You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ශාක සහ ජෛව විවිධත්වයෙන් අනූන සමනල රක්ෂිතය තුළ කොටියා, අලියා, වල් ඌරා, ගෝනා, මුවා, මීමින්නා, ඉත්තෑවා සහ තවත් අවශේෂ සතුන් වර්ග මෙන්ම ජලාශ සහ උරග විශේෂ ගණනාවක් මෙහි වාසය කරයි. පක්ෂි රජදහනක් වන මෙහි වටිනාකමින් අධික ශාක බහුලඩියා වර්ග ආදී දහසකට අධික ශාක හා පැළෑටි මෙහි කාලගුණික තත්ත්වවලට අනුගත වී වර්ධනය වෙයි.
ක්රමවත්ව දැකගත හැකි අඩි මාර්ගය වූ අතර අප විශාල ගල් බිත්තියක් අතරින් වැටී තිබුණ මාර්ගය ද
මෙවර අප දැරණියගල-උඩමාලිබොඩ හරහා මහ වැසි මැද අවාරයේ සිරිපාදය කරුණා කිරීමට සැරසුණේ පරිසරයේ ස්වභාවය සහ සුන්දරත්වය වැඩිදුරටත් නැරඹීමට තිබූ ආශාව නිසාවෙනි. කොළඹ සිට දැරණියගලට පොදු ප්රවාහනයේ ගිය පසු දැරණියගල සිට උඩමාලිබොඩ බසයෙන් බසය නවත්වන ස්ථානයට යායුතුය. පසුව එතැනින් තුන්රෝද රියක හෝ පා ගමනින් ස්ථිර වශයෙන්ම ගමන පටන් ගන්නා ස්ථානයට යාමට තවත් කි.මී. 6 ක් පමණ යා යුතුය. එවිට ඔබට ශ්රී පාදයට මැයෙන් සඳහන් නාම පුවරුවක් සහිත නිවසක් අසලට ළඟාවිය හැක.
මෙතැන සිට ඔබ පිවිසෙන්නේ සමනල රක්ෂිතයටය. මෙතැන සිට කි.මී. 5 ක් පමණ ගිය පසු කළු ගඟ හමුවන අතර පසුව මාර්ගය කුරුවිට – එරත්න මාර්ගයට Quote:
සේන්දු වේ. වැඩි දුෂ්කරතාවක් සහිත මෙම මාර්ගය වන අලි ගැවසෙන කූඩැලි ගුළි පවතින මඟක් බවට ප්රචලිතය. නිවසට යාබදින් අප පන්දෙනිය ඔය හරහා ගොස් අ
නෙක් පසට පිවිසියේ චිරි චිරි පොද පටන්ගත් සැණිනි. සීතල දිය දහරාව වේගයෙන් ගලාගෙන යන අතර ක්රමයෙන් තුරුලතා අතරින් අඳුරු අහස් කුස පතිත වන්නට විය.
මෙම ගමනේදී අපට බොහෝ වෙහෙසකර වන්නේ කූඩැල්ලන් පියවරක් පියවරක් පාසා සිටීමයි. එම නිසා ඊට සුදුසු පිළියම් ලෙස ඩෙටෝල් සහ පොල්තෙල් පල් කරගත් මිශ්රණය, තලා ගත් දුම්කොළ මිශ්රණය, ඇලම් භාවිතය සහ කූඩැලි මේස් භාවිතයෙන් අපි තරමක් සන්නද්ධව සිටියෙමු. නමුත් කූඩැල්ලා යනු අපටත් නොදැනීම අපගේ පපුව මුහුණ හරහා හිසට පවා යන සතෙකු බව අපි පෙර අත්දැකීම් මගින් දැනගෙන සිටියෙමු.
පන්දෙනිය ඔය පසුකරනවාත් සමග ලේ සුවඳට මත් වූ කූඩැල්ලන් සතර අතින් අප කරා පැමිණෙන්නට වූ අතර අඩි මාර්ගය යන්තමින් අපහැදිලි වුවත් එය නිශ්චය කර ගැනීමට අපහසු නොවුණි. සෙමින් සෙමින් අප ඉදිරියට ගමන් කරන්නට වූ අතර තවමත් උදෑසන දහයටවත් නොමැති වුවද වනපෙත ගොම්මන් අඳුරක ගිලී තිබුණි. මහ ඝෝෂාවකින් හා වියරු බවකින් ගලාගෙන යන පන්දෙනිය ඔයේ ශබ්දය අතර අතු පතර මත වැටී පනින දිය බිඳු මගින් ක්රම ක්රමයෙන් අපි තෙත් වන්නට වුණෙමු.