මගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ගැන ක්‍රශ් එකක තිබුණ මීට අවුරුද්දකට විතර කලින්.
එයත් ඉතින් පොඩි පොඩි දේවල් වලින් කැමැත්ත අඟවනව කියල මටත් තේරිල තිබ්බේ.
ඒත් මගේ ගොන්කම හින්ද හිතුවට වඩා ඉක්මනට බළල මල්ලෙන් එළියට පැන්න.
මම කැමැත්ත කිව්වට පස්සෙ පොඩ්ඩක් ගණන උස්සල හිටියෙ ඒත් පොඩි හරි කැමැත්තක් තියනව කියල මට තේරුණා.
දවසක් මම බස් එකේ එයාට පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා යද්දි හෝල්ට් එකකදි එයා ළඟ තිබ්බ බෑග් එක අතට ගත්ත ගමන් මං වලං කඩේ ගොනා වගේ පැනල එතනින් වාඩි වුනා.
වාඩි වුනාට පස්සෙ තමයි දන්නෙ එතනින් නැග්ග එයාගෙ යාලුවට වාඩි වෙන්න බෑග් එක අරන් තියෙන්නෙ කියල.
මොනව කරන්නද මෝඩ හිනාවක් දාල සොරි කියල බස් එකෙන් බැස්ස.
එදා හවස බලද්දි මගේ ෆෝන් නම්බර් දෙකම බ්ලොක් කරල.
කිසිම සෝෂල් මීඩියා එකක ඇත්තෙත් නෑ. හැබැයි බ්ලොක් කලාට මාව මග ඇරල යන්න ට්‍රයි කලේ නෑ. වෙලාවකට බලන් ඉඳල මම බලද්දි අහක බලනවත් සෙට් වෙලා තියනවා.
බ්ලොක් කරපු හේතුව ඇහුවට කවදාවත් ඒ ගැන උත්තරයක් දීල නෑ. මට කැමති නෑ කියලත් නෑ.
අනිත් එක කෙලින්ම මට බෑ කියල ඈත් වෙන්න බැරි තරම් සබකෝලෙ තියන කෙල්ලෙකුත් නෙමෙයි. පට්ට සෝෂල් කෙල්ලෙක්.
කොහොම හරි මාව බ්ලොක් කරල මාස තුන හතරක් වෙනවා. දැන් ඉන්නෙත් මගේ ඔෆිස් එකේ නෙමෙයි.
දකින්න, හම්බවෙන්න විදියක් නෑ.
මට දැන් ආයෙ එයාට කතා කරන්න ඕනි. බ්ලොක් කරපු එකෙන් කොහොමද අහලා මැසෙජ් කරන්න පුලුවන් ඒත් ඒක රිප්ලයි එන්නෙ නැති මැසෙජ් එකක්.
මේක ආයෙ ටෝක් කරන්න පටන් ගන්නෙ කොහොමද. වෙන නම්බර් එකකින් කෝල් එකක් අරගෙන මම හින්ද එයාට කරදරයක් වුනේ කියන්න පුළුවන් ඒත් ඒක එච්චර සදාචාර ගතියක් නෑ කියල හිතෙනවා. මොකද දැනටමත් මාව බ්ලොක් කරල තියෙන්නෙ එහෙම පැනල දෙන්න ගිහින්.
ආයෙ කතා කරන්න පටන් ගන්නෙ කොහොමද මචන්ල.