුළුවන් නිසා. හැබැය් ඒත් CVV එක නැති නිසා online transaction කරන්න බෑ

    4. Visa paywave


    visa-paywave-ripple-symbol.154554378.jpg


    සමහර card වල ඔඋබලා මේ වගේ mark එකක් දැකල ඇති මේ card sampath , com bank වලින් issue කලාට read කරන machine එක තාම ලංකාවේ ප්‍රසිද්ද නෑ. මේ card එකෙන් radio wave (RFID) එකක් නිකුත් කරන චිප් එකක් ඇතුලේ තියනවා. card එක swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කලාම transaction එක වෙනවා. ඕන නම් normal swipe කරන්නත් පුළුවන්.

    180512-visa-paywave-malaysia-01.jpg


    මේ ක්‍රමේ ගොඩක් customer ට ලේසි උනාට මේ card එක purse එකේ පිටිපස්සේ සාක්කුවේ තියෙද්දී card එකේ details හොරකන් කරන්න පුළුවන් gadgets හදල තියනවා. එකෙන් පුළුවන් duplicate card එකක් හදා ගන්න. කොහොමද වැඩේ

    මේ radio wave එක block කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියනවා. aluminium foil එකකින් card එක cover කලොත් read කරන්න බෑ. Anti RFID sleeves තියනවා ebay එකේ ගන්න. හැබැය් ගොඩක්ම සාර්ථක ක්‍රමේ තම Anti RFID card holder එකක් ගන්න එක
    ඔයා පිට රටවලට යන කෙනෙක් නම් මේ ගැන වැඩි පුර හිතන්න. මොකද වෙන රටවල මේ ක්‍රමේට credit card හොරු සැහෙන්න වැඩි වෙලා.


    1000pcs-lot-Anti-Scan-RFID-Blocking-card-Sleeve-RFID-Blocker-ID-Credit-Card-Secure-Aluminum-Sleeve.jpg_640x640.jpg


    s-l300.jpg


    ඔන්න ඕකය් කතන්දරේ තව ක්‍රම උබල දන්නවා නම් මේකේ දාපල්ලා :love:

    ජය වේවා

    සාමන්‍යයෙන් credit card එකකින් transaction කරාම machine එකෙන් receipt දෙකක් generate වෙනවා. එකක් අපි අත්සන් කරන්න ඕනේ. ඒ අත්සන card එකේ පිටිපස්සේ තියෙන අත්සනත් එක්ක match වෙන්න ඕනේ. මම දන්නා තරමින් බොරු අත්සනක් යොදා කරන transaction වලට අදාල merchant (වෙලෙන්දා) වග කියන්න ඕනේ.

    නමුත් මම ලඟදි දැක්කා pay wave card (swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කරලා කරන transaction) එකකින් කරන transaction එකට(Sri Lanka Insurance ආයතනයේදී) transaction receipt දෙකක් generate වුනත් අදාල cashier පවසා සිටියේ අත්සන් කිරීම අනවශ්‍ය බවයි.

    මා දන්නා තරමින් commercial බැන්කුව හරහා ගනුදෙනු කරන merchant ලා මේ ක්‍රමය භාවිතා කරනවා.

    මෙවැනි අවස්ථාවක කොහොමද ව්‍යාජ transaction එකක් (pay wave card එකක් හරහා) සිදුවුවහොත් එහි ව්‍යාජ බව සනාත කරන්නේ
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    සාමන්‍යයෙන් credit card එකකින් transaction කරාම machine එකෙන් receipt දෙකක් generate වෙනවා. එකක් අපි අත්සන් කරන්න ඕනේ. ඒ අත්සන card එකේ පිටිපස්සේ තියෙන අත්සනත් එක්ක match වෙන්න ඕනේ. මම දන්නා තරමින් බොරු අත්සනක් යොදා කරන transaction වලට අදාල merchant (වෙලෙන්දා) වග කියන්න ඕනේ.

    නමුත් මම ලඟදි දැක්කා pay wave card (swipe කරන්නේ නැතිව machine එක ලගට card එක ලං කරලා කරන transaction) එකකින් කරන transaction එකට(Sri Lanka Insurance ආයතනයේදී) transaction receipt දෙකක් generate වුනත් අදාල cashier පවසා සිටියේ අත්සන් කිරීම අනවශ්‍ය බවයි.

    මා දන්නා තරමින් commercial බැන්කුව හරහා ගනුදෙනු කරන merchant ලා මේ ක්‍රමය භාවිතා කරනවා.

    මෙවැනි අවස්ථාවක කොහොමද ව්‍යාජ transaction එකක් (pay wave card එකක් හරහා) සිදුවුවහොත් එහි ව්‍යාජ බව සනාත කරන්නේ

    Mekata proper answer ekak ganna wenne bank ekenma thama mcn.

    Anika oya signature check kale godaak issara, Sign eka match unoth witharai bank eka merchant to funds release kale man danna widihata.

    Den Transaction volume eka wedi nisa ehema wenne ne. kotinma oya slip eka dan Bank ekata yawanneth ne. Customer dispute ekak demmoth thama Bank eken slip eka illanne.