මම 2011දි ගත්තු WD 1TB External 2.5 HDD එකක් පෙරේදා CrystalDiskInfo එකෙන් බලද්දි Current Pending Sector Count එක 137 කට තිබ්බ. Caution කියලත් කහපාටවෙලා ඇවිල්ල තිබ්බ. මම මේ HDD එක 2018න් පස්සෙ පාවිච්චි කරලම නෑ slow නිසා (USB 2.0 / 5200rpm).
Internet එකෙ තිබ්බ විසඳුමක් අනුකරණය කරමින් ඉස්සෙල්ලම Command Prompt එකේ chkdsk /r /f X: එක ගැහුව (duration 5h) හරිගියේ නෑ. දෙවනුව Windows Disk Management එකෙන් Full Format කරා (duration 6h). දැන් ආයෙ CrystalDiskInfo එකෙන් check කරල බලද්දි Current Pending Sector Count warning එකක් නෑ (0). Caution කියල තිබ්බ එකත් ගිහින්.
මේක ආයෙමත් ඉක්මනටම Current Pending Sector Count වැඩිවෙයිද? නැත්තන් තිබ්බ ඒව fix වෙලාද?
නිකන් තියන්නෙ නැතිව ආයෙ daily use එකට ගන්න බැලුවෙ (Data Backup වලට හැර).
Last edited:
