Crypto currency කියන්නෙ මොකක්ද

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,167
    8,158
    113
    M-Town
    Crypto currency කියන්නෙ මොකක්ද ඇත්තටම මේ

    70 දශකයේ සිතුවිලි තියන රටක ලෝකය පුරාම ඊලගට පැතිරෙන currency එක ගැන දැනුමක්

    Crypto currency කියන්නෙ next generation එකේ අපි use කරන මුදල් එකකය කීවොත් ඔබ දන්නවද.?

    ඔවු ඒක ඇත්ත. අපෙ අතීතයෙ ඉදල මේ වෙනකන් විවිද currency ඒකක ගැන අහල ඇති... ඉස්සර අපේ මිනිස්සු පුරුදු උනේ හුවමාරු ක්‍රමේට

    බන්ඩගෙ ගෙදර හාල් ඉවරනම් එහා ගෙදර සිරිය ලගට ගිහින් බන්ඩට මුන් ටිකක් දීල හාල් ඉල්ලගත්ත

    කාලයක් යද්දි සුද්දො මෙහෙට එන්න ගත්තට පස්සෙ ඔන්න උන්ගෙන් අපි පුරුදු උනා යම් වටිනාකමක් තියන කාසි මුද්‍රනය කරල ඒ කාසි වලට අපි බඩු බාන්ඩ වගේ දේවල් මිලට ගත්ත

    මේ ඔක්කොමත් එක්ක තවත් කාලෙකින් අපි කාසි එක්ක නෝට්ටු use කලා තවමත් අපි use කරනව

    ඒ වගේම මෙන්න මේ මුදල් වටිනාකමට අනිවාර්යයෙන් තුන්වන පාර්ශවයක් ඕන, ඒ තමයි අහවල් බැන්කු සෙට් එක

    තරිදුට ඕනනම් සදුනිට සල්ලි යවන්න අනිවාර්යයෙන් තුන්වන පාර්ශවයක් හරහ තමා මේ ගනදෙනුව වෙන්නෙ අහවල් බැන්කුවේ තමා මෙන්න මේ මුදල් balance එක තියෙන්න ඕන

    තාක්ෂණය පොඩ්ඩ පොඩ්ඩ දියුනු වෙනවත් එක්කම අහවල් බැන්කු ගෙනාව කාඩ් සිස්ටම් එක

    දැන් තරිදුට ඕනනම් reload දාන්න, කඩෙන් බඩු ගන්න ඔය හැමදේටම මෙන්න මේ කාඩ් එකෙන් පුළුවන් .

    දැන් අපි ඉන්නෙත් මෙන්න මේ වගෙ දියුනු කාලයක, අහවල් රේඩියෝ චැන්ල් එකට කට්ට කාල කාල කෝල් අරන් අනේ මට මේ සින්දුව දෙන්න කියන උන් ඉන්න රටක උබල මේ කාඩ් එක හරි යූස් කරන්න දන්න උන් කියන්නෙ සිරාවටම පොරවල් බන්

    හා නැද්ද.? සින්දු download කරන්න පුළුවන් කාලෙක තවම vcd ,dvd cd විකිනෙන රටක උබල electronic card useකරනවනම් ලෝකෙ අපට වඩා ගොඩක් දුර ගියත් අපි යම් මට්ටමක හරි ඉන්නව කියල හිත හදාගනින්ල

    හරි දැන් උබ ඇයි මේ පත හෑල්ල ලීවෙ?

    දැන් අපි මේ ඉන්න යුගයේ කඩේට ගිහින් බීඩි මිටියක් ගන්න ඕනනම් රුපියල් පනහෙ කොලයක් අරන් යන්න ඔන

    හැබැයි ඊලගට එන්න තියන currency එක ගැන දැන්ම ඉදන් ඉගෙන ගන්නවනම් අපට ගන්න තියෙන benifit ගොඩක් මගඇරගන්න එක අපරාදෙ.?

    Crypto කියන්නෙ ඊලගට අපි use කරන තවමත් ලෝකයෙ දියුනු රටවල පවා වේගයෙන් ව්‍යාප්ත වෙන ඊලග currency එක

    මෙන්න මේ currency එක අපිට කිසිම දවසක physical ලග තියාගන්නවත් අල්ලන්නවත් බෑ මොකද මේක තියෙන්නෙ digital currency එකක් විදිහට

    ඒ වගේම මෙන්න මේ currency එක කිසිම බැන්කුවකට පාලනය කරන්න බෑ ඒ කියන්නෙ කිසිම වෙලාවක 3 වන පාර්ශවයක් මේකට සම්බන්ද නෑ

    Example එකක් විදිහට අනාගතයෙදි ඔයට හදිසියෙ hospital එකට ගිහින් ඔයාගෙ checkup වලට පේමන්ට් එක ගෙවන්න ඕන උනොත් බැන්කු ගානෙ යන්න ඕන නෑ ඔයගෙ මොබයිල් පෝන් එකෙන් Qr code එකක් scan කලා hosptal bill එක විනාඩියටත් අඩුකාලෙන් පේ කරන්න පුළුවන්

    ඔයාගෙ wallet එකේ තියන crypto වලින් කෙලින්ම hosptle එකේ wallet එකට transfer කරන්න පුළුවන්

    මේ crypto කියන next currency එක digital coin එකක් නිසා කිසිම වෙලාවක රුපියල වගේ බාල්දු වෙන්නෙ නෑ

    ඒ නිසා ඔයාට පුළුවන්නම් crypto earn කරන්න දැන්ම ඉදන් ඉගෙන ගන්න අනිවා මේකෙ benifit ටික තව වසර කීපයකින් ඔයාගෙ ඇස් ඉදිරියේම පේන්න ගනී

    Crypto currency කියනකොට ගොඩක් අය අහන දෙයක් තමා මේ bitcoin ගැන

    මෙන්න මේ bitcoin කියන්නෙ මේ crypto වල බාවිතාකරන තව එක currency එකක් සහ දැනට තියන වටිනාකමෙන් වැඩිම currency එක

    හැබැයි මේ bitcoin කියන එක වටිනාකමෙන් වැඩිම currency එක උනාට දැනට අවුරුදු 10 කට විතර කලිම් මේ bitcoin එකක වටිනාකම උනේ රුපියල් වලින් ගත්තොත් එක bitcoin එකක් රුපියල් 3500 කට වගේ ගන්න පුළුවන්

    හැබැයි මේ ගතවුන අවුරුදු දහයට පස්සෙ අද වෙද්දි මෙන්න මේ bitcoin එකේ වටිනාකමක් රුපියල් වලින් ගත්තොත් එක බිට්කොයින් එකක් ඒකාලෙ අරන් තිබ්බනම් අද වෙද්දි ඔයා අතේ තියනව රුපියල් 12000000

    මේ currency earn කරන්න පුළුවන් හොදම සහා ආරක්ශිතම platform එකක් තමා binance කියන්නෙ

    මෙන්න මේ bitcoin වගේම ඔයාට earn කරන්න පුළුවන් තව එක එක විදිහේ currency ගොඩක් තියෙනව. දැන්ම ඉදන්ම ටිකක් හරි මේවගෙන් අරන් තියාගන්න ඔයත් try කරන්න සහ මෙන්න මේදේවල් ගැන හරියට ඉගෙන ගන්න අපිත් අලුතෙන් වැඩක් පටන් ගත්ත

    ඔයා දැන් දන්නව crypto currency කියන්නෙ මොකක්ද කියල
    Copied.