Credit card interest HIKE 32%

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    ක්‍රෙඩිට් කාඩ් පොළී අහස උසට නගී: වාර්ෂික පොළිය 32%ක් දක්වා ඉහළට.

    වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන
    මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු සමස්ත හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 110.27 ක් ලෙසින් ගණන් බලා ඇත. මෙය 2019 මාර්තු මාසය අවසානය වනවිට පැවති රුපියල් බිලියන 107.97 ක්වූ හිඟ ගෙවීම් ප්‍රමාණය හා සැසඳීමේ දී රු. බිලියන 2.29 ක ඉහළ යාමකි.

    මීට පෙර අවස්ථාවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඉහළ පොළී අනුපාතික හේතුවෙන් ගනුදෙනුකරුවන් ක්‍රෙඩ්ට් කාඩ්පත් වැනි ණය උපකරණ භාවිතයට යොමු වීම අධෛර්යමත්වීමක් සිදුවන බවයි.

    “ක්‍රෙඩිට් කාඩ් යනු අවදානම ඉහළ ණය උපකරණයක්. එය ගනුදෙනුකරු මත තීරණය වන්නේ. ඊට ගෙවිය යුතු ගාස්තුව ඒ අනුව තීරණය විය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් යනු දිගු කාලීන ණය පහසුකමක් නොවෙයි. එය කෙටි කාලීන දෙයක්. නියමිත දිනට හිඟ මුදල් පියවීමෙන් පොළී ගෙවීමෙන් වැළකී සිටින්න පුළුවන්. පොළිය වැඩිවීම තුළින් ගනුදෙනුකරුවන් මෙවැනි ණය උපකරණ වෙත යොමු වීම අධෛර්යයමත් වීමක් සිදුවෙනවා“, යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
     
    • Like
    Reactions: kingsheron

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Credit card හොඳ offers වලින් මොනවහරි නිතර ගන්නවනම් විතරයි බන් දැන්නම්. මමත් HNB එකක් තියන් අනික්ව වහල දැම්ම. HNB එකට offers set වෙනව.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Screenshot-2019-06-18-My-accounts-My-banking-HSBC.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    (32/100 X 1,200,000) / 12 = 36,000

    මේක මම මාසයක් ඇරියස් කලොත් මට එන මාසික පොලිය දැන් හැටියට.

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ubata mun ochchara limit ekak dunnada ban ?

    මන්තිලි ටර්න් ඕවරනේ බන්.. අනිවා මේකෙන් ලක්ෂ 6ක් වත් මන්ත්ලි ගෙවනවානේ.. උන්ට ලාබයි.. මගේ මාසයක් ඇරියස් ගියොත් ෆුල් ලිමිට් එක උන්ට ලක්ෂයකටත් වඩා මාසෙක පොලියනේ බන්..
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    මන්තිලි ටර්න් ඕවරනේ බන්.. අනිවා මේකෙන් ලක්ෂ 6ක් වත් මන්ත්ලි ගෙවනවානේ.. උන්ට ලාබයි.. මගේ මාසයක් ඇරියස් ගියොත් ෆුල් ලිමිට් එක උන්ට ලක්ෂයකටත් වඩා මාසෙක පොලියනේ බන්..

    අම්මෝ පුතේ අල්ලපු ගෙදර එකාට පුක හරි දීල ඇරියස් නැතුව ගෙවාපන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇට්ටරයා;24576370 said:
    අම්මෝ පුතේ අල්ලපු ගෙදර එකාට පුක හරි දීල ඇරියස් නැතුව ගෙවාපන්

    මේ කාඩ් එක ලොකර් එකක තියෙන්නේ බන්.. හිකෙනවනේ කාඩ් එක නැති උනොත්.. එක පාර පේපැල් වගේ ඉලව්වක ගෙව්වොත් ආයේ හොයන්නද? කාඩ් නම්බර්ස් ඔන්ලයින් කොහෙවත් ස්ටෝර් කරලත් නැහැ.. ෆුඩ් සිටි වගේ තැන්වලට දෙන්නෙත් නැහැ. මේක යුස් කරන්නේ හදිසි ණය ගන්න. මට එක ලාබයි.. මගේ බිස්නස් එකේ හැටියට දවස් 45න් ශේප් කරගන්න පුළුවන් ලෝන් නේ ඕනා.. ඒ නිසා මේකෙන් පේමන්ට් කරන එක මට ලාබයි.. කස්ටමර් සල්ලි ගෙවන්න මම සාමාන්යෙන් දවස් 30ක් දෙනවා. මට අවුලක් නැහැනේ. මගේ අතේ සල්ලි නෙමෙයිනේ.. එතකොට කස්ටමර්ස්ලටත් වාසියි..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    Mokadda field Eka ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Supiri 😁
    Math asa side ekak

    ගොඩක්ම බෝට්ටු එන්ජින්, ට්‍රෝලර් එන්ජින් වගේ ඒවා කරනකොට සමහර අයිටම්වල ප්‍රයිස් එක ලක්ෂ 20-30යි. ඒ වෙලාවට ඩවුන් පේමන්ට් එකක් හරි දාගන්න කාඩ් එකෙන් පුළුවන් නම් ලොකු දෙයක්.. ස්ටම්ප් ෆි එක තමා අවුල. එත් ලෝන් ගහලා කරදර වෙනවට වඩා එක ලාබයි..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගොඩක්ම බෝට්ටු එන්ජින්, ට්‍රෝලර් එන්ජින් වගේ ඒවා කරනකොට සමහර අයිටම්වල ප්‍රයිස් එක ලක්ෂ 20-30යි. ඒ වෙලාවට ඩවුන් පේමන්ට් එකක් හරි දාගන්න කාඩ් එකෙන් පුළුවන් නම් ලොකු දෙයක්.. ස්ටම්ප් ෆි එක තමා අවුල. එත් ලෝන් ගහලා කරදර වෙනවට වඩා එක ලාබයි..

    Engine da gennanne
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Engine da gennanne

    හයි වලියුඩ් අයිටම් ඕනා එකක් ගෙනාවා බන්. ගොඩක්ම ජපානෙන් ගෙනල්ලා මොල්ඩිව්කාරයන්ට විකුනනවා. ලංකාවේ නීල් මරීන් කියලා බෝට්ටු හදන එකක් තියෙන්නේ, අන්න එකට් එනවනේ මාලදිවයින් ඕඩර්. ඒවාට එන්ජින් දෙන්නේ අපි තමයි.. ඉස්සෝ ෆාම් වලට මැෂින් වගේ ඔය ඕනා දෙයක් ගෙනල්ලා දෙනවා. ඉන්දස්ට්‍රියල් මැෂින් තමා..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හයි වලියුඩ් අයිටම් ඕනා එකක් ගෙනාවා බන්. ගොඩක්ම ජපානෙන් ගෙනල්ලා මොල්ඩිව්කාරයන්ට විකුනනවා. ලංකාවේ නීල් මරීන් කියලා බෝට්ටු හදන එකක් තියෙන්නේ, අන්න එකට් එනවනේ මාලදිවයින් ඕඩර්. ඒවාට එන්ජින් දෙන්නේ අපි තමයි.. ඉස්සෝ ෆාම් වලට මැෂින් වගේ ඔය ඕනා දෙයක් ගෙනල්ලා දෙනවා. ඉන්දස්ට්‍රියල් මැෂින් තමා..

    නීල් මැරින් එල දන්නව මම.. ;)

    මරු මරු