D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    මේ ඉන්නේ නිෂාන් ප්‍රබෝධන. තංගල්ලේ පදිංචි අවුරුදු 16 ක මල්ලි කෙනෙක්. ඒ මල්ලි අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මැදමුලන D.A.Rajapaksa විද්‍යාලයේ. අද ඒ මල්ලි Facebook Live එකක් යනවා. ඒ ඔහු O/L Admission ගන්න ගිය වෙලාවේ.

    මීට එහා දේවල් ටික ලියන්න කලින් කියන්න ඕන අපේ අම්මත් ගුරුවරියක්. (නැත්තන් මේ ගුරුවරු එක්ක ඇරියස් එකට ලියනවා කියයි)

    මේ වීඩියෝ එක බලපු නැති කට්ටිය මුලින් ඒක බලලා හිටියා නම් වටිනවා :




    ඉස්කෝලේ වුනහම විනයක් තියෙන්න ඕන. ඒක ඇත්ත. අපිට පිලිවලට ඉන්න උගන්වන්නේ එතනින්. හැබැයි ඒ විනය කවදාවත් ළමයෙක්ගේ ඉරණම තීරණය කරන තැනට පත්වෙනවා නම් ඒක කණගාටුවට කරුණක්.

    D.A Rajapaksa විද්‍යාලයේ ඉගෙනුම ලබපු මේ සිසුවාට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දීලා නැහැ. එකට හේතුව විනය. කොල්ලා නම් කියන්නේ වරක් ඉස්කෝලේ රැස්වීමේදී එම විද්‍යාලයේ විදුහල්පති විසින් මේ කොල්ලගේ කොණ්ඩය තැනින් තැන කපපු නිසා මේ කොල්ලට සිද්ද වෙලා තියනවා කොන්දේ සම්පුර්ණයෙන්ම ගහලා දාන්න. පස්සේ ඒක හේතුවක් කරගෙන තමයි කොල්ලට ඉස්කෝලේ එන්න දීලා නැත්තේ.

    ඊට අමතරව 11 වසරට අදාළ අච්චුපොත් ටික මේ ළමයට ලබාදීම ගුරුවරු ප්‍රතික්ෂේප කරලා තියනවා. පසුව පොලීසිය හරහා ගිහින් තමයි අච්චු පුත් ටික ගන්න වෙලා තියෙන්නේ.

    ඒ ඔක්කොම කමක් නැහැ කියමුකෝ, මේ කොල්ලා දිගින් දිගටම තමන්ට ඉස්කෝලෙන් අසාදරණය වෙන නිසා අස්වීමේ සහතිකය ඉල්ලලා තියනවා වෙන ඉස්කෝලෙකට යන්න. ඒකත් විදුහල්පති ප්‍රතික්ෂේප කරලා තියනවා.

    මේ වීඩියෝ එක බලන ඕන කොල්ලෙක්ගේ ඇස් වලට කඳුළු එනවා. මොකද පෞද්ගලිකව අපි හැමෝම දන්නවා අපේ පන්ති වලත් මේ වගේ අසාදාරණ වුනා. අපිත් එක්ක හිටපු ගොඩක් කොල්ලන්ට අවුරුද්දක පන්ති තහනමක් දැම්මේ නැති වුනත්, අච්චු පොත් නොදී ප්‍රතික්ෂේප කිරීම, පන්තියෙන් කොන් කිරීම, ඉගෙන ගන්න වෙලාවට පාසැල් වත්ත සුද්ද කිරීමට යැවීම වගේ දෙවල් සුලභව වුනා. මේකෙන් වුනේ පාසැල විසින්ම සමහර ළමයින්ව "ඉගෙන ගන්නේ නැති ළමයින් ගොඩට" තල්ලු කරලා දැම්ම එක.

    මේ කොල්ලා ෆෝන් එකක් ඉස්කෝලෙට අරන් ගිය එක ගැන මිනිස්සුට තර්ක කරන්න පුළුවන්. මන් හිතන්නේ ඔහුට වුන අසාදරණය රටටම පෙන්නන ඔහු මේ ෆෝන් එක අරන් ගිහින් ලයිව් දුන්න එකට මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්. ඇත්තම කිව්වොත්, මේක ලියන මටවත් එච්චර කොන්දක් ඒ කාලේ තිබ්බේ නැහැ. විදුහපති, ගුරුවරු කොච්චර අසාදාරණ කලත් අපිත් එව්වට බය වෙලා හිටියා.

    අනික් ලොකුම හේතුව මේ ළමයා කියනවා වගේ, අපේ දෙමව්පියෝ. ගොඩක් වෙලාවට දෙමව්පියින් පවා ළමයාගේ පැත්තෙන් ප්‍රශ්න බැලුවේ නැහැ. හැමදාම හිටගත්තේ ගුරුවරුන්ගේ පැත්තේ. මේ ළමයාගේ තාත්තත් ලැජ්ජා වෙනවා "වරෙන් ගෙදර යමු, ෆෝන් එක ඕෆ් කරහන්, උඹ අපේ නම්බුව කනවා, ලැජ්ජ කරන්න එපා" කියාගෙන. හැබැයි පුතාට වෙලා තියන අසාදරණය ගැන කතා කරන්න තාත්තට මේ මොහොතේ වත් ඇස් ඇරෙන්නේ නැති එකට දුකයි.

    මන් හිතන්නේ Ministry of Education, Sri Lanka මේ ගැන කඩිනමින් හොයලා බලන්න වෙනවා. මෙයාලත් මෙව්වට වග කියන්න ඕන. දෙන පඩිය අරගෙන පුටුව රත් කරගෙන ඉන්නවා මිසක්, පාසල් system එක ඇතුලේ වෙන දේවල් හරියට හොයලා බැලුවා නම් මේ වගේ අසාදාරණ සිදුවෙන්නේ නැහැ.

    ඒ අස්සේ ගුරුවරයෙක් අහනවා "දැන් අපි මොකක්ද මේකට කරන්න ඕන?" කියලා
    අවුරුද්දක් නැති වුන ඒ ළමයාගේ අධ්යපානයට මොකද වෙන්නේ?
    23 වෙනිදා ඔහු සාමාන්‍ය පෙළ විභාගයට ගිහින් ලියන්නේ මොකක්ද?
    ටියුෂන් පන්තියක ළමයෙක් කොන්ඩේ පීරන්නේ නැතිව ආවොත් ඒ ළමයින්වත් එළවනවද? නැත්තන් මුදල් ලැබෙන නිසා ඒක අවුලක් නැද්ද?
    මේ ළමයාගේ අහිමුවු කාලයට ලබාදෙන වන්දිය කුමක්ද?
    මේ ළමයට වුන අසාදරනයත් එක්ක සාමාන්‍ය පෙළ සමත් වෙන්න බැරි වුනොත්, ඔහුගේ අනාගතයට වග කියන්නේ කවුද?
    මේ ළමයා තමන්ගේ ළමයෙක් නම් මේ විදිහටම සලකනවද?

    මල්ලි,
    උඹලා වගේ උන් මේ සමාජෙට එන එක ගැන පට්ට ආඩම්බරයි. දෙවන පෙළ පරම්පරාවක් හැදුනොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. අසාදාරණයක් වුනොත් ඒකට එරහිව පෙනී ඉන්න දෙපාරක් හිතන්න එපා. මේ රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ අපි හැමදේම කට වහගෙන බලන් හිටපු නිසා. දැන්වත් නැගිටිමු.!

    සටහන : Hamza Haniffa
    FB_IMG_1652968492104.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනිවාර්යෙන්ම කොල්ලා නාහෙට අහන්නේ නැති එකෙක් වෙන්න ඇති හැබැයි ගුරුවරු දඩුවම් කරන්න ඕන දරුවෝ යහමගට ගන්න චේතනාවෙන් මිසක් දරුවන්ගෙන් පළිගැණීමේ චේතනාවෙන් නෙවෙයි ඒත් මෙතන බොහොම පැහැදිලියි මේ ළමයාගෙන් පළි අරන් තියෙනවා කියලා මොකද දරුවෙකුට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නේ නෑ කියන්නේ හිරේ යන්න විතරක් නෙවෙයි දරුවට ලොකු වන්දියක් දෙන්න වෙන කේස් එකක් වෙන රටක උනානම්. මේ ළමයගේ දෙමව්පියෝ මෙච්චර දවසක් මේකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ මොකද කියලා වෙනම හොයන්න වෙනවා. මේ කොල්ලගේ අතෙත් වැරදි ඇති හැබැයි දරුවෝ කියන්නේ දරුවෝ.
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මම දන්න හොදටම ඉගෙන ගත්තු කව්රුත් ගුරුවරුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින් නෑ. පොඩි කාලෙම අපිට ඉගැන්නුවෙ "ගුරු සිත නොරිදවා-වේලාව නොවරදවා..." කවිය.

    අව්රුද්දක්ම ඉස්කෝලෙ තහනම් කරල තිබුණ නන් ඒකත් වැරදියි. අව්රුද්දක් යනකන් දෙමව්පියො මේ ළමය ගැන හෙව් වෙ නැත්තෙ ඇයි?
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මම දන්න හොදටම ඉගෙන ගත්තු කව්රුත් ගුරුවරුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින් නෑ. පොඩි කාලෙම අපිට ඉගැන්නුවෙ "ගුරු සිත නොරිදවා-වේලාව නොවරදවා..." කවිය.

    අව්රුද්දක්ම ඉස්කෝලෙ තහනම් කරල තිබුණ නන් ඒකත් වැරදියි. අව්රුද්දක් යනකන් දෙමව්පියො මේ ළමය ගැන හෙව් වෙ නැත්තෙ ඇයි?
    එක එක ලමයට, එක එක හැදි වලින් බෙදන ගුරුවරු අපේ කාලෙත් හිටියනේ බන්.
    වැරදි ඇති, එත් මෙහෙම කරන්න පුලුවන්ද ඉතින්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං ගියෙත් ලංකාවේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට.. අපේ තාත්තා කම්කරු.. හැබැයි මට කවදාවත් ඉස්කෝලෙන් වෙනස්කම් වෙලා නෑ.. කොන්ඩේ රැවුල ගානට කපල ඉස්කෝලේ ගියා.. ඉගෙනගත්ත.. සෙල්ලම් කරා.. ගෙදර ආවා. AL කාලේ ඉස්කෝලේ seen එකක් ගිහින් පිනාට ත් talk කරා..හැබැයි ඔහොම ප්‍රශ්න අපිට ආවේ නෑ..

    මේ කොල්ලා නම් මහ නසරාණි එකෙක් අනිවාර්යෙන්.. උඹලට මතකද සේයා ඝාතනයට කොල්ලෙක් ඇල්ලුවා මුලින්ම.. පොලිසියෙන් කීවේ මූ මහ නසරාණි කාලකන්නියෙක් කියලා.. හැබැයි fb එකේ කට්ටිය හෑලි ලිව්වා,ගුරු සංගම් පෙනී හිටියා, කවි ගී ලිව්වා.. ඊට මාසෙකට පස්සේ ඌ කුඩුත් එක්ක මාට්ටු උනා තාම හිරේ.. ඌව අපි ළඟින් දන්න නිසා දන්නවා කළොත් කරේ කැරි වැඩමයි..

    මෙතන ඉස්කෝලේ පැත්තේ වැරද්දක් තියෙනවා අනිවාර්යෙන්ම.. මුගෙන් පලිගන්න එක වැරදියි.. හැබැයි එහෙමයි කියලා මූට හෑලි ලියන්නත් එපා බන්..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මම දන්න හොදටම ඉගෙන ගත්තු කව්රුත් ගුරුවරුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින් නෑ. පොඩි කාලෙම අපිට ඉගැන්නුවෙ "ගුරු සිත නොරිදවා-වේලාව නොවරදවා..." කවිය.

    අව්රුද්දක්ම ඉස්කෝලෙ තහනම් කරල තිබුණ නන් ඒකත් වැරදියි. අව්රුද්දක් යනකන් දෙමව්පියො මේ ළමය ගැන හෙව් වෙ නැත්තෙ ඇයි?
    ගුරුවරු කියලත් හැමෝම හොද නෑ බං. මෙලෝරහක් නැති ගොබ්බ බේසිකයො ඉන්නවා ඕන තරං. ගරු කරන්න ඕන එකාට විතරක් ගරු කරන්න ඕන අනිත් පකයලට ගරු කරන්න ඕනෙ නෑ. ගුරුවරු නං උන්ට ගරු කරන්න ඕන උන් මොන බලු වැඩේ කරත් කට පියන් එන්න ඕන එකට එක කරන්න හොදනෑ, සිවුරක් දාගෙන ඉන්නවනං ඌ මොන බලු වැඩක් කරත් උට මුකුත් කියන්න හොදනෑ පව් සිද්ධ වෙනවා කියලා ගොබ්බයො කරේ තියාගෙන ගිහිං තමා මේ රටට මෙහෙම හැමනිලා තියෙන්නෙ.

    අනික කොන්ඩෙන් රැවුලෙන් කලිසමේ ෆෝල්ට් එකෙන්ද බං විනය හදන්නෙ? එහෙම හරකුන්ට වගේ ගහලා ගොබ්බ විනය හදලා තමා කාලකණ්නි හැදිලා තියෙන්නෙ ලංකාවෙ.වේවැලට දඩුවමට බයේ ඉන්නවා මිසක් ඇත්තට හැදිච්ච පකක් නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විනය, සමානාත්මතාව දන්නේ නැති මීහරක් ලංකාවේ ඉන්නේ.. Phone ගේන්න එපා කියන්නෙ, කොන්ඩේ කපන්න කියන්නෙ එ සමානාත්මතාවය පවත්වා ගන්න.. වෙන කරන්න රස්සාවක්‌ නැතුව පිනට ගුරුවරු උන එවුන් ඒකවත් දන්න බෙසිකයෝ නෙවේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,830
    113
    ගුරු විනය ගැන නම් කුමන කතා ද? සෙට් වුණ ගමන් ඇරගන්නවා sex, money, jealous ඇරියස්.

    අපේ පන්තියේ හිටපු ළමයෙකුට ඇටෙන්ඩන්ස් අඩුයි කියලා, AL ලියන්න admission දුන්නේ නෑ.....හේතුව උගේ ටියුශන් එකට ගිහිල්ලා පන්ති නැවැත්වීම. ඔහොම කැරියන්ට කෙලින්ම එළොව යවන්ඩ ඕනේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උඹලට මතකද සේයා ඝාතනයට කොල්ලෙක් ඇල්ලුවා මුලින්ම.. පොලිසියෙන් කීවේ මූ මහ නසරාණි කාලකන්නියෙක් කියලා.. හැබැයි fb එකේ කට්ටිය හෑලි ලිව්වා,ගුරු සංගම් පෙනී හිටියා, කවි ගී ලිව්වා
    PC එකේ තිබිලා වැල් වගයක් රිකවර් කරගෙන ඇල්ලුව කොල්ලද ඒ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    PC එකේ තිබිලා වැල් වගයක් රිකවර් කරගෙන ඇල්ලුව කොල්ලද ඒ
    ඔව් ඔව් ඌ තමා.. උගේ අම්මත් ඌව මාර විදිහට සුද්ද කරේ එ දවස්වල 😂