Credit Card

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    ඇතුවත් බැරි නැතුවත් බැරි Credit Card
    z_page-i-Licensed.jpg

    අපි කාඩ්පත් ගැන බොහෝ දේ කතා කළෙමු. තම කාඩ්පත ඉතා සුරක්‍ෂිතව තබාගත යුතු බව අපි දැන ගතිමු. කාඩ්පත මෙන්ම තම රහස්‍ය අංකයද සුරක්‍ෂිතව තබාගත යුතු බව සහ එසේ තබා ගැනීමේ වැදගත්කමත් එසේ තබා ගන්නා ආකාරයත් අපි පසුගිය ලිපිය තුළ සාකච්ඡා කළෙමු. කාඩ් සම්බන්ධයෙන් මීළඟට කේ‍රඩිට් කාඩ් ගැන යමක් තවදුරටත් දැන ගනිමු.


    කේ‍රඩිට් කාඩ් නිකුත් කිරීමේදී ගනුදෙනුකරුගේ විස්තර බැංකුව වෙත ලබාදිය යුතුය. මේ අවශ්‍ය ලේඛන මොනවාද යන්නත් අපි පෙර සතියක කතා කළෙමු. මෙසේ ලබා ගත් කේ‍රඩිට් කාඩ්පත ආරක්‍ෂා සහිතව අවම වියදමක් යටතේ භාවිත කරන ආකාරය අද දැන ගනිමු.
    කේ‍රඩිට් කාඩ්වලට නැඟෙන චෝදනාව නම් ඒ තුළ ඇති විවිධ මුදල් අය කිරීම් අධික බවයි. එහෙත් ඒ සියල්ල ඉතා ඉහළ ආකාරයකට කළමනාකරණය කරගැනීමට පුළුවන. ඒ සඳහා අප කාඩ්පත් භාවිතය පිළිබඳ දැනගත යුතුයි. කේ‍රඩිට් කාඩ්පතක් යම් ණය සීමාවකට යටත්ව නිකුත් කරන බව අපි දනිමු.
    එසේ නම් පළමුව අප කළ යුත්තේ එම ණය සීමාව තුළ ජීවත් වීමට උත්සාහ කිරීමයි. ණය සීමාව ඉක්මවා ගිය විටෙක බැංකුව විසින් දඩ මුදලක් අය කරනු ලබයි. එම දඩ මුදල ඡ්යජඥඵඵ ඹ්ඪථඪබ ජ්ඥඥ ලෙස ඉංගී්‍රසියෙන් හැඳින්වේ. මෙය කළමනාකරණය කරගන්නේ කෙසේද?


    ඔබගේ කාඩ්පතේ ණය සීමාව ඔබ දන්නා කරුණක්. එමෙන්ම කාඩ්පතේ භාවිත කරන ලද මුළු වටිනාකමම වාණිජ ආයතනයට හෝ බැංකුවට ගෙවූ විට පමණක් ඊළඟ මාසය සඳහා පොලී එකතු වීම නවතී. පොලී එකතුවීම බිල්ගත වන දිනයේදී සිදුවේ. එම දිනයද ඔබ දැනගත යුතුය. බිල්ගත වන දිනය ඔබ නොදන්නේ නම් ඔබට ලැබෙන මාසික බිල්පතේ මෙය සටහන්ව ඇත. එසේ නොමැති නම් අදාළ බැංකුවට දුරකතනයෙන් අමතා බිල්ගත වන දිනය දැනගත හැකිය.
    සරල උදාහරණයක් ලෙස කාඩ්පතේ ණය සීමාව රු. 50,000ක් යැයි සිතමු. අප කලින් මාසයේ මුළු මුදල ගෙවීම් කර නැතැයි සිතමු. ඒ අනුව කාඩ්පතේ ගෙවිය යුතු මුළු මුදල රු. 49,500ක් යැයි සිතමු. දැන් බිල් ගත වන රාත්‍රියේදී එම පරිගණක ක්‍රියාවලිය සිදුවෙයි. එම මාසයට අදාළ පොලිය රු. 1,000ක් යැයි සිතමු. එම මුදල ණය කාඩ්පත් ගිණුමට එකතු වෙයි. එවිට මුළු ගෙවිය යුතු මුදල රු. 50500ක් ලෙස දැක්වෙයි. දැන් කාඩ්පතේ ණය සීමාව ඉක්මවා ගොස් ඇති නිසා ඡ්යජඥඵඵ ඹ්ඪථඪබ ජ්පඥඥ ගිණුමට එකතු වෙයි. අප මේ පිළිබඳව දන්නේ නම් කාඩ්පතට වැය වන අමතර මුදල් ඉතිරි කර ගැනීමට පහසු වෙයි. අප කළ යුතු වන්නේ බිල්ගත වන දින වන විට අදාළ පොලිය එකතු වීමට ප්‍රමාණවත් තරම් මුදලක් කාඩ්පතේ ඉතිරි කර තැබීමයි.


    මීට අමතරව ඇති ප්‍රධානම ගැටලුව වන්නේ ගෙවිය යුතු අවම මුදල (ර්ඪදඪථභථ ර්ථීචරථඥදබ) නොගෙවීම නිසා විඳීමට සිදුවන ප්‍රමාද ගාස්තුවයි (ඹ්චඵබ ර්ථීචරථඥදබ ජ්පඥඥ). මෙය විස¼දා ගැනීමටත් ක්‍රමයක් සාකච්ඡා කරමු. පෙර ලිපියක අප කතා කළ පරිදි සාමාන්‍යයෙන් ඔබගේ ගෙවිය යුතු මුළු මුදලෙන් 5%ක ප්‍රමාණයක් අවම මුදල ලෙස සටහන් වෙයි. අවම මුදල ගෙවීමේදී වැදගත් වන කාරණය නම් ගෙවිය යුතු අවම මුදල හෝ ඊට වැඩි ප්‍රමාණයක්, ගෙවීමට නියමිත දින හෝ ඊට ප්‍රථම දිනෙක ගෙවීම් කළ යුතුය. ඔබ ගෙවීම කළත් ගෙවිය යුතු දිනය පසුවී ඇති නම් ඔබ ප්‍රමාද ගාස්තුවට යටත් වේ. මින් වැළකීම සඳහා ක්‍රම කීපයක් කළ හැකිය. ඔබගේ ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමද පවත්වාගෙන යන්නේ කාඩ්පත නිකුත් කරන ලද බැංකුවේම නම් අවම මුදල් ප්‍රමාණය ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමෙන් නියමිත දිනදී අඩුකර ගන්නා ලෙස බැංකුවට උපදෙස් දිය හැකිය. එසේ නොමැති නම් ඔබේ දිනපොතේ හෝ දුරකතනයේ හෝ පරිගණකයේ මේ දිනය සඳහා කළ යුතු කාර්යයන් ලෙස කාඩ්පතට ගෙවීම සඳහන් කර ගැනීමෙන් අමතක වීම වළක්වා ගත හැකිය. බොහෝ විට මා දැක ඇති දේ නම් වාරිකය නොගෙවීමට හේතුව මුදල් නොමැතිකමට වඩා නියමිත දිනට ගෙවීමට ඇති අපහසුවයි. සමහර බැංකු තම අභිමතය පරිදි මේ ගාස්තු අය කිරීම හෝ නොකිරීම තීරණය කරයි.


    මීට අමතරව වසරකට වරක් අය කරන වාර්ෂික ගාස්තුද ගිණුමට (ඛ්පඥඤඪබ ඛ්චපඤ ඕචතචදජඥ එකට) එකතු වේ. මෙය වළක්වා ගැනීමට නම් ක්‍රමයක් මාගේ මනසට නොනැඟේ. කාඩ්පත අවලංගු කළ විට පමණක් මේ මුදල අය වීම නවතී.


    කේ‍රඩිට් කාඩ්පත් භාවිතයේදී තවත් වැදගත් දෙයක් මතක තබාගත යුතුයි. සමහර විටෙක ඔබට එක් මාසයක ගෙවීම අතපසු වුණා යැය සිතමු. ඉතා ඉක්මනින් ඔබ ඒ ගෙවීමට උත්සාහ කළ යුතුය. නැතහොත් ඊට තව තවත් දඩ මුදල් එකතු වීමෙන් ගෙවිය යුතු මුදල තවත් වැඩිවේ. මෙසේ තව මාස දෙක තුනක් පසු වුවහොත් ඔබට ඉතා විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇත. තවද එසේ ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ගෙවීමේ අපහසුතාවක් පැමිණුනහොත් වහාම අදාළ බැංකුව හා සම්බන්ධ වන්න. තමාගේ ගැටලුව බැංකුවේ නිලධාරීන්ට පවසන්න. ඔවුන් ඔබට උදවු කරාවි. නැතිනම් ඔබව ගනුදෙනුකරුවන් අතර කළු ලැයිස්තු ගත කිරීමට පුළුවනි. තව තවත් දඩ මුදල් එකතු වීමටත් පුළුවනි. ඔබ ගෙවීම් පැහැර හරින්නෙක් නොවන වග බැංකු නිලධාරීන්ට ඒත්තු ගන්වන්න.


    වරක් ගෙවීම් නොකිරීම නිසා ගනුදෙනුකරුවකුව මුණගැසීමට අවශ්‍ය වී අපි ඔහුව සොයාගෙන නිවෙස වෙත ගියෙමු. ඔහුගේ බිරියත්, මවත්, දරුවාත් නිවෙසේ සිටියත් ඔහු නිවෙසේ නොවීය. අපි ඔවුන් සමඟ කතා කළෙමු. අපට වැටහුණු දේ අනුව ඔහුට රැකියාව අහිමි වී තිබිණි. ඒ ඊට මාස දහයකට පමණ පෙරදී. ඔහු රැකියාව නොමැතිව දරුවන් පාසල් යැවීමත් අතහැර දමා තිබිණි. කාඩ්පත සම්බන්ධව ඔහුගේ මෑණියන් හා බිරියට පවසද්දී ඔවුහු හඬා වැටුණහ. ඔහුගේ මව ඉල්ලා සිටියේ ඔවුන්ගේ ඉඩමෙන් කැබැල්ලක් හෝ විකුණා මේ ණය මුදල ගෙවා දමන බවය. එහෙත් ඒ වන විට ගනුදෙනුකරුට නව ස්ථානයක රැකියාවක් ලැබී තිබුණු බැවින් අප ඔහුට කීවේ එය සහනදායී ක්‍රමයකට ගෙවා දමන ලෙසය. අදාළ ගනුදෙනුකරු තම රැකියාව අහිමි වූ විගස ඒ බව බැංකුවට දන්වා සිටියා නම් එතරම් මුදලක්වත් එකතු වීමට නොදී එය විස¼දා ගන්නට තිබිණි. මේ දේවල් පිළිබඳව අප දැනුවත් විය යුතුය.


    "කේ‍රඩිට් කාඩ්පතක ඔබේ පොලිය නැවැතත් කාඩ්පතට එකතු වනවා. එමෙන්ම ඔබ අවම මුදල නොගෙවන විට එකතු වන දඩ මුදල් හෝ ණය සීමාව ඉක්මවූ විට එකතු වන්නා වූ දඩ මුදල් සියල්ල නැවැතත් කාඩ්පතටම එකතු වෙනවා. ඊළඟ මාසය තුළ නැවැත පොලිය එකතු වන්නේ එම මුළු මුදලටයි. මෙය විමසා බැලූ විට පැහැදිලි වන දේ නම් කාඩ්පතේ ගෙවිය යුතු අවම මුදල කලට වේලාවට ගෙවා කාඩ්පත ණය සීමාව තුළ පවත්වා ගැනීමෙන් ඉතා විශාල අමතර මුදලක් ඉතිරි කර ගත හැකියි".


    කේ‍රඩිට් කාඩ්පත් භාවිතයේදී අප විසින් කාඩ්පත පිළිබඳ දැන සිටිය යුතුය. කාඩ්පතේ ණය සීමාව කොපමණද? බිල්ගත වන දිනය කවදාද? අවම මුදල ගෙවිය යුතු දිනය කවදාද යන කරුණු දැන සිටීම කාඩ්පත අමතර වියදමකින් තොරව පවත්වා ගැනීමට ඉතා වැදගත්ය.
    කේ‍රඩිට් කාඩ්වලින් අය කෙරෙන්නේ ඉතා ඉහළ පොලියක්. එය දළ වශයෙන් වසරකට 24%ක් වැනි ප්‍රතිශතයක්. පොලිය ඉතා අඩුවෙන් එකතු වන ආකාරයට ගනුදෙනු කිරීම මේ අනුව සැලකීමේදී ඉතා අත්‍යවශ්‍ය කරුණක්.


    "අද කේ‍රඩිට් කාඩ්පත්වලින් ගනුදෙනු කිරීමේදී බොහෝ වට්ටම් හිමි වෙනවා ඔබ දැක ඇති. මෙය නම් ඉතා වාසිදායක තත්ත්වයක්. එහෙත් අපගේ වැය සීමාව තුළ වියදම් කිරීමට මතක තබා ගැනීම නම් අවශ්‍යමයි. ඔබ යමක් මිලදී ගෙන එය භාවිත කරන ගමන් ගෙවීමේ හැකියාව කේ‍රඩිට් කාඩ් හරහා ලැබී තිබෙනවා. ඊට අමතරව පහසු ගෙවීමේ ක්‍රම බොහොමයක් අද කේ‍රඩිට් කාඩ්පත් හරහා ගනුදෙනුකරුවන්ට විවෘතව පවතිනවා. මේවායින් අවශ්‍යතා සපුරා ගන්නා ගමන් පරිස්සමින් භාවිතය සිහි තබා ගත යුතුයි.


    ගයාජිත් සංජීව ෆොන්සේකා
    කළමනාකරු - කාඩ් මෙහෙයුම්
    අමානා බැංකුව
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දැන් කාඩ්පතේ ණය සීමාව ඉක්මවා ගොස් ඇති නිසා ඡ්යජඥඵඵ ඹ්ඪථඪබ ජ්පඥඥ ගිණුමට එකතු වෙයි. :P
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    Rep Added...machan BOC 5lakh saha PANASIA 6lakh thibe...amana bank hodayi kiyala mage muslim yaluwek kiwwa,,amana bank gana yamak next thread eken balaporoththu wemi
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බම්ප්..අපේ ගෙදර කවුරැවත් කාඩි පාවිචිචවයක් නැහැ,ඔිවායේ හොද වගෙම නරකත් තියනවා..වාසි අවාසි දෙකම තියනවා..:no: