සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.
ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.
එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.
ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.
පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.
තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.
එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.

Last edited:

personal experience