Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.

migaraDe

Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.


    මේ වෙනකොට එක එක company වලින් Data SIM දෙනවනේ පස්සෙන් පන්න පන්නා.
    සමහරු සල්ලිත් එපා නිකන් අරන්න යන්න කියලත් දෙනවා.



    මන් කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.

    උදාහරණ්යක් විදිහට ගමුකෝ, 6GB package එකක් කියලා.
    මාසේ පටන් ගන්නකොට අපි දන්නව දැන් අපිට 6GB තියනව කියලා. ඕක use කරගෙන යනකොට සමහරු limit පැනපු ගමන් slow කරනවා, සමහරු additional charge කරනවා.
    උඹලට කවදා හරි හිතුනද මුන් අපි use කරන ප්රමණය හරියටම measure කරනවද කියලා. උන්ට ඔනෙනම් පුලුවන් අපි use කරපු ගානට වඩා වැඩිපුර calculate කරන්න.

    මගේ බැචාලා ඉන්නවා mobile core network එකේ වැඩ කරන, උන්ගෙන් මන් දැනගත්ත සමහරු 21Mbps දෙනවා කියලා කීවට උන් config කරලා තියෙන්නෙම 19Mbps වගේ ගානකට.
    මොකක්දcompany 1 කියලා අහන්න එපා. මොකද හොදටම signal තියන වේලාවක උනත් අපි හිතන්නේ network busy නිසා නැත්නම් signal අඩු නිසා speed එක ටිකක් අඩු අති කියලනේ.

    දැන් මන් කියන්නේ මගේ experience එකක්. මේක වෙලා දැ න් අව්රුදු 3 විතර ඇති, මන් uni ඉන්න දවස් වල, ඒ දවස් වල ඉතින් රුපියලක් හරි අඩුවට තියන package එකක්නේ හොයන්නේ.
    අපේ set එකම ගත්තා Etisat web paatashala කියන එක.
    Etisalat වල තියන facility එකක් තමයි mypage කියන්නේ, එකෙන් අපිට පුලුවන් අපේ current usage එක බලාගන්න.

    මන් ඔක නිතර්ම monitor කරා, එතකොට දැකපු දෙයක් තමයි, එකේ data අඩු උනේ මන් use කරන ගානට නෙවෙයි. Clicks ගානට. හරි තව ටිකක් විස්තර කරන්නම්කො.

    අපි මොකක් හරි web page 1ක් ගත්තාම එකෙන් එකට size එක වෙනස් වෙනවනේ. සමහර බොහොම පොඩි size එකක් තියෙන්නේ, 100යි 200යි. සමහර ඒව ටිකක් ලොකුයි.
    හැබැයි page එක කොච්චර පොඩි උනත් අනිවා 1MB අඩු වෙනවා.
    මේක යකාගේ එකක්නේ කියලා මන් අපේ අනිත් උන්ටත් කියලා උන්ටත් බලන්න කීවා. වැඩේ එලෙසම වෙනවා.
    ඒ කියන්නේ අපි 100ක් කරොත් අනිවා 100MBක් අඩු වෙනවා.

    පස්සේ අපි customer care කතා කරල gama ඉල්ලුවා, එ උනාට වැඩක් උනේ නෑ. එකෙක් කියපු කතාවක් තමයි, usage 1 උන්ගෙ sserver 1ත් එක්ක synchronise නැතිලු,
    අපේ PC එකේ calculate කරලා දෙන එකක්ලු, එත් ඒ dongle එකම තව PC එකකට ගහලා බැලුවාමත් kalin PC එකේදි පෙන්නපු figuresම පෙන්නනවා.
    ඒ කියන්නේ ඒ figures local PC 1න් calculate කරලා නෙවෙයි පෙන්නනේ
    පස්සේ අපි ඒ SIM use කරන එක නැවැත්තුවා. ඊට පස්සේ මන් etisalat use කරේම නෑ. ඔය seen එක තාම තියනවද නම් දන්නේ නෑ මම.

    Etisalat use කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් බලපල්ලා උඹලටත් ඔය වැඩේ වෙනවද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එටිසලාට් මොකට පාවිච්චි කරනවද බන්z. වෙන ඉන්ටනෙට් ගන්න තැනක් නැතුවටද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama nam dialog 99 card ekak dala dan masa 6k thisse wage use karanawa


    එම් බී 550ක් මාස හයක් තිස්සෙ ? :O
    මං වැඩිම පාවිච්චි කල්ල තියෙන්නෙ දවස් නමයයි..
    උඹ මාර පොරක්නෙ බං..
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    එම් බී 550ක් මාස හයක් තිස්සෙ ? :O
    මං වැඩිම පාවිච්චි කල්ල තියෙන්නෙ දවස් නමයයි..
    උඹ මාර පොරක්නෙ බං..

    මට දවසට 500ක් අවම යනව බන් :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    40GB+ downloaded
    මට දවසට 500ක් අවම යනව බන්


    මං හිතුව මාස ගානක් තිස්සෙ පන්සීයෙන් යැපෙනව කියල.. :D
    මං පාවිච්චි කරන්නෙ හුලංටෙල් එක..
    95ට 563ක් විතර දෙනව..
    පොඩි වෙනසයිනෙ..

    ගත්තු දවස් වල දවසට එම් බී 200කින් නවත්තගන්නත් සුපිරි කට්ටක් කෑව..

    මුලින්ම නෙට් ලිමිටර් කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාගනිං..
    ෆ්‍රී දෙන වර්ශන් එක ඇති..

    කොම නිකං තියෙද්දිත් ෆ්ලෑශ් ප්ලේයර් අරව මේව අප්ඩේට් ගන්නව හිටු කියල..
    ඒකෙන් තමා වැඩිපුරම ඩේට අහක යන්නෙ..
    නෙට් ලිමිටර් එකෙන් නෙට් පාවිච්චි කරන සේරම සොෆ්ට්වෙයාස් සහ ඒවගෙන් ඩේට බාන දෙන වේගෙ පෙන්නනව..
    ඒවගෙන් අනවශ්‍යය ඒව සිලෙක්ට් කල්ල අප් ඩව්න් ස්පීඩ් 0 කලාම ඒවට කරගන්න දෙයක් නෑ..

    ඊට පස්සෙ පාවිච්චි කරන කනෙක්ශන් එක සිලෙක්ට් කල්ල ඒකෙත් වේගෙ අඩු කරපං..
    :)
    මම 10kBps වලට ලිමිට් කරල තියෙන්නෙ... (80kbps හොඳේ)

    වෙබ් බ්‍රොව්සරේ සෙටින්ග්ස් වල බලපං පේජ් වල කන්ටෙන්ට් එක බ්ලොක් කලෑකි..
    ගූගල් ක්‍රොමේ නම් සෙටින්ග්ස් වල show advanced settings > Privacy > Content Settings වලිං..
    ඒකෙන් ගිහිං ඉමේජස්, ජාව ස්ක්‍රිප්ට්ස්, ප්ලගින්ස් මේ තුනම බ්ලොක් කරපං..
    ජාව ස්ක්‍රිප්ට් ලෝඩ් වෙන්න පට්ට ඩේට තොගයක් යනව..
    ජාව ස්ක්‍රිප්ට් බ්ලොක් කලාම ටූජී වලින් වුනත් අවුලක් නැතුව නෙට් ආවෑකි..

    ජාව ස්ක්‍රිප්ට්, ඉමේජස්, ප්ලගින් ඕනෙම සයිට් එකක් තියෙනවනං, සයිට් එක ලෝඩ් වුනාට පස්සෙ ෆැවිකොන් එක උඩ ක්ලික් කල්ල ඒකට විතරක් එනේබල් කරගත්තෑකි..

    ඔහොම තමා ඉතිං ඩේට කලමනා කරනය කරන්නෙ.. :)
    දැන් නං යංතං 95හේ පැකේජ් එක දාපුවාම දවස් පහකට වඩා පාවිච්චි කරනව..

    ඒ අස්සෙ ශේප් එකේ ඕනෙ කරන ඒව ගූගල් ඩ්‍රයිව් වලට අප්ලෝඩ් හිටං කරනව..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mun okkogema signal cha ban. mobitel gena kata karala wedak ne. dialog tikak hodai. anik ewa gena danne ne.
    usage1 gena wediya hoyala ne ban. :( mase iwara wenna lanweddi aniwa mage limit 1 paninawa