Cybertruck 🚐🚐

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,102
    8,105
    113
    M-Town
    Cybertruck එළිදැක්වීමේදී සිදු වුණු අනපේක්ෂිත සිදුවීම නිසා හැමෝම Elon Musk ට විහිළු කරනවා.
    Elon මේ truck එක හඳුන්වා දෙන්නේ සවිශක්තිය අතින් ඉහළ, වෙඩි නොවදින, ඊළඟ පරම්පරාවේ ට්‍රක් රථයක් විදිහට. නමුත් දරාගැනීමේ ශක්තිය පෙන්වන්න යකඩ බෝලයකින් දොර වීදුරු වලට එල්ල කරපු ප්‍රහාර දෙකකින් ඉදිරිපස සහ පසුපස දොර දෙකේම වීදුරු වල ඉරි තලා යනවා. "Oh my f**king God!", Elon ගේ කටින් පිට වුණු පිළිතුර එයයි.

    අපි අහලා තියෙනවා විදුලි බල්බය හොයාගන්න Edison වින්ද දුක.
    වැරදුණු වාර ගණන.
    ඒ හැම වැරැද්දකින්ම පාඩමක් කියලා දුන්නා, වරදින්න පුළුවන් ක්‍රම මොනවද කියලා.
    (The Current War ගැන පස්සේ දවසක කතා කරමු.)

    Elon Musk කියන්නේ සැබෑ ලෝකයේ Tony Stark.
    විශ්වවිද්‍යාලයක තවත් එක දේශකයෙක් වෙලා පසේබුදු පොසිලයක් නොවී හීන හඹාගෙන යන්න දැනුම සහ බුද්ධිය භාවිත කරන දක්ෂයෙක්.
    පොඩි කාලේ අපි හැමෝම දකින හීන, යථාර්ථයක් කරන්න මහන්සි වෙන අතිශූර මොළයක්.
    පර්යේෂණයක් හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්.
    පර්යේෂණය ක්‍රියාවට නැංවීමයි වැදගත්.

    Michael, KITT එක්ක දාන වැඩ ගැන අපි කට ඇරං බලන් හිටියා. (ඔව්, Michael කට කන ඒවත් කට ඇරං බලන් හිටියා)
    ස්වයංධාවක මෝටර් රථයක් කියන්නේ තව දුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. Elon ඒක හැබෑ කළා.
    දැන් කොළඹත් Elonගේ Tesla මෝටර් රථ ධාවනය වෙනවා.
    අපිට KITT ගැන තිබුණු තාක්ෂණික විස්ම රසය එන්න එන්නම අඩු වෙනවා.

    අඩි 35000 ක් ඉහළින් ගුවන්‍ යානයකින් ගමන් කරද්දී මෙතනිනුත් තව ටිකක් උඩට, ගගනගාමියෙක් නොවී, ticket එකක් අරගෙන ගිහින් බලන්න ඇත්නම් කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට නිකමට හරි හිතෙනවා.
    අඟහරු ලෝකෙන් එන ජීවින් ගැන ලියවුණු විද්‍යා ප්‍රබන්ධ නවකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට අපි රසවිඳිනවා.
    NASA ආයතනය Space Shuttle ක්‍රමය නවත්වනවා වියදම් වැඩි නිසා.
    මේ හැමදෙයක්ම දකින Elon නිර්මාණය කරනවා SpaceX ව්‍යාපෘතිය.
    ලාභදායි අභ්‍යවකාශ ගමන් සේවයක් වගේම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසය ආරම්භ කරන්නත් SpaceX මඟින් පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

    AirPods හඳුන්වා දුන් මුල් දවස්වල බොහෝ දෙනෙක් ඒවාට විහිළු කළා. ඒත් අද AirPods කියන්නේ iPhone එකකින් නිරූපණය කරන සමාජ ස්ථරයට එකතු වුණු තාක්ෂණික රසකාරකයක්.

    Cybertruck එකේත් අමුතු, සරල පෙනුම ගැන දැන් හිනාවෙනවා. වැරදි හදපු Cybertruck එකක් එළිදක්වන දවසට මිනිස්සු පෝලිම් ගැහේවි තමන්ගේ අත් දෙකෙනුත් ඒ සුක්කානම දරන්න.

    Elon ට හරියද්දී හැමෝම අත්පුඩි ගහන්නත්, Elonට වරදිද්දී හැමෝම හිනාවෙන්නත් හේතුව මනුස්ස වුණත් ඇතුළාන්තයෙන් තියෙන සත්ත්ව ස්වභාවය වෙන්න ඇති.

    Elon Musk තමන්ගේ හිතුවක්කාරකම සුබදායි පැත්තකට හරවනවා. "Impossible" කියන දේවල් "It's Possible" බවට පත් කරන්න ඔහු වෙහෙස මහන්සි වෙනවා.
    "Failure is an option here. If things are not failing, you are not innovating enough", පරාජය හිස නමා බාරගෙන, ඊළඟ වතාව සාර්ථක කරගන්න Elon යොමු වෙනවා.

    Cybertruck එකේ වීදුරුව කුඩු වුණ දිහා බලලා හිනා වෙන අය, Tesla car එකක් ළඟින් යද්දී ඒ දිහා හැරිලා බලලා හූල්ලනවා.

    - ෂෙනාල් ගුණසේකර -
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,345
    5,458
    113
    Oka une eta kalin oya wahanema test karann gihin glass eka weak wela. Anika hammer eken dorata gahaddi kampaneta glass eka poddak path wenawa. Ethakota glass eka frame eka wateta fix wela nathi nisa strength eka adui. Final version ekedi owa hadala ewai. Final version eke thawa wena wenaskam thamai steering wheel eka normal ekak enawa, Side mirrors 2th enawa
     
    • Like
    Reactions: chathura414

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Bump...කවුරුත් බලන් ඉන්නෙ තව කෙනෙක්ට වරදිනකල්..එහෙම මිනිස්සුන්ට වරදින්න දෙයක් වත් නෑ ඇත්තටම .
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Oka une eta kalin oya wahanema test karann gihin glass eka weak wela. Anika hammer eken dorata gahaddi kampaneta glass eka poddak path wenawa. Ethakota glass eka frame eka wateta fix wela nathi nisa strength eka adui. Final version ekedi owa hadala ewai. Final version eke thawa wena wenaskam thamai steering wheel eka normal ekak enawa, Side mirrors 2th enawa

    test කලාම glass එක week වෙනවනම්, ඊලග ෂොට් එකෙන් බිදෙනවානම්, unbreakable කියල වැඩක් නෑනේ මචා......
    කොහොම උනත් හොදට හදල එලියට දායි. අනිවා.....
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං එතන හිටපු අයට සිංහල තේරෙන්නෑනෙ. මේක සිංහලෙන් දැම්මෙ ? ඉංග්‍රීසියෙන් ලියල ඒකට ගිය අය ඉන්න තැනක දාන්න කියපං :eek:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    test කලාම glass එක week වෙනවනම්, ඊලග ෂොට් එකෙන් බිදෙනවානම්, unbreakable කියල වැඩක් නෑනේ මචා......
    කොහොම උනත් හොදට හදල එලියට දායි. අනිවා.....

    Oka machan military vehicle ekak nemei ne :yes: :yes:
    Oke purpose eka man hitana widiyata mokakhari podi impact ekak unoth damage nowenna
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Oka machan military vehicle ekak nemei ne :yes: :yes:
    Oke purpose eka man hitana widiyata mokakhari podi impact ekak unoth damage nowenna

    උබ මචං waterproof watch එකක් අරගෙන ඒකට වතුර ගියොත් military එකක් නෙමි කියල හිත හදාගන්නවද?.....
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Oka une eta kalin oya wahanema test karann gihin glass eka weak wela. Anika hammer eken dorata gahaddi kampaneta glass eka poddak path wenawa. Ethakota glass eka frame eka wateta fix wela nathi nisa strength eka adui. Final version ekedi owa hadala ewai. Final version eke thawa wena wenaskam thamai steering wheel eka normal ekak enawa, Side mirrors 2th enawa

    ehenan kohomada ban unbreakable kiyanne.dorata parak gahala glass ekata deparak gahaddi kudune :lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,736
    5,699
    113
    ඉලෝන් කාරයි මේ දවස් වල ඇදන් නානවා. ඔය මිනිහගේ හතර වෙනි වාහනේ හදලා එලියට දෙන්න තියන. කටින් බතල හිටවන්න හොදයි මිනිහා. හැම දෙයකටම අමුතු නමක් දාන්න ගිහින් කෙල කර ගත්තේ ඔය. ආමර් ගේඩ් ගාල්ස් එකක් නෙමේ. Top gear ඒකත් එක්ක දාගත්ත කොක්ක ගැන ගිය අවුරුද්දේ grand tour එකේදි කිව්වානේ. පස්සේ අර තායිලන්නතේ ගුහාව කේස් එකේදිත් නෑවා හොදට. හයිපලූප් කියලා පටන් ගත්තා 1800 ගනන් වල ඉදන් fail කන්සෙප්ට් එකක් ආපහු. Specex එක දැනට බඩු යවනවා. ඒත් දැනට අවුරුදු හතරක් ප්‍රමාදයි මිනිස්සු සහිත යානා. දැන් අර ලොකු එක හදනවා හදට යන්න කියලා. ටෙස්ලා තාම ලාබ ලබන ආයතනයක් නෙමේ. හැබයි තාම Toyota ev වලට බැස්සේය නැහැ. VW පටන් අරන් තියනවා. ඒවා එන්න ගත්තම ටෙස්ලා වලට ඉතුරු වෙන්නේ auto pilot විතරයි. හැබයි Volvo ඒ ගොල්ලන්ගේ එක එලියට දැන් මම ඒකත් ඉවරයි. මොකද Volvo එක සාමන්‍යයෙන් යුරෝපෙ හැම manufacturers ලම ගනී standard එක විදිහට. VW ලගේ changing station එක්ක.