මචන් ඕක මෙහෙම ප්‍රශ්න අහල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
lineage OS/CyanogenMod හරි දාන එක ගැන හරි අවබෝධෙකින් දාන්න ඕනේ.
Cyanogenmod, LineageOS වගේ තව එක එක නම් වලින් තියෙන හැම එකක්ම උබේ දැන් තියෙන Android version එක වගේම තමයි.
Apps ගන්නේ playStore එකෙන් ම තමයි.
lineage OS හරි කලින් තිබ්බ CyanogenMod දාන එකේ ලොකුම වාසිය තමන්ගේ stock ROM එකට වඩා speed එක වැඩියි. ඒකට හේතුව මේ OS එන්නේ minimal apps ඒ කියන්නේ Google Play එක වත් install වෙන්නේ නැතුව. ඒ කියන්නේ Calendar, Calculator, Gmail, Maps, Youtube වගේ ගොඩක් apps නැතුව. Google apps එකක් වත් නෑ.
අපි ඒව වෙනම දාගන්න ඕනේ
http://opengapps.org/ එකට ගිහින් අපිට ගැලපෙන විදියේ package එකකින්.
මේක දානකන් Google Play යන්නත් බෑ.
තව එකක් තමයි මේවා ගොඩක් වෙලාවට stock ROM තරම් stable නෑ. Camera එක stock තිබ්බ තරම් quality නැති එක, camera flasher එකහරියට වැඩ කරන්නේ නැතුව යන එක, bluetooth issues, wifi issues, signal issues, ඉක්මනට battery බහින එක වගේ දේවල් සමහර වෙලාවට එන්නත් පුළුවන්. තව වැරදි විදිහට හරි incompatible ROM එකක් දැම්මොත් හරි. phone එක on නොවෙන්න, boot loop යන්නත් පුළුවන්.
custom ROM එකක් දාන්න හැම phone එකක්ම root කරන්න ඕනේ නෑ. හැබැයි custom ROM ගොඩක් වෙලාවට rooted එන්නේ.
පොඩ්ඩක් කියවල research එකක් දාල කරපන්.
මේක ගැන සම්පුර්ණයෙන් කියනවා නම් ලොකු කතාවක් අනිත් එක phone එකෙන් phone එකට වෙනස් වෙනවා. ඒ හින්ද උඩ කට්ටිය කියල තියෙනවා වගේ XDADevelopers එකට ගිහින් තමන්ගේ phone එකට අදාළ thread එකෙන් කරන දේ ගැන පොඩ්ඩක් හොයල බලල කරපන්