Curfew අයින්_කරනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    ඇඳිරි නීතිය ඉවත් කරොත් මිනිස්සුන්ගේ මිනී මතින් ඡන්දෙ තියෙනව කියනව සජිත් සෑර්.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත් ව්‍යවස්ථාවට ඒරෙහිව හදිසි නීතිය දානව කියනව සජිත් සෑර්.

    රුචිර සෑර් ලොක්ක කියන ඒක උස්සන් ඇවිත් වාද කරනවා
    :rofl::rofl:
    මූගෙ කට වැඩි. මට හරි වේදනයි. අලුත් එකක් දානවද? පරණ එක උඩට ගන්නවද? පස්න බන් පස්න.
     
    • Like
    Reactions: BloodStorm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර

    ඇඳිරි නීතිය ඉවත් කරොත් මිනිස්සුන්ගේ මිනී මතින් ඡන්දෙ තියෙනව කියනව සජිත් සෑර්.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත් ව්‍යවස්ථාවට ඒරෙහිව හදිසි නීතිය දානව කියනව සජිත් සෑර්.

    රුචිර සෑර් ලොක්ක කියන ඒක උස්සන් ඇවිත් වාද කරනවා :rofl::rofl:

    දැන් සජිත් ස ට බයේද මේ ආන්ඩුව වැඩ කරන්නේ? මහ නිවට ආන්ඩුවක්නේ ඕයි මේ.. :P:P
     
    • Like
    Reactions: mldarshana

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    මූගෙ කට වැඩි. මට හරි වේදනයි. අලුත් එකක් දානවද? පරණ එක උඩට ගන්නවද? පස්න බන් පස්න.

    ඔ්ව ඒච්චර හිතන්න ඒපා ජයවීර මහත්තයෝ :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    දැන් සජිත් ස ට බයේද මේ ආන්ඩුව වැඩ කරන්නේ? මහ නිවට ආන්ඩුවක්නේ ඕයි මේ.. :P:P

    තර්ක ඩෝ තර්ක... දැක්නෙ අහපු පුුුුුුුුරශ්නෙ :rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නවතම ඇඳිරි නීති නිවේදනය අද උදෑසන පොලිසිය මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ අනුව දිවයිනටම බලපාන පරිදි ලබන සඳුදා (27) උදේ 5 ට ඇඳිරි නීතිය ඉවත් කර ඇත. යළි ඇඳිරි නීතිය පැනවීමක් ගැන නිවේදනයේ දක්වා නැත. මේ අතර කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම
    යන දිස්ත්‍රික්ක 4 ට ඇතුළුවීම හා පිටවීම තහනම් කර ඇත.

    මෙවර නිවේදනයේ ඇඳිරි නීතිය පනවන විශේෂ පොලිස් බල ප්‍රදේශ ගැන සඳහනක් නැති අතරම නිවේදනයට අනුව කෑගල්ල අම්පාර හා මහනුවර ප්‍රදේශ කිහිපයක ඇඳිරිය ඉවත්වන බව දන්වා ඇතත් එකී දිස්ත්‍රික්ක වල අනෙක් ප්‍රදේශ ගැන සඳහනක් නැත. නැවත පැනවීමට වේලාවක් නැතිවීමද විශේෂිතය. ඒඅනුව දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය මත වසා තිබූ අවදානම් කලාප සඳුදා විවෘත වනු ඇත. නිවේදනය පහතින්

    UNa4Uy9.jpg
    :lol::lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒ දවස්වල යුද්ධෙ පරදියි කියල බලං හිටිය ආණ්ඩුව පෙරලන්න, මේ දවස්වල කොරෝනා වැඩි වෙයි කියල බලං ඉන්නව ආණ්ඩුව පෙරලන්න...
    පව් ඉතිං කොච්චර උනත් :(
    තව අවුරුදු පහක් මේ ඇඬියාව අහං ඉන්න වෙන එකයි අවුල :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ දවස්වල යුද්ධෙ පරදියි කියල බලං හිටිය ආණ්ඩුව පෙරලන්න, මේ දවස්වල කොරෝනා වැඩි වෙයි කියල බලං ඉන්නව ආණ්ඩුව පෙරලන්න...
    පව් ඉතිං කොච්චර උනත් :(
    තව අවුරුදු පහක් මේ ඇඬියාව අහං ඉන්න වෙන එකයි අවුල :lol:

    වැඩේ තියෙන්නේ අවුරුදු 5 කින් විතර එකම එකම බොරුව කියලා මුන් ඒක ඇත්තක් කරවන එක..අනික පාවෙන ඡන්ද එව්වා නියමෙට පිළිගන්නවා..හම්මේ මතක ඇති නේද අර මහ පෙළවෙන් මතු වෙච්ච කෙනා....:lol::lol:
    :lol:
    එයාව ගෙනාවෙත් එහෙමනේ....බොරු කොච්චර කිව්වද ?
    අන්තිමේදී එකක් ඔප්පු කර ගන්න බැරි වුනා :lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    වැඩේ තියෙන්නේ අවුරුදු 5 කින් විතර එකම එකම බොරුව කියලා මුන් ඒක ඇත්තක් කරවන එක..අනික පාවෙන ඡන්ද එව්වා නියමෙට පිළිගන්නවා..හම්මේ මතක ඇති නේද අර මහ පෙළවෙන් මතු වෙච්ච කෙනා....:lol::lol:
    :lol:
    එයාව ගෙනාවෙත් එහෙමනේ....බොරු කොච්චර කිව්වද ?
    අන්තිමේදී එකක් ඔප්පු කර ගන්න බැරි වුනා :lol::lol:

    ඔව්, ඉස්සර තරං මිනිස්සු අන්දන්න ලේසි නැහැ දැං හැබැයි.
    ගහන බොරු ඔක්කොම එදාම මාට්ටු :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ඇඳිරි නීතිය ඉවත් කරොත් මිනිස්සුන්ගේ මිනී මතින් ඡන්දෙ තියෙනව කියනව සජිත් සෑර්.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත් ව්‍යවස්ථාවට ඒරෙහිව හදිසි නීතිය දානව කියනව සජිත් සෑර්.

    රුචිර සෑර් ලොක්ක කියන ඒක උස්සන් ඇවිත් වාද කරනවා
    :rofl::rofl:

    :D
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    🔴 UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.

    Mama nam hithanne August wath wenna one aye airports open karanna.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?