Decentralized Sri Lanka

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපි හැමෝම දන්නව ගොඩක් රටවල් වලට සමාජ වලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ බලය කෙන්ද්‍රීය වීම මත්තෙ. අපිට පුවවන් බලය කෙන්ද්‍රීය නොවුන රටක් කෙරෙන ක්‍රමයක් හදන්න.

    දැන් තියන පරිගණක, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණයත් එක්ක අපිට බොහොම පහසුවෙන් මේ සදහා යෙදවුමක් හදන්න පුවවන්. කට්ටිය කැමති නම් අපි ආදර්ශ යෙදවුමක් හදමු. අපි හදන එකෙන් රටක් කෙරේද නැද්ද කියන එක අදාල නෑ. උත්සහයක් ගමුද ? යෙදවුම හැදිල්ල නොවෙන්න පුළුවන්. ඒත් තවත් කෙනෙක්ගෙ උත්සහයකට අවශ්‍ය අදහසක් හරි ගන්න පුළුවන් වේවි. කෝම උනත් අපි කරන උත්සහය මුල් පියවර වේවි. අනාගතයේ ලෝකය පාලනය වෙන්නෙ බලය කේන්ද්‍රිය නොවුන ක්‍රමයකින්. ඒක 1000% ක් ෂුවර්.

    ඕපන් සෝස් විදියට ගිට්හබ් එකේ පබ්ලික් රෙපොසිටරි එකක කට්ටියම එකතුවෙලා ඩිවෙලොප් කරමු. රටක් දුවන සිස්ටම් එකක් කෙනකුට තනියම හදන්න බැහැ. ගොඩක් ලොකුයි.

    කිරියෙ අයිටී ගයිස්ලා ඉන්න එකේ, ඉස්සරත් කොයි ප්‍රශ්ණය පටන්ගත්තෙත් විසදුම් ආවෙත් කිරියෙන් වෙද්දි අපිට අදටත්, පුළුවන් කිරිය මේකට මුලීක අඩිය තිබ්බ තැන කරන්න.

    වැඩේි පටන් ගන්න කලින් මේකට රාමුවක් හදා ගමු. කට්ටිය ගෙ උනන්දුව සහ අවධානය ලැබීමේ තත්වය මත මේ ප්රොජෙක්ට් එකට මගේ මහන්සිය යෙදවීම තීරණය කරමු. වැඩේට කැමති කට්ටියට අදහස් දාන්නත් ඉදිරියේදී යම් ආකාරයකින් හෝ සහයෝගය දෙන්න කැමති නම් යමක් කියාගෙන යන්න.
    Bump
     
    • Like
    Reactions: wpmanoj

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    විකාර කරන් නැතුව ඉදපල්ලා . මේක හැදෙන රටක්නම් හැදිලා , කොටින්ම අපිට වඩා ලෙල්ල කුජීත උන බොක්ක දොට්ට පැන්න අපි එක්ක නිදහස ගත්ත රටවල් අපිට වඩා දියුණුයි. මේක සදාකාලික මෙහෙම තමා පේනවනේ සෙට් එකක් එලියේ බෙරිහන් දෙනවා අරගලයක් පාලකයෝ වගේ වගක් නෑ ඇති හැකි උන් කාල බිලා තව හම්බකරනවා නැති උන් නැතිවෙලාම යනවා මෙච්චර හරියක් වෙලත් රටේ නීතිය හැදෙන් නෑ කොටින්ම තම තමන් හැදිලත් නෑ ටොපි කොලෙත් කානුවට දානව වෛරකරනව කුහකකම් කරනවා කකුලෙන් අදිනවා කේලම් කියනවා මනස්ගාත හද තරු යක්කු තොවිල් ආගම් අස්සේ හිර වෙලා ඒවා පාරම්භාමින් සුද්දගේ වික්ටෝරියන් නීතිය ඔලුව උඩ තියන් ජීවත් වෙනවා කිසිම සංයමක් නෑ හැදියාවක් චාරයක් නෑ පිරිසිදුකමක් නෑ නිසි අද්යාපනයක් නෑ විචාර බුද්ධියක් නෑ කම්මැලීකම සහනාධාර වහල්කමේ යනවා ඕම ලියන්න පුලුවන් වැලක් . ජිට් හබ් රෙපෝ එකක් ගැහුවොත් එකත් ටික කාලෙකින් කුනු කෝඩ් පුරවල මර්ජ් කරයි කෝඩ් උස්සයි කාගේ හරි හොද කොඩ් එකක් අනල දායි කොටින්ම ආඩි හතකගේ කැද හැලියක් වගේ වෙනවා
    මේක ඇත්ත
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,637
    6,392
    113
    අනිවා මං කැමතියි වැඩේට.. Gh community එකකුත් තියෙනවා
    https://github.com/orgs/Elakiri-Community
    මේකේ කරමු.. ඔයාට repo එකට admin access දෙන්නම් මම..
    අනිවාර්යෙන්. මුලින් වැඩේ පටන් ගන්න ස්ටාටින් පොයින්ට් එකක් බලමු.

    ක්ලැරිෆයි කරගන්න අහන්නෙ. මොකක්ද යෙදවුමට අදාළ වපසරිය? මොනවද ඩිවලොප් කරන්නෙ?

    මට ඕව කියවද්දි ගොඩක් දේවල් ඔලුවට එනව. ඔයා නිශ්චිතව අදහස් කරන්නෙ මොනවගේ දේවල්ද?

    පලි: මට රිප්ලයි වලින් යම් අදහසක් ආව වගේ.


    මේව කරන්න නම් දැනට අදාළ ක්ෂේත්‍රවල වැඩ කරන උන් එක්ක කතා කරන්න ඉන්ටර්ෆේස් එකක් හදාගන්න ඕනෙ නේද මුලින්ම. අපි අපේ එක්ස්පර්ටීස් එකෙන් පරිබාහිර ගැටලු වලට දෙන විසඳුම් බොහෝවිට ප්‍රයෝජන රහිතයි හෝ ගැටලුසහගතයි.

    මුලින්ම අදහස් එකිනෙක පිට් කරවන්න විකි එකක් (හෝ ඒ ජාතියෙ යමක්) හදනවනම් හොඳ නැද්ද. Github වලම උනත් මේ සංකල්පීය කාරණා ඩොක්‍යුමන්ට් කරන්න පුලුවන්, ඒත් පරිශීලකයො අඩු වේවි.
    යෙදවුමේ වපසරිය විදියට මම හිතන්නෙ මිනිස් සමාජයට ඔපරේටින්ග් සිස්ටම් එකක්.
    අපි ඩිවෙලොප් කරන්න ඕන දැන් තියන ආණ්ඩු ක්‍රමයෙ දුර්වලතා වලට විසදුම් ලැබෙන යමක්. තොරතුරු තාක්ෂණය එක්ක මේක පහසුවෙන් කරන්න පුළුවන්. දැන් ඇවිත් තියෙන්නෙ නීතිය කොලයක ලියල අවුරුදු ගානක් පල් කරන කාලයක් නෙවේ. සමහර නීතී වේගයෙන් වෙනස් වෙන්න ඕන වගේම පාලකයාගෙ තීරණ බොහොම වේගවත් වෙන්න ඕන කාලයක්.

    එලකිරිය කියන්නෙ හැම ක්ෂේස්ත්‍රයකම එවුන් රැස්වෙන තැනක්. දොස්තරල ඉන්ජො, ලෝයර්ලා රස්තියාදු කාරයො දේශපාලකයො කුලී කාරයො හැම එකාම ඉන්නවා. මෙතනින් සුළුවට පටන් අරන් යම් ප්‍රගතියක් ගත්තොත් ලැබෙන ප්‍රසිද්ධිය එක්ක රියල් ස්ටාර්ස්ලා ගෙන්න ගන්න පුළුවන් වේවි. ලොකුවට හැදෙනකොට ලොකු මිනිස්සු ඕන උනාට පුංචියට අදහසක් රෝපනය කරන්න ලොකු මිනිස්සුම ඕන වෙන එකක් නෑ.

    ලැබුන හොදම අදහස තමයි මේක. යමක් හදන්න කලින් අපි රාමුවක් හදා ගන්න ඕන. අපේ අදහස් පිච් කරන්න. එතනින් හොදම අදහස් වලින් සුළුවට පටන් ගමු.