CV එකක් පිළියෙළ කිරීමේදී බැහැර කල යුතු කරුණ&#3

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,984
    11,719
    113
    CV එකක් පිළියෙළ කිරීමේදී බැහැර කල යුතු කරුණ&#3

    Resume-512.png


    CV2.jpg


    රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේදී වඩාත් විස්තරාත්මකව රැකියා ඉල්ලුම් පත්‍රය සකස් කර යැවීම රැකියා අපේක්ෂකයෙකු තමාටම කරගන්නා හානියකි.ඒ නිසා ක්‍රමාණු කූලව CV එකක් සෑදීමට වගබලාගත යුතුය.

    cv-writing-services.jpg


    සේවායෝජකයින්ට අනවශ්‍ය , විස්තරාත්මක ව්‍යාජ තොරතුරු කියවීමට තරම් කාලයක් හෝ ඉවසීමක් නොමැත.හුදෙක් මුලික සහ වැදගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්වේ.
    පහත දැක්වෙන්නේ රැකියා ඉල්ලුම් පත්‍රයකින් බැහැර කල යුතු කරුණු සහ හේතු 10කි.

    1.අපැහැදිලි ජායාරූප
    රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගෙන් ජායාරූපයක් සමග ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටින අවස්ථාවක කරුණා කර පැහැදිලි ජායාරූපයක් සමගම ඉදිරිපත් කල යුතුය. (රැකියා අතරින් ඉතාමත් අතලොස්සක් මෙය ඉල්ලාසිටි)

    2.අභිරුචිය සහ විනෝදාංශය
    ඔබ ඉල්ලුම් කරන රැකියාවට ඔබගේ අභිරුචියන් සහ විනෝදාංශ අතර කිසිම සම්බන්ධයක් නැතිනම් ඒවා අන්තර්ගත කිරීම අවශ්‍ය නොවේ.රැකියා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන ලිපියේ පොදුවේ ඔබ ඉල්ලුම් කරන රැකියාව හා ඔබගේ විනෝදාංශ අතර සම්බන්ධයක් ඇති අයුරින් අන්තර්ගත කරන්න. එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණයේදී ඔබගෙන් රැකියාවට අමතරව කුමක් කිරීමට කැමතක් ඇත්දැයි විමසුවොත් ඔබට ඔබගේ විනෝදාංශ පිලිබදව විස්තර ඉදිරිපත් කිරීමද කල හැකිය.

    3. වැරදි අක්ෂර වින්‍යාසය සහ වැරදි ව්‍යාකරණය
    ඔබ විසින් පිළියෙළ කර යවන රැකියා ඉල්ලුම් පත්‍රයේ වැරදි ලෙස කරුණු දක්වා සිටීම , වැරදි අක්ෂර වින්‍යාසය වැනි දේ වලින් සේවායෝජකයා එළබෙන මතය වන්නේ, ඔබව ඔහුගේ ආයතනයේ සේවා නියුක්ත කිරීමෙන්ද මෙවන් වැරදි ,අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම් වැනි දැ එම ආයතනය තුළද ඔබ විසින් සිදු විය හැකිය යන්නය.ඔබගේ අක්ෂර වින්‍යාසය පිලිබදව සැලකිලිමත් වීමෙන් බොහෝ අඩු පාඩු ,වැරදි දැකගත හැකිවේ, එමගින් වැදගත් යමක් මගහැරී යාමටද හැකිය.-- ඔබ විසින් රාත්‍රි වැඩ මුරය කරන ලද්දේද?-- මෙහිදී ඔබට "මු" සහ "ය " අතරට "ර" ඇතුලත් කිරීම මගහැරුනොත්? එමනිසා ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය සේවායෝජකයාට ඉදිරිපත් කිරීමට ප්‍රථම නැවත නැවතත් හොදින් පරික්ෂා කර බලා එය සේවායෝජකයාට ඉදිරිපත් කල යුතුය.

    4.පෞද්ගලික ලක්ෂණ
    රැකියා ඉල්ලුම්පතක් සමග ජායාරූපයක් ඉදිරිපත් කරනවා මෙන්ම , ඔබගේ උස,බර, වයස, ජාතිය හෝ ආගම යනාදී විස්තර සේවායෝජකට අනවශ්‍ය තොරතුරුවේ.නීති විරෝධී වුවත් මේ තොරතුරු මත පදනම්ව සමහරක් සේවයෝජකයෝ රැකියා ඉල්ලුම් කරුවන්ට වෙනස්කම්ද සිදු කරයි.ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ රැකියාවට අදාල තොරතුරු පමණක්ම ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

    5.සාරාංශගත විස්තර
    කළමනාකරුවකු රැකියාවකට බදවා ගැනීමේදී මෙතෙක් ඔහු කල රැකියාවන්හි සිදු කල සියලුම කාර්යයන් පිළිබද විස්තර දැනගැනීම අවශ්‍ය නොවේ.එය හුදෙක් තොරතුරු ගොනුවක් පමණක් වන අතර එයින් භාගයක් පමණ තොරතුරු අනවශයවේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවයෝජකයකුට හැගිය යුතුය.එමනිසා ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත්‍රයක ඇතුලත් කල යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ විස්තර බැහැර කල යුතුය.


    6.ව්‍යාජ තොරතුරු
    කිසිවෙකුටත් බොරුකාරයකු බදවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.ඔබට උපාධියක් ඇති තැන විශේෂ උපාධියක් ඇති බවට නොපවසන්න,ඔබව රැකියාවෙන් නෙරපා හැරපු ස්ථානයක තවමත් රැකියාවේ නියැලෙන බවට නොපවසන්න,ඔබ ලැබූ වේතනය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමේදී ලැබූ වේතනයට වඩා 20% වැඩියෙන් ලැබූ බවට නොපෙන්වන්න.ඔබ පවසන සියලු දේම සේවායෝජකයාට තහවුරු කරගත හැකිවේ.එමනිසා ප්‍රවේසම්කාරී මෙන්ම අවංකද විය යුතුය. :angry:

    7.නොගැලපෙන වර්ණ සහ මුද්‍රිත අකුරු වර්ග
    නොගැලපෙන මුද්‍රිත අක්ෂර හා නොයෙකුත් ලක්ෂණ ආදිය ඇතුලත් කර සකස් කරන ලද ප්‍රතිදීප්ත රැකියා ඉල්ලුම් පත්‍රයක් දැක බලා ගැනීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවේ.පැහැදිලි සහ කියවීමට පහසු කළු වර්ණයෙන් අක්ෂර වර්ගයක් භාවිතා කරන්න. ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය කියවීමට අපහසු කරන යම් කිසි දෙයක් ඇත්නම් එය කියවීමෙන් බැහැරවීමට ඇති අවස්ථාව බහුලය.

    8.පෞද්ගලික තොරතුරු
    ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසීමේ ලිපිනයන්, ඔබගේ ජයාරූප ඇති ජාලයන් වල ලිපිනයන් , හෝ අමුතු ආකාරයට සැකසු විද්‍යුත් තැපැල් ලිපිනයන් ආදිය ඇතුලත් කිරීමෙන් වැළකිය යුතුය[email protected] හා [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයන් අතරින් [email protected] යන විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්වීමට සේවායෝජකයින් මදක් පසුබටවේ. :oo:

    9.ඍණාත්මකභාවය
    ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ ඍණාත්මක දේවල් ඇතුලත් කිරීමෙන් වලකින්න.සේවය අතහැර යාමේ හේතුන් වැනිදේ ඇතුලත් කිරීමෙන් වලකින්න.ඔබ නියැලී සිටි තනතුරෙන් ඔබව නවත්වා හෝ නෙරපාහැර ඇත්නම් ඒ පිලිබදව විමසුවොත් පමණක් කරුණු දක්වන්න.කිසිවිට පෙර රැකියාවේ සේවායෝජකයා පිළිබද දොස් ඉදිරිපත් කිරීමෙන් වලකින්න.රැකියා ඉල්ලුම් පතක ඇති හිඩැසක් අවුරුදු 10ක් සිරගතව සිටියා කියා කිසිවිටකත් පැහැදිලි කිරීමට උත්සහ නොකළ යුතුය.නිතරම ඔබගේ රැකියා ඉල්ලුම් පත ධනාත්මකවම සකස් කරන්න. ;)

    10.සරල යම් දෙයක්
    ඔබ ආයතනයට සුදුසු ගැලපෙන පුද්ගලයකුදැයි නිගමනයකට එලබීමට සේවයෝජකයෝ උත්සහකරයි.එමනිසා රැකියා ඉල්ලුම් පතේ ඉදිරිපත් කරන සැම කරුණක්ම ඔබේ පළපුරුද්ද විදහාපාන අයුරින් ඉදිරිපත් කල යුතුය."මුල්‍ය ආයතනයක පුර්ණ කාලීන තනතුරක් ලබා ගැනීම සදහා" වැනි සාමාන්‍ය ප්‍රකාශනයකට වඩා ඔබ ලබා ඇති සුදුසුකම් වල සාරාංශයක්, ඔබ ලබා ඇති නිපුණත්වයන්, හා ඔබගේ පසුබිම වැනි දෑ කෙරෙහි සේවායෝජකයන් අවධානය යොමු කිරීමට පෙලබෙයි. :yes:

    සිංහල ජාතියට ජය වේවා !!!



    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගොඩක් වටිනව මචන්...
    11.gif

    ඒත් ඉතින් උඹටත් රෙප් දෙන්න නම් වෙන්නෙම නෑ...:baffled:
    TFS..!:yes:

    (You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,984
    11,719
    113
    ගොඩක් වටිනව මචන්...
    11.gif

    ඒත් ඉතින් උඹටත් රෙප් දෙන්න නම් වෙන්නෙම නෑ...:baffled:
    TFS..!:yes:

    (You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.)

    Heta diyan ehenan :rofl: