අද(24) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ අතර, ඊයේ (23) රාත්‍රී 9 සිට අද උදෑසන 4 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.
අද දිනයේ දීත් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් සිදු වු අතර, අද පස්වරු 1.50ට පමණ පිටකොටුව පොලිස් වසමේ ගෑස්පහ හංදිය අසල දී සැක සහිත යතුරු පැදියක් පුපුරුවා හැර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පරීක්ෂා කර බලා මෙය ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරිය බව පොලීසිය පවසයි.
එමෙන්ම වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් යතුරුපැදියේ අඟුල පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය ආරක්ෂිතව පුපුරාව හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Source Adaderana.lk