demawupiyange waradida; samaje waradida?

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඉබ්බන් 53 ක්‌ අල්ලා 45 දෙනකු මරාදාලා
වලතාපිටියේ ළමයින් පිරිසක්‌ අත්අඩංගුවට

තිස්‌ස ගුණතිලක සහ සුසන්ත අමරබන්දු - අම්පාර

අම්පාර වලතාපිටිය වැව ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වූ ඉබ්බන් 53 දෙනෙක්‌ අල්ලා එම සතුන් මරුමුවට පත් කරමින් සිටි බාල වයස්‌කාර ළමයින් පිරිසක්‌ පෙරේදා (05 වැනිදා) සවස අම්පාර වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 9-17 ත් අතර ද්‍රවිඩ ජාතික ළමයින් පිරිසකි.

ඔවුන් අම්පාර වලතාපිටිය වැව හා ඒ ආශ්‍රිතව ජීවත් වූ කිරි ඉබ්බන් හා ගල් ඉබ්බන් 53 දෙනකු අල්ලා ඉන් 45 දෙනකු මරා දමා මස්‌ කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

වලතාපිටිය සිවන් කෝවිල් ප්‍රදේශයේ පදිංචි මෙම ළමයින් පිsරිස ඊයේ (06 වැනිදා) අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර අතිරේක මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් එම පිරිස ලබන 08 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හරින ලදී.

මෙහි ජීවිත බේරා ගැනීමට හැකි වූ අනෙක්‌ සතුන් අට දෙනා අම්පාර වලතාපිටිය වැවට මුදාහරින ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

සමන්තුරෙයි අඩවි වන ජීවී ආරක්‍ෂක ඩබ්ලිව්. ජී. කිත්සිරි මෙවන් මහතා සහ සමන්තුරෙයි සහ අම්පාර වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකළ අතර ගල්ඔය වනඋද්‍යාන භාරකාර බුද්ධික විතානගේ මහතා ළමයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.





me wayasedi mehemanam loku wunahama monawa karaida? me wade badaginnata kala wenna ba. winodeta misa. :(
 

Similar threads