Deep Web & Dark Web ගැන දන්න සිංහලෙන්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,648
    6,958
    113
    United States
    1623901718326.png


    මොකක්ද මේ කියන්න යන කථාව. මේක නෙට්වර්ක් වලට අදාළද .අපොයි නෑ හැබැයි මට මතකයි මම හැකින් සම්බන්ධ පොස්ට් එකේදී මේ ගැන ඉදිරියට කතා කරනවා කියලා ඉඟියක් දුන්නා. ඇත්තටම මොකක්ද මේ කියන්නේ. සරලව මේකයි

    ඔයාලා ඉන්ටර්නෙට් එනවා, එහෙමත් නැත්නම් සප්ත මහා සාගරයක් වගේ තියෙන ඉන්ටර්නෙට් එක පීරනවා , සැරිසරනවා කියලා කියන්නේ අමුම අමු මෝඩ කථාවක් කියලා අද මම බය නැතිව ඔයාලට කියනවා. මොකද දන්නවද අපි මේ ගූගල්‍ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි, තව එකී නොකී මෙකී බහුබූත බ්‍රවුසර් වලින් ඇවිල්ලා මහ ලොකුවට හොයලා හොයලා කාලේ කාලා දමන්නේ සමස්ථ ප්‍රමාණයෙන් 1% -3% ත් අතර ප්‍රමාණයක් කිව්වොත් ඇත්තටම පිස්සු වගේ නේද? ඔව් . ඇත්තටම ඒක තමයි ඇත්තම කතාව. එතකොට කෝ අනික් 99 %- 97% ප්‍රමාණය ??? ඒක බහිරවයා ගිල්ලද?? ඒක කෝ??

    කථාව මේකයි. ඇත්තටම අපිට සැරිසරන්න පුළුවන් එහෙමත් නැතිනම් surf web එකේ ප්‍රමාණය තමයි ඉහතින් කී කුඩා ප්‍රමාණය. අනික් විශාලතම ප්‍රමාණය අයිති වෙන්නේ deep web එකට හා dark web එකට. අපි අතපත ගාන surf web එකේ ආසන්න වශයෙන් වෙඩ් අඩවි (මගේ මේ හිච්චං සයිට් එකත් ඇතුළුව) බිලියන 04ක් විතර තියෙනවලු. ඒ කියන්න 1% ක ප්‍රමාණයක් නම් හිතන්න deep & dark web වල කොච්චර ඇත්ද කියලා?? අහන්න එපා .තේරුමක් නෑ කොහෙත්ම. ඒක කාටවත් ගණනය කරන්න බැරි දෙයක් කියලා තමයි වැඩ්ඩෝ කියන්නේ. හරි මම මේ සප්ත මහා සාගරෙ ගැන කෙටියෙන් පහදන්නම් දිගටම. අහගෙන ඉන්න හරිද. මුලින්ම ඉල්ලීමක් ඉල්ලනවා දැනගත්තට කමක් නෑ ඒ පැත්තට යන්න එපා කියලා. මොකද මේ හැම මගුලින්ම ඔයාගේ අයිපී එක ට්‍රැක් වෙනවා මහත්වරුනේ. හරියට FBI එකට ගෙදර ඇඩ්‍රස් එක ලියලා තැපැල් කළා වගේ. අනිවා මාට්ටු වෙනවා ගියොත් නොදැන.අනික මේ තැන්වල අපරාධ මිසක් හොඳක් නම් නැත.

    මුලින්ම කතා කරන්නම් DEEP WEB එක ගැන. මොකද ඒක සාපේක්ෂව DARK WEB එකට වඩා විශාල නිසා.

    Deep Web එක කියලා කියන්නේ අපිට සමාන්‍ය බ්‍රවුසරයකින් බලන්න බැරි විදියට දත්ත හංගලා තියෙන සයිබර් අවකාශයකට. මතක තියාගන්න Deep Web එකේ නීති විරෝධි මෙන්න නීත්‍යානූකූල දේවලුත් තියෙනවා. හැබැයි හොරෙන් රිංගලා බලලා මාට්ටු උනොත් උස්සන් යන්නේ ඉන්ටර්පොල් එකෙන් තමයි. මොකක්ද මේ නීත්‍යානූකූල සහ නොවන කිව්වේත මම ගන්නම් උදාහරණයක්. මොකක් හරි ප්‍රසිද්ධ සමාගමක් ..උදා - SSBC Company කියලා කියමු (උදාහරණයක් විතරයි). මේ SSBC Company එකේ වෙබ් පිටුවට ඔයා ලොග් උනාම ඔයාට පෙන්නන්නේ පිටු 10 ක් පමණයි. ගූගල් හරි ෆයර්ෆොක්ස් හරි වෙන ඔන එකනින්. හරිද. හැබැයි මේ SSBC Company වෙබ් පිටුවේ ඇත්තටම පිටු 20ක් තියෙනවා. ඉතිරි පිටු 10 ඔයාලට සමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් ගිහින් බලන්න පුළුවන් පහසුකම ලබාදීලා නෑ. මොකද ඒ පිටු ටික රඳවලා තියෙන්නේ dark web එකේ නිසා. ඒ පිටු වලට access කරන්න පුළුවන් අයිතිකරුවන්ට , කොටස් හිමියන්ට හෝ වෙනත් පාර්ශව වලට වෙන්න පුළුවන්. ඔයා මේවට මොන ක්‍රමේකින් හරි access කලොත්, ඒ බව SSBC Company එකේ අය දැනගත්තොත් අන්න අර මුලින් මම කිව්ව ඉන්ටර්පෝල් අයියලා එනවා අපේ කථාවට.මම ඉහතින් පෙන්නලා තියෙන රූපේ බලන්න ආයේ සැරයක්. ඒක හරියටම හරි. හැබැයි Deep Web එකේ නිත්‍යානූකූල නොවන දේවලුත් තියෙනවා කියන එක මෙහිදී මතක් කරන්න ඔනේ. මොකද මේක ඇත්තටම සැඟවිලා තියෙන අවකාශයක් නිසා.එතකොට කොහොමද මේ කියන අවකාශයට access කරන්නේ. හරි ඒ දේවල් අන්තිමට කියන්නම්. ඇයි හදිසි???

    එතකොට Dark Web කියන්නේ??

    ඇත්තටම මේක නම් වෙන්වෙලා තියෙන්නේ අමුම අමු මොන්ගල්, පිස්සු, දරුණු, විකාර , අසහනකාරයන්ට කිව්වොත් වඩාත නිවැරදියි.විකෘති මනසවල් ඇත්තවුන් සඳහාම වෙන්උන මේ කියන Dark Web එකේ සාමාන්‍ය මිනිහෙකුට ගිහින් ගන්න වැඩක් නම් නැත. ඒක නිසා යන්නත් එපා.මතක තියාගන්න Dark Web එක ප්‍රමාණයෙන් Deep Web එකට වඩා කුඩායි සහ සැරිසරන ප්‍රමාණය අඩුයි. හැබැයි බිහිසුණු කම අතින් අන්තිම දරුණුයි Dark Web එක. දැන් අපි කතා කරමු Dark Web එකේ බිහිසුණු කම ගැන.


    1. මේ තැන මීනී මස් එහෙමත් නැතිනම් මිනිස් මස් විකුණන්න අසහන කාරයින් භාවිතා කරන ස්ථානයක්. මෙහෙම කිව්වම කුණුහරුප වගේ නේද?ගණන් ගන්න එපා. Dark Web එකේදී ඔයා මේ විදියේ ස්ටෝල් එකකට ඇතුළු උනොත් ඔයාට පුලුවන් ඒ ස්ටෝල් එකේ ඉන්න පණ සහිත තමන් කැමති මනුස්සයෙක් තමන් කැමති ආකාරයට මරණ දර්ශණය සජිවීව නරඹන්න. ඒ වගේම තමන්ගේ ලිපිනයට ඒ මස් ගෙන්නා ගැනීමටත් පහසුකම් සපයනවා එයාලා.මේක අමුම දරුණුයි. ඒකයි ඒකකින් විස්තර කරන්න පටන් ගත්තේ (Cannibalism). සමාවෙන්න


    1623901887750.png

    2. කුලියට මිනී මරණ කණ්ඩායම් සහිත අඩවි. මේතැනකට ඔයා ඇතුළත් උනොත් ඔයාට මේ කුලී ඝාතකයින්ගේ සේවාව ලබා ගැනීමට අවකාශය සැලසෙනවා. මෙයාලා අනිවා පට්ටම ඒස්පටීස්ලා මේ සබ්ජෙක්ට් එකට. ලෝකේ අනික් කෙළවරට ඕඩර් එකක් දුන්නත් පිළිවෙලට අහුනොවෙන්න ගේමක් දෙන්න මෙයා ලැස්තීයි. ඔයාලාට අවශය නම් සජිවී දර්ශණ උනත් මෙයා පිළියෙල කරලා දෙන සයිස්. ඒ කිව්වේ හැකර්ලා ,මිනීමරුවෝ ඔක්කෝම එකට සෙට් වෙලා තමයි ඉන්නේ (Hitmans)

    3.රතු කාමර. මේවායේ අමුම අමු විකාර සහිත අසහන කාරයින්ට අමානුෂිය මිනිමැරීම්, දුෂණය කිරීම්, කැපීම් කෙටීම් සහිත විඩියෝස් එහෙම (පටිගත කරපු සහ සජිවී) බලා ගන්න අවස්ථාව සැලසෙනවා. ඇත්තටම මම පටන්ගනිද්දීම කිව්වේ ඒකයි දැනගත්තට කමක් නෑ පැත්ත පලාතෙනම් යන්න එපා කියලා.(Red Room)

    තව මේ වගේ එකී නොකී මෙකී දහසකුත් දේවල් මේ කියන Dark Web එකේදී මුණගැහෙනවා. හැබැයි නීත්‍යානූකූල කිසිම දෙයක් නම් නැත.යන්නත් එපා.

    මතක තියා ගන්න Dark Web හෝ වේවා Deep Web එක හෝ වේවා මේවට ඇතුළු වෙන්න සරලව නම් බෑ. මේවට පට්ටම සිකුරිටි ස්ටෙප්ස් තියෙනවා. ඒවා ඔක්කොම positive උනොත් තමයි පුතේ ඔයාට ඇතුළුට යන්න අවකාශය ලැබෙන්නේ සරියා. තව දෙයක් මතක තියා ගන්න මේ හැම තැනකදීම ඔයාට ගෙවලා තමයි සේවාවක් ලබා ගන්න වෙන්නේ. මේවායේ කිසිම දෙයක් ෆ්‍රී නම් නැත. ඒක නිසා ඔයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් ගහලා නම් මේවායේ සල්ලි ගෙවන්න බෑ. මේ තැන් වලදී ගණුදෙණු සිද්ධ වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins)වලින් විතරමයි.මොකද අනිත් හැම ගෙවීම් ක්‍රමයක්ම track and trace කරන්න පුළුවන් නමුත් බිට් කොයින්ස් (Bit Coins)නම් ලොවෙත් ට්‍රැක් කරන්න බැරිය. ඒ නිසා අපරාධ ලෝකේ නිළ මුදල් මාධ්‍යය වෙන්නේ බිට් කොයින්ස් (Bit Coins) ම තමා.

    1623902004285.png


    හරි දැන්ම කියන්නම් කොහොමද ආසාවට හරි මේ කියන Deep Web , Dark Web වල සැරි සරන්නේ කියලා. මේකට ඔයාලට සියළු පහසුකම් සහිතව (ආරක්ෂාව, පහසුව ඇතුළු සියල්ල) සේවා සපයන්න වඩාත්ම ඉදිරියෙන් තියෙන්නේ Tor කියන වෙබ් බ්‍රවුසර් එක (Tor Browser). මෙන්න මේකෙන් යද්දී ඔයාලගේ අයීපී ඇඩ්‍රස් එක track වෙන එක වලක්වා ගැනීමට හැකියාව තියෙනවා.මම Tor බ්‍රවුසර් එක ගැනනම් ලොකුවට කියන්න යන්නේ නෑ. මොකද පනින රිලවුන්ට ඉනිමං බඳීන් හොඳ නැති නිසා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙනම බලන්න. හැබැයි පුතේ මේකේ අර chrome, firefox වගේ වචන search කරලානම් ඉහතින් කිව්ව සයිට් වලට යන්න බෑ. ලින්ක් එකම අවශ්‍ය වෙනවා හොඳේ.

    අන්තිමේ මේ ලිපියෙන් අදහස් කලේ මෙහෙමත් ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා කියලා දැනුවත් කරන්න විතරයි. වැරදිලාවත් යන්න එපා. ගියොත් විනාශයක් තමයි. ඒ අවදානමේ වගකීම තමන් සතුයි කියලා නැවත නැවතත් මතක් කරමින් අදට ගිහින් එන්නම් තව ලිපියක් අරන් ඉක්මනටම


    අදට ඉවරයි. මොනවහරි දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා. එහෙනන් තවත් article එක්කින් හම්බෙමු. 😙❤️

    CREDIT : https://cntsinhalen.blogspot.com
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට නම් මේ චැනල් එක බැලුවට පස්සෙ ආයේ නම් ඩාර්ක් වෙබ් යන්නෙ නෑ කියලා හිතුනා. හැකර්සලා මාර විදිහටනෙ අපේ ඩේටා අදින්නෙ. හැබැයි අපි virtual machine එකක් ඇතුලෙ ඕවා කරාට අවුලක් නෑ නේද?

     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය ඩාක් වෙබ් එකේ තොරතුරු පිට යන්නේ නැද්ද එතකොට? ඔය කියන වීඩියෝස් එහෙම ....ඇක්සස් කරන එකාට පුලුවන් නේද මේක ශෙයා කරන්න කොහෙට හරි 🙄
     
    • Like
    Reactions: Rankwitz

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    එලකිරියෙන් ගන්නවා බ්ලොග් එකට දානවා බ්ලොග් එකෙන් ගන්නවා ආපහු එලකිරියට දානවා.

    අන්තිමට බිට්කොයින් කියන්නෙ නරක දෙයක් කියලා කියන වා.... අන්තිමට ගමේ කඩපිලේ ඉන්න එවුන් කියනවා අම්මෝ අර සිරිපාලගේ කොල්ලා බිට්කොයින් කියන නරක ඒවායින් මේ හම්බ කරල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Voltage

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Dark Web බලන්න ඔනි නම් යන්න New Artist & Actor කැටගරියට 🥱
    බලන්න අත් වැඩ ත්රෙඩ් ටික :nerd:
     
    • Haha
    Reactions: Voltage