Deep Web එක හැදුනු හැටි

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Deep Web එක හැදුනු හැටි

    මේ ලිපිය කියවීමට කලින් කලින් දාපු එක කියවලා එන්න :)

    m2m_logo.png

    අන්තර්ජාලය ලෝකෙට හදුන්වාදීපු දවස්වල මේ Deep Web කියල එකක් කොහෙවත් තිබ්බෙ නෑ.අපිට ඕනිම සයිට් එකකට යන්න පුලුවන්.ඕනි කෙනෙක් එක්ක තොරතුරු හුවමාරු කරගන්න පුලුවන්.එත් වැඩි කාලයක් යන්න කලින් ගොඩක් මිනිස්සුන්ට ප්‍රශ්ණයක් ආවා තමන් අන්තර්ජාලයේ කරන දේවල් කොහේ හරි පටිගත වෙනවාද.? තමන් අන්තර්ජාලයේ කරන ක්‍රියාකාරකම් වලින් අපේ තෝරතුරු තවත් කෙනෙක්ට ගන්න පුලුවන්ද.?අන්තර්ජාලය 100%ක් අපේ පෞද්ගලිකත්වය සුරකිනවද.? කියල.1990වෙ ඇමරිකාවේ රජය තමයි මේක ලොකුම ගැටලුවක් විදියට දැක්කෙ.ඇමරිකා නාවික හමුධාවෙ සේවය කරපු ගණිතාඥයින් පිරිසක් (Naval Research Laboratory - NRL) මේකට විසදුමක් හොයාගන්නවා.මේක අලුත්ම තාක්ෂණයක් වගේ දෙයක්.මේ තාක්ෂණය හදුන්වන්න ඒ අය මේකට දාපු නම තමයි Onion Routing (අනියන් රව්ටිංග්)....
    "Can we build a system that allows for bi-directional commiunications over the internet where the source and destination cannot be determined by a mid-point.?"
    (ප්‍රභවය සහ කොරතුරු ලබාගන්නා අන්තය, අතරමැදි ස්ථානයකින් හසුකරගැනීමට නොහැකි විදියේ සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න ක්‍රමයක් නිර්මාණය කරන්න පුලුවන්ද.?) මේක තමයි ඇමරිකාවට ආව අනිත් ප්‍රශ්ණය.මේකට විසදුමක් විදියට හොයාගන්නවා ඒ තමයි Overlay Network එක හදුනවා දීම.Overlay Network කියන්නෙ සරලවම කිව්වොත් එක Network එකක් උඩින් තියන තවත් Network එකකටයි

    network-overlay.jpg

    - - - - -------------------------------------------------
    අපි සාමානයෙන් මේ භාවිතා කරන අන්තර්ජාලය 1-5%ත් අතර කියල මං කලින් පෝස්ට් වලත් කිව්වනේ.Deep Web එක තමයි 95-99%ත් සම්පූර්ණ අන්තර්ජාලයෙන් තියෙන්නෙ.Surf web එකේ Internet කියන වචනය, Deep Web යද්දි බලයලත් උදවිය හැදින්වුයේ Darknet කියලයි.Darknet එකට යන්න බෑ සාමාන්‍ය බ්‍රොව්සර් එකකින්.ඒකට ඕනි වෙනමම සොෆ්ට් එකක්.ඒ වගේම අපි බලන සයිට් එකට අපිටම වෙන්වුන අවසරයක්.ඒ කියන්නෙ ඇමරිකා රජය හදනවා සිස්ටම් එකක් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න බැරි, බලයලත් අයට විතරක් පාවිච්චි කරන්න පුලුවන් නෙට්වර්ක් එකක්.ඒත් බොහොම ඉක්මනින් NRL එකේ අයම හොයාගන්නව මේකේ තියන සීමාවන්.ඔවුන් සදහන් කරන්නෙ මෙහෙමයි "ඇමරිකා රජයට බෑ ලෝකේ ඉන්න හැමකෙනෙක්ගෙම දේවල් එහෙම හොයන්න.ඒ දේ ප්‍රායෝගික නෑ.අනික ඕනිම කෙනෙක්ට හිතෙන්න පුලුවන් තමන්ගෙ වෙබ් සයිට් එක දැන් ඇමරිකාවෙ රජයේ ආරක්ෂක අංශ හොරෙන් බලා ඉන්නව කියන එක.ඒක ලොකු ගැටලුවක්.ඒක නිසා මේ Onion Routing සිස්ටම් එක, ඇමරිකානු රජය විසින් සමාජගතකල යතුමයි"
    advor-layers.png

    - - - - -------------------------------------------------
    ඇත්තටම ඒක 100%ක් සාධාරණ හේතුවක්.ඒක නිසාම ඇමරිකා රජය Onion Routing සිස්ටම් එක සමාජගත කරනවා.මං කලින් කිව්වනේ Darknet කියල ඒ කාලෙ හදුන්වපු Deep Web එකට යන්නනම් විශේෂ සොෆ්ට්වෙයා එකක් ඕනි.NRL එකෙන්ම හදනවා බ්බ්‍රොව්සර් එකක් ඒ තමයි Tor.ඕනිම කෙනෙක්ට Tor බ්‍රොව්සර් එක හරහා Deep Web එකට යන්න පුලුවන්.Deep Web කියන්නෙ නීතිවිරෝදී තැනක් නෙමෙයි.අපි ඕනිම කෙනේට Deep Web එකේ එක එක දේවල් කරන්න පුලුවන්.හංගල තියන්න පුලුවන් (Deep Web ගැන සම්පූර්ණ විස්තරේ බලන්න මෙතනින් ).ඒත් හැමදේකම දෙපැත්තක් තියනවනේ.සමාජගත කලාට පස්සෙ වුනේ මොලේ නරක්වෙච්ච හැකර්ස්ලයි, එක එක විකෘති ආසාවන් තියන මිනිස්සුයි මේක තමන්ගේ කාලකන්නිකම් එළියට දාන්න පුලුවන් නිදහස් තැනක් කරගත්ත එකයි
    - - - - - ------------------------------------------------
    Dark Web එක කියන්නෙ Deep Web එක ඇතුලෙ තියන ප්‍රමාණයෙන් Deep Web එකට වඩා කුඩා ප්‍රදේශයක්.ඒ කියන් බොහොම අඩු වෙබ්සයිට්ස් තොගයක් තමයි තියෙන්නෙ.හැබැයි මේ හැම එකක්ම නීතිවිරෝදියි.
    Deepweb.jpg

    - - - - --------------------------------------------------
    කාරණය මේකයි.Deep Web එක හදන්නෙ ඇමරිකානු රජය විසින්.ඇමරිකානු රජයට පුවුලන් ඕනිම වෙලාවක මේ Deep Web / Dark Web කියල දේ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න.එත් කවදාවත් එහෙම කරන්නෙ නෑ.මොකද අපරාධකාරයින් වඩා, මොළේ හොදනැතිවුනු හැකර්ස්ලට වඩා Deep Web එකෙන් ප්‍රයෝජන ගන්නෙ ඇමරිකානු රජයයි.විස්තර හොය බැලුවොත් ඔයාලට බලාගන්න පුලුවන් Deep Web එක පවත්වාගෙන යන්න ඇමරිකානු රජයෙන් 80%කට වඩා හැම අවුරුද්දකම දායක වෙනවා.දැන් කාලයත් එක්ක ඇමරිකානු රජය විතරක් නෙමෙයි ලෝකේ බලයලත් ආයතන බොහෝමයක් යුධ කටයුතු වලට සහ අපරාධ කරුවන්ගේ තොරතුරු හොයාගන්නබ පාවිච්චි කරන්නෙ Deep Web එක.පුවත්පත් වා්ර්ථා කරුවන් එහෙම විශේෂයෙන් Deep Web එකේ උපරිම පුයෝජන ගන්නවා.ඒක නිසා කවදාවත් Deep Web එක නැති වෙන්නෙ නෑ.Deep Web එක නීතිවිරෝදී නෑ.හැබැයි Deep Web ගිහින් කරන දේවල් අනුව තමයි තමන් අපරාධකාරයෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.

    උපුටා ගැනීම facebook එකින්

    dark web එක ගැන ලියවුන copy paste කරපු පළමු ලිපිය

    funny-internet-animated-gif-25.gif