කොටුගොඩ, ඕපාත විදුලි උප පොළේ හටගත් ගින්න හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලිය සීමා කිරීමට සිදුව ඇති බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඔහු කියා සිටියේ අද පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය පසුගියදා බියගම ග්‍රීඩ් උප පොළේ පිපිරීමට සමාන බව ය.
කොටුගොඩ ඕපාත විදුලි උපපොළ නොරොච්චෝලේ සිට කොළඹට විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයේ පිහිටා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමට දැඩි බාධාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් පන ගන්වා පැය කිහිපයක් තුළ මෙය සිදුවීම ද විශේෂත්වයකි.